Loading...
ඉර උදාව - පෙරවරු 06:01 ට
ඉර බැසීම - පස්වරු 18:12 ට
රාහු කාලය
දිවා 07:32 සිට 09:03 දක්වා.
රාත්‍රී 19:38 සිට 21:07 දක්වා.
සුභ දිශාව - නැගෙනහිර
මරු සිටින දිශාව - වයඹ

මේෂ ලග්නය

පෞරුෂයට හා කීර්තියට හානි පැමිණීමට හැකියාව තිබෙන දිනයකි. ආයෝජන කටයුතු වලට සුභ නොවේ. කැළලි සහිත තුවාල ඇති විය හැක. ස්වෝත්සාහය තුලින් දවස ජයගැනීමේ හැකියාව තිබේ.

වෘෂභ ලග්නය

මෙතෙක් තිබුනා වූ බොහෝ කරදර බාධක වලින් නිදහස ලැබේ. තැන්පත් ධනය වර්ධනය වේ. ආදරය හා විවාහය සම්බන්ධ කටයුතු වලට ඉතා සුභයි. සාර්ථකත්වයට පත් වේ.

මිථුන ලග්නය

ගණිත මිණිත ආශ්‍රිත ශාස්ත්‍ර වල නිරත අයට ඉතාමත් සුභයි. දරු පල වලට අසුභයි. උදරාශ්‍රිත රෝග වර්ධනය වේ. යාන වාහන වල ගමන් කරන අය ඉතා ප්‍රවේශම් විය යුතුය.

කටක ලග්නය

පිරිස් බලය උදා වන වාසනාවන්ත දිනයකි. අන් අයගේ සහයෝගය නිබඳවම ලැබෙනු ඇත. දේශපාලන කටයුතු වල යෙදෙන අයට ඉතා වාසනාවන්ත දිනයකි. උදරාශ්‍රිත රෝග ඇති වේ.

සිංහ ලග්නය

ඉතා යහපත් දිනයක් වේ. උත්සාහය උනන්දුව තුලින් ජයග්‍රහණ උදා කර ගත හැක. සමාජ සේවා වල නිරත වන අයට නම්බු නාම හිමි වේ. ජලාශ්‍රිත ව කරන කටයුතු වලින් ඉතා ප්‍රවේශම් විය යුතුය.

කන්‍යා ලග්නය

දැඩි පරිත්‍යාගශීලිත්වයෙන් කටයුතු කරන දිනයකි. විශ්වාසය පලුදු වීම, කලකිරීම් ඇති වීම හේතුවෙන් ඉතා උපේක්ෂා සහගතව කටයුතු කල යුතු දිනයක්. පිටකොන්ද ආශ්‍රිතව වේදනාවන් මතු විය හැක.

තුලා ලග්නය

සංචාරක ක්ෂේත්‍රයේ අයට ඉතා යහපත්. ලාභ ප්‍රයෝජන ලැබෙන වාසනාවන්ත දිනයක්. නමුත් පවුලේ සාමයට බාධා පැමිණීමට හැකියාව තිබෙන බැවින් සැලසුමකට අනුව කටයුතු කිරීම හොඳයි .

වෘශ්චික ලග්නය

සාර්ථකයි. රැකී රක්ෂා ආශ්‍රිතව තිබු කරදර බාධා ඉවත් වේ. දුර ගමන් වලින් ලාභ අත් වේ. ප්‍රිය සම්භාෂණ වලට සහභාගී වීමට ඉඩ ලැබේ. ආහාර විෂ වීම් සිදු විය හැක.

ධනු ලග්නය

වගකීම් බහුල දිනයකි. රැකී රක්ෂා ආශ්‍රිතව වගකීම් දැරිය යුතු දිනයක් වේ. ප්‍රධානීන්ගේ ආදරය, කරුණාව නිබඳවම ලැබෙන දිනයකි. කරදර දුරු වේ.

මකර ලග්නය

ඔබ සතුව ඇති වටිනා භෞතික භාණ්ඩ විනාශ වීමට ඉඩ ඇත. දුර බැහැර නෑදෑයෙකුගේ පැමිණීමක් හේතු කොටගෙන සතුට පැතිරේ. ප්‍රිය සම්භාෂණ වලට සහභාගී වීමට අවස්ථාව උදා වේ.

කුම්භ ලග්නය

ඉතා උද්යෝගිමත් ලෙස දවස ගත කරනු ඇත. ධනයෝග යෙදේ. පැරණි ණයක් සම්බන්ධයෙන් ප්‍රශ්න මතු වේ. පිය පාර්ශවයෙන් යම්කිසි ලැබීමකට හිමි කම් කියයි.

මීන ලග්නය

ඉතා සාර්ථකයි. ප්‍රභූ ඇසුර ලැබේ. ලාභ ප්‍රයෝජන සහිතව පහසුවෙන් දවසේ කටයුතු සිදු කල හැක. ගේ දොර පිළිබඳව අවධානයෙන් පසු වීම වැදගත් වේ.

Loading...

2016 සැප්තැම්බර් මස 12 වන සඳුදා - අද දවස ඔබට කොහොමද?

Post a Comment

Powered by Blogger.