Loading...
වයඹ දිග සයිබිරියාව හරහා ගලා බසින "ඉයෝවර් කොලයිමා" ගංගාව අසල වූ අයිස්‌ තට්‌ටුවල තිබී කැනේඩියානු විද්‍යාඥයන්ට පොසිල බවට පත් වූ ශාක කොටස්‌ කිහිපයක්‌ හමු විය. විද්‍යාඥයන්ගේ විපරම් ඇස නිසා ඔවුන් මේ පොසිලය සුළු කොට නොතැකූහ. ඔවුන්ගේ නිගමනයන්ට අනුව මෙම ශාකයේ වයස අවුරුදු 32, 000 ක්‌ පමණ වෙතැයි උපකල්පනය කරන ලදි. මෙම ශාක පටකය සහිත ගෙඩියේ කොටස්‌ අයිස්‌ මඟිsන් ඉතා හොඳින් සංරක්‌ෂණය වී තිබුණි.

මෙම අධ්‍යයනය මෙහෙයවනු ලැබුවේ රුසියානු විද්‍යා ඇකඩමියේ සෛල විද්‍යා ජීව අංශය මඟින්ය. අධ්‍යයනයේ ප්‍රධානී "ස්‌වෙත්ලොනා යෂිනා" සඳහන් කරන්නේ මෙම ශාක සෛලය ඔවුන්ට හමුවුණේ අඩි 125 ක්‌ පමණ ගැඹුරු පොළව අභ්‍යන්තරයේදියි. මෙම ගස්‌ බෙන හාරන ලෙහෙනුන් මෙම බෙන පිදුරුවලින් සහ ඔවුන්ගේ සමෙන් ගිලිහෙන ලෝමද පුරවා තමන්ගේ ආහාර ගබඩා කිරීමට අපුරු ගබඩාවක්‌ හදාගෙන ඇත. ශාක කොටස්‌ අවුරුදු තිස්‌ දෙදහසක්‌ පැරණි නම් මෙම බෙනයන්හි ආහාර ගබඩා කළ ලෙහෙනුන්ද සමකාලීනකයන් විදිහට උපකල්පනය කරන ලදී. ඒ අනුව මෙම ලෙහෙනුන්ද අවුරුදු තිස්‌ දෙදහසකට එපිට ජීවත්ව සිටි බව අනුමාන කිරීමට පර්යේෂකයන් පිරිසට සිදු විය.

මෙම ශාක කොටස්‌ රෝපණයෙන් ලබා ගත් වර්ගයේ silene stenophylla ශාක අදටත් සයිබිරියාවේ තිබෙන අතර පැරණි සහ දැනට තිබෙන ශාකය අතර විශාල වෙනස්‌කම් නොමැති බව සඳහන් කරන පර්යේෂිකා ස්‌වේත්ලෝනා පෙන්වා දෙන්නේ ඉතාම නම්‍යශීලි මෙම ශාකය ඕනෑම පරිසර තත්ත්වයකට ඔරොත්තු දෙන බවයි. මෙහි මල් සුදු පැහැති අතර ගෙඩි සහ ඇට හටගන්නා ශාක විශේෂයකි. මේ අන්දමේ අධ්‍යනයක්‌ කැනේඩියානු විද්‍යාඥයන් විසින් සිදු කළ අතර එහිදී විෂය වූයේ වසර 5000 ක්‌ පැරණි පැළෑටි පටක හඳුනාගෙන ඒ වෙනුවෙන් ජීවය ලබා දීමයි. අදින් වසර දහයකට පමණ පෙරාතුව චීන විද්‍යාඥයන් විසින් අවුරුදු අටදහසක්‌ පැරණි නෙළුම් ඇටයකින් පැළ ලබා ගැනීමට සමර්ථයන් වූහ.

මෙම පර්යේෂණය සමඟ ඔවුන්ට එම ප්‍රදේශයේ තිබී සත්ව පොසිල බොහොමයක්‌ හමුවිය. බයිසන් ගවයා, මැමත් , දිගු ලොම් සහිත රයිනෝසිරස්‌ සහ මුවන්ගේ ඇටසැකිළි හමුවුන අතර ඔවුන් සියලු දෙනාම අයිස්‌ යුගයට අයත් සත්වයන් වීම විශේෂයි. අයිස්‌ වැස්‌ම නිසා අවුරුදු දස දහසක්‌ පැරණි ජෛව වස්‌තුන්ට පවා නැවත ප්‍රතිනිර්මාණය ලබාදීම අපහසුවක්‌ නැති බැව් විද්‍යාඥයන් විසින් පෙන්වා දෙන ලදී. පූර්ව ඓතිහාසික යුගයේ ශාක සහ සත්ව කොටස්‌ දැනට මිහිතලයෙන් වඳවී ගොස්‌ ඇති නිසා ඔවුන් විසින් හඳුනාගත් පොසිල පාදක කර ගෙන මිහිතලයෙන් වඳවී ගිය සත්ව සහ ශාක ප්‍රජාවන් නැවත ප්‍රතිනිර්මාණය කොට මිහිතලයට දායාද කිරීම මෙම පර්යේෂකයන්ගේ බලාපොරොත්තුව බවට පත්ව ඇත. 

- දිවයින

Loading...

වයඹ දිග සයිබිරියාව හරහා ගලා බසින "ඉයෝවර් කොලයිමා" ගංගාව අසල වූ අයිස්‌ තට්‌ටුවල තිබී කැනේඩියානු විද්‍යාඥයන්ට පොසිල බවට පත් වූ ශාක කොටස්‌ කිහිපයක්‌ හමු විය. විද්‍යාඥයන්ගේ විපරම් ඇස නිසා ඔවුන් මේ පොසිලය සුළු කොට නොතැකූහ. ඔවුන්ගේ නිගමනයන්ට අනුව මෙම ශාකයේ වයස අවුරුදු 32, 000 ක්‌ පමණ වෙතැයි උපකල්පනය කරන ලදි. මෙම ශාක පටකය සහිත ගෙඩියේ කොටස්‌ අයිස්‌ මඟිsන් ඉතා හොඳින් සංරක්‌ෂණය වී තිබුණි.

Post a Comment

Powered by Blogger.