Loading...
මේෂ – කතාවෙහි දක්ෂ වේ
වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේ දී කතාවෙහි දක්ෂ වෙන අතරම තමාගේ වචනයේ බලය පෙන්වීමට හැකියාව ලැබේ. සතුරු කරදර බාධා ඉස්මතු වුවද, ස්වකීය උත්සාහය හා කැපවීම තුළ ඒවා මැඩ පවත්වාගෙන ක්‍රියා කළ හැක. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් අයහපත් නොවූවද, වියදම් පක්ෂය පාලනය කර ගැනීම අසීරු වනු ඇත. ගෙදරදොර කටයුතු සාමාන්‍ය අන්දමට ඉටුකරගත හැක. තම දරුවන්ගේ කටයුතු කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. පී්‍රති උත්සවවලට සහභාගි වීමේ ඉඩක්ද මතුකරයි. සමාජයීය සහ ආගමික අංශයේ කටයුතුවලට වැඩි ලැදියාවක් පෙන්වයි. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන තරමක් ප්‍රවේශම් වන්න.
ජය වර්ණය : රතු, ජය අංකය : 09

වෘෂභ – නුවණින් ක්‍රියා කරන්න
මිල මුදල් ලැබිම අතින් එතරම් අයහපත් නොවේ. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ශුභදායක වේ. ලාභ ප්‍රයෝජන ලැබිය හැක. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේදීසතුරු කරදර බාධා ඉස්මතු විය හැකි බැවින් තරමක් කල්පනාකාරී වන්න. නුවණින් ක්‍රියා කිරීම තුළ සාර්ථක ප්‍රතිඵලයක් උදාකරගත හැක. ගෙදරදොර කටයුතු යහපත් ය. එසේද වුවත් සමගිය, සාමය ගැන තරමක් කල්පනාකාරී විය යුතුයි. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් ශුභදායකයි. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට යහපත් වේ. ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵලයක් උදාකරගත හැක. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේශම් විය යුතුයි.
ජය වර්ණ්‍ය : නිල් ජය අංකය : 06

මිථුන – ලාභ සහිතයි
වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ස්වකීය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකි අතරම ලාභ ප්‍රයෝජන සහිතයි. දියුණුව, අභිවෘද්ධිය උදාකර ගත හැක. මිල මුදල් සම්බන්ධයෙන් ශුභදායකයි. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු යහපත්ය. උසස් නිලධාරින්ගේ ආධාරයද, උපකාරය ලැබිම තුළ තමාගේ කටයුතු සාර්ථක වේ. ගෙදරදොර කටයුතු යහපත්ය. සමගිය, සාමය සුරක්ෂිත වේ. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් ශුභදායක වේ. අධ්‍යාපන අංශයේ යෙදී සිටින අයට අලුත් විෂයයන් ඉගෙනීමට අවස්ථාව සැලසේ. තරුණ තරුණියන් අතර ප්‍රේම සම්බන්ධතා වර්ධනය වේ. සමාජයීය කටයුතුවලට ශුභයි. ගමන් බිමන් අධිකයි.
ජය වර්ණය :කොළ, ජය අංකය : 05

කටක – මිශ්‍රඵලයි
ආර්ථික සහ මූල්‍යමය වශයෙන් යහපත් බවක් පෙන්නුවද ඔබට වියදම් පක්ෂය පාලනය කර ගැනීම අසීරු වේ. වියදම් පක්ෂය ඉහළ යයි. තැන්පත් ධනයට හානි වේ. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු යහපත්ය. අන්‍යයන්ගේ සහයෝගය ලැබිම තුළ තමාගේ කටයුතු සාර්ථක කරගත හැක. ගෙදරදොර කටයුතු යහපත්ය. සමගිය, සාමයට එතරම්ම බාධා එල්ල නොවේ. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵලයක් ලැබිය හැක. දරුවන්ගේ කටයුතු උදෙසා කාලයත්, ධනයත්, ශ්‍රමයත් වැය වේ. සමාජයීය කටයුතු කෙරෙහි අවධානයක් යොමු වේ. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේශම් වන්න. පාද ආශ්‍රිත රෝගාදියට ඉඩ පවතී.
ජය වර්ණය : ක්‍රීම් පාට, ජය අංකය : 07

සිංහ – ආදායම් ලැබේ
වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේදී සුළු සුළු බාධා අවහිරතා ඉස්මතු වූවත්, ඒවා මැඩපවත්වාගෙන යාමේදී ස්වකීය උත්සාහය තුළ සාර්ථක වනු ඇත. උසස් නිලධාරින්ගේ ආධාරය උපකාරය තමා වෙත ලැබේ.  ආර්ථික සහ මූල්‍යමය වශයෙන් යහපත්ය. විවිධ ක්‍ෂේත්‍රයන්ට යොමුවීම තුළ ආදායම් මාර්ග විවරණය වේ. ගෙදරදොර කටයුතු යහපත්ය. සමගිය, සාමයට එතරම් බාධා අවහිරතා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් ශුභදායක ආරංචි ලැබේ. තරුණ තරුණියෝ අතර ප්‍රේම සම්බන්ධතා වර්ධනය වේ. ආගමික කටයුතුවලින් දියුණුවට මං සෑදේ. ගුප්ත විද්‍යාවලින් වැඩ ගැනීමට බලා‍පොරොත්තුවන අයට මේ කාලයේ යහපත් ප්‍රතිඵලඋදා කරයි. දුර බැහැර ගමන් බිමන් අධිකයි.
ජය වර්ණය : රතු,  ජය අංකය : 01

කන්‍යා – සමඵලයි
වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවලදී යම් යම් ගැටලුකාරී තත්ත්වයන් උදා කළත් ස්වකීය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵලයක් ලබයි. විදේශීය සම්බන්ධතා මත කරන කටයුතු කිහිපයක් සාර්ථක කරගනී. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් ශුභදායකයි. විවිධ ක්‍ෂේත්‍ර්‍යන්ට යොමුවීම තුළ ආර්ථික වාසි ලබාගත හැක. විටෙක ආදායම් ලැබුණද වියදම් පක්ෂය අධිකයි. ගෙදරදොර කටයුතු මෙන්ම යුග සැපත සම්බන්ධ කටයුතුවලින් ද තරමක් ප්‍රවේශම් විය යුතුයි. වචන පාවිච්චයේ දී සැලකිලිමත් වන්න. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් විමසිලිමත් විය යුතුයි. තමාගේ ඉගෙනීමේ කටයුතුවලට සම්බන්ධ කටයුතු ස්වකීය උත්සාහය තුළ සාර්ථක කරගත හැක.
ජය වර්ණය : කොළ, ජය අංකය : 05

තුලා – කල්පනාකාරී වන්න
ආර්ථික සහ මූල්‍යම වශයෙන් අයහපත් නොවේ. විවිධ ක්‍ෂේත්‍රයන්ට යොමුවීම තුළ ආදායම් මාර්ග වර්ධනය කරගත හැක. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ශුභයි. වාසි ගෙන දේ. වෘත්තීය සහ ආර්ථික මෙන්ම රැකියා කටයුතු කරගෙන යාමේදීතරමක් ප්‍රවේශම් වන්න. සතුරු කරදර බාධා අවහිරතාවන්ට ඉඩ නැත්තේ ද නොවේ. ගෙදරදොර කටයුතු යහපත්ය. සමගිය, සාමයට එතරම්ම බාධා එල්ල නොවේ. කෙසේද වුවත් හවුල් කටයුතු යනාදියට බාධා අවහිරතා ගෙන දිය හැක. දරුවන්ගේ කටයුතු යහපත්ය. ශුභදායක ආරංචි ලැබේ. සමාජයීය සහ ආගමික අංශයට වැඩි නැඹුරුවක් දක්වයි. විදේශීය සම්බන්ධතා මත කරන කටයුතු යහපත්ය.
ජය වර්ණය : නිල්, ජය අංකය : 06

වෘශ්චික – ආර්ථික ලාභ
ආර්ථික සහ මූල්‍යමය වශයෙන් ශුභදායකයි. විවිධ අංශයන් තුළ ආර්ථික ලාභ ලබා ගනී. ආදායම් මාර්ග වර්ධනය වේ. වෘත්තී්‍ය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේදී සුළු සුළු බාධා, ගැටලුවලට මුහුණ පෑමේ අවස්ථා නැත්තේද නොවේ. කෙසේද වුවත් අන්‍යයන්ගේ ආධාරය, උපකාරය ලැබිම තුළ තමාගේ කටයුතු එක්තරා මට්ටමකට සාර්ථක කරගත හැක. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතු යහපත් වේ. සමගිය, සාමයට බාධා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතු වෙනුවෙන් කාලයත්, ධනයත්, ශ්‍රමයත් වැය වේ. සමාජයීය සහ ආගමික අංශයේ කටයුතුවලට හිත ඇදී යයි. අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ නියුක්ත අයට ස්වකීය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලැබේ.
ජය වර්ණය : රතු, ජය අංකය : 09

ධනු – මිශ්‍රඵලයි
වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේදී විටින් විට යම් යම් අවහිරතා ප්‍රමාදතාවන් මධ්‍යයේ ක්‍රියා කිරීමට සිදුවේ. උසස් නිලධාරින්ගේ අවධානය තමා වෙත යොමු විය හැකි නිසා තරමක් ප්‍රවේශම් සහිත වන්න. ආර්ථික සහ මූල්‍යම වශයෙන් ශුභදායක නොවේ. ඔබ බලා‍පොරොත්තු වන තරමට සාර්ථක ප්‍රතිඵලයක් උදා නොවන ඇත. ගෙදරදොර කටයුතු යහපත්ය. දරුවන්ගේ කටයුතු උදෙසා කාලයත්, ශ්‍රමයත් වැය වේ. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵලයක් ලබයි. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන තරමක් ප්‍රවේශම් විය යුතුයි. වැටීම්, තැළීම් තුවාල පීඩාදියට ඉඩ පවතී.
ජය වර්ණය : රන්වන්, ජය අංකය : 03

මකර – වාසි සහගතයි
වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු යහපත්ය. ස්වකීය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵළයක් ලබයි. අන්‍යයන්ගේ කටයුතුවලටද ආධාර කරයි. මිල මුදල් ලැබිම, ආදායම් ලැබිමඅ තින් ඉතාමත් ශුභදායකයි. විවිධ ක්‍ෂේත්‍ර්‍යන්ට යොමුවීම තුළ ආදායම් මාර්ග වර්ධනය වේ. ගුප්ත ශාස්ත්‍රීය කටයුතුවල ෙයෙදන අයට ශුභයි. ගෙදර දොර කටයුතු මෙන්ම යුග දිවිය සම්බන්ධ කටයුතු යහපත් වේ. දියුණුවක්, අභිවෘද්ධියක් ලබයි. දරුවන්ගේ වැඩකටයුතු සම්බන්ධයෙන් ශුභදායකයි. සමාජයී්‍ය සහ ආගමික අංශයේ කටයුතුවල නියුක්ත වේ. සහනයක්ද සැනසීමක්ද ලබයි. තම සෞඛ්‍යය ගැන ප්‍රවේශම් විය යුතුයි.
ජය වර්ණය : නිල්, ජය අංකය : 08

කුම්භ – දුර ගමන් යෙදේ
වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේදී දුර බැහැර ගමන් සංචාරයන්ට ඉඩ සැලසේ. තමාගේ වැඩකටයුතුවල කිසියම් ප්‍රගතියක් උදා කරනුඅ ැත. විදේශීය සම්බන්ධථා මත කරන කටයුතු යහපත්ය. ආදායම් සහ මූල්‍යමය වශයෙන් ශුභදාකයකි. විවිධ අංශයෙන් තුළ සාර්ථක ප්‍රතිඵල ලබනු ඇත. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට යහපත්ය. ගෙදර දොර කටයුතු යහපත්ය. දරුවන්ගේ කටයුතු යහපත්ය. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට ශුභයි. අලුත් විෂයයන් ඉගෙනීමට අවස්ථාව සැලසේ. ප්‍රේම සම්බන්ධතා වර්ධනය වේ. ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේශම් වන්න.
ජය වර්න්‍ය : කොළ, ජය අංකය : 06

මීන – ශුභදායකයි
ආර්ථික සහ මූල්‍යමය වශයෙන් අයහපත් නොවූවද, ඔබ බලා‍පොරොත්තු වන තරමට සාර්ථක ප්‍රතිඵල උදා නොකරයි. ආදායම් ලැබුණද වියදම් පක්ෂය ඉහළ යා හැක. මිල මුදල් සම්බන්ධ කටයුතුවලදී තරමක් කල්පනාකාරී විය යුතුය. වෘත්තීය සහ රැකියා අංශයේදී සුළු සුළු බාධා, අවහිරතා ඇති කළත් තරමක් සාර්ථක ප්‍රතිඵල ලැබිය හැක. ගෙදර දොර කටයුතු සම්න්ධයෙන්ද සැලකිලිමත් වන්න. විටෙක සමගාය, සාමයට බාධා එල්ල විය හැකි බැවිනි. දරුවන්ගේ කටයුතු උදෙසා කාලයත්, ධනයත්, ශ්‍රමයත් වැය වේ. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට ශුභදායකයි. අලුත් විෂයයන් ඉගෙනීමට ඉඩ සැලසේ.
ජය වර්ණය : රන්වන්,  ජය අංකය : 03

Loading...

2016 සැප්තැම්බර් 11 සිට 17 දක්වා සතියේ පලාපල

Post a Comment

Powered by Blogger.