Loading...
ඉර උදාව - පෙරවරු 06:00 ට
ඉර බැසීම - පස්වරු 18:11 ට
රාහු කාලය
දිවා 12:03 සිට 13:35 දක්වා.
රාත්‍රී 00:04 සිට 01:32 දක්වා.
සුභ දිශාව - උතුර
මරු සිටින දිශාව - නිරිත

මේෂ ලග්නය

සියලු කටයුතු පහසුවෙන්ම සාර්ථක කරගැනීමට හැකියාව ලැබේ. ඔබේ දුවාදරුවන් නිසා ඔබේ කටයුතු සඳහා නව ජීවයක් හා සතුටක් ලැබේවි. උසස් අධ්‍යාපනය ලබන මේෂ ඉතාමත් සුභයි. විදේශයන් හා සම්බන්ධතා පවත්වන මේෂ ලග්න හිමියන්ට ඉතාමත යහපත්. වම් අත, වම් පාදය ආශ්‍රිත ආබාධ ඇතිවෙන්න පුළුවන්.

වෘෂභ ලග්නය

යසඉසුරු සම්පත් සාර්ථකව ලඟා කරගත හැකි සුභ දවසක්. මව් පාර්ශවයේ ඥාතීන් ගෙන් උදවු උපකාර ලැබෙන දිනයකි. හවුල් ව්‍යාපාර කටයුතු පහසුවෙන්ම සාර්ථක වේ. කොන්ද ආශ්‍රිත රෝගාබාධ වලින් පීඩා විඳීමට සිදුවේ. ඉදිකිරීම් වැනි ක්ෂේත්‍රවල කටයුතු කරන ඔබට සුබයි.

මිථුන ලග්නය

බලාපොරොත්තුවන ආකාරයෙන්ම සාර්ථක කරගත හැක. සහෝදර පාර්ශවයේ ඥාතීන්ගෙන් උදවු උපකාර ලැබේ. කරන කියන කටයුතුවලදී අන් අයගේ උදවු උපකාර පහසුවෙන්ම ලැබේ. ආහාර විෂවීම් වැනි තත්ත්ව ඇතිවෙන්න පුළුවන්. පපුව ආශ්‍රිත හා හන්දිපත් ආශ්‍රිත රෝගාබාධ හටගැනීමට හැකිය ඇත.

කටක ලග්නය

වියදම් පාර්ශ්වය බලාපොරොත්තු නොවූ ආකාරයෙන් ඉහල යා හැකියි. දුවා දරුවන්ගේ කටයුතු වලට වඩා වැඩි කාලයක් යෙදෙවීමට සිදුවේ. අධ්‍යාපනික කටයුතු වලට යහපත් නොවේ. රැකී රක්ෂා වෙලදාම් කටයුතු වල ඉහල ජයග්‍රහණ අත්වෙන දවසකි.

සිංහ ලග්නය

ඔබගේ සතුරු බලවේග සියල්ල දුරු වී යන දිනයක් ලෙසින් අද දිනය හඳුන්වන්නට හැකියි. ආර්ථික කටයුතු වලදී වෙනදාට වඩා වැඩි ජවයකින් යුතුව කටයුතු කරන ආකාරයක් දක්නට ලැබෙනවා. හදිසි ධනලාභ තත්වයක් ඇති වීමට ඉඩකඩ තිබෙන විශේෂ දිනයකි.

කන්‍යා ලග්නය

ඔබගේ බොහෝ කටයුතු පෙර පිනෙන් සාර්ථක වන ආකාරයක් දක්නට ලැබෙනවා. අධ්‍යාපනික කටයුතු වලනම් අද දිනයේදී ජවසම්පන්න වෙනසක් අපේක්ෂා කරන්නට හැකියාව පවතිනවා. පාද ආශ්‍රිත රෝගාබාධ වලින් දවසේ කටයුතු වලට බාධාවන් ඇතිවේ.

තුලා ලග්නය

ඔබගේ ගෘහාශ්‍රිත කටයුතු වල අලුත් වෙනසක් අපේක්ෂා කරන්නට හැකියාව පවතිනවා. යානවාහන මිලට ගැනීමටත් අලුත්වැඩියා කටයුත්තක් සිදු කිරීමටත් අද දිනය ඉතාමත්ම යහපත්. වැටීම්, තැලීම් ආදිය සිදු වීමේ හැකියාවක් පවතින බව කිව හැකියි.

වෘශ්චික ලග්නය

ඔබ ගැන ඔබට පවතින දැඩි විශ්වාසය හේතුවෙන් කටයුතු කල් දැමීමේ ස්වභාවයක් දක්නට ලැබෙනවා. ව්‍යාපාරික ක්ෂේත්‍ර වල කටයුතු කරන උදවියටනම් අද දිනයේදී ඉතාමත්ම වාසනාවන්ත තත්වයක් උදා කරවනවා. වෘත්තියන් වල නිරත වන උදවිය තම ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වන්න.

ධනු ලග්නය

අනවශ්‍ය වියදම් පාර්ශවය තරමක් වැඩි වන ආකාරයක් දක්නට ලැබෙනවා. ඔබගේ ගෘහ ජීවිතය ආශ්‍රිත කටයුතුත් ප්‍රේමනීය කටයුතු වලත් අලුත් දියුණුවක් අපේක්ෂා කරන්නට හැකියාව පවතිනවා. යම් ආකාරයක මත ගැටුම් හේතුවෙන් සවස් වරුවේ සුළු සුළු චිත්ත පිඩා ඇති විය හැක.

මකර ලග්නය

ඔබට වඩා උගත් උසස් පුද්ගලයින් සමග කටයුතු කිරීමේදී වචන භාවිතා කිරීමේදී තරමක් සැලකිලිමත් වන්න. නම්‍යශීලි ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නට සිතට ගන්න. ඔබ මහජනතාව සමග ගැටෙන වෘත්තියක නිරත වනවානම් තරමක් කාර්යබහුල දිනයක් වේවි.

කුම්භ ලග්නය

ඔබට පැවරෙන සෑම රාජකාරියක්ම නිවැරදි ආකාරයට සිදු කිරීමට සිතට ගැනීම ඉතාමත්මවැදගත්. නොඑසේනම් අද දිනයේදී ඔබට අනිවාර්යෙන්ම සවස් වරුවේ අවලාද අපහාස ආදියට මුහුණ දීමට හැකියාව පවතිනවා. ගෘහ ජීවිතය ආශ්‍රිතව සුළු සුළු මතභේද ඇති වේවි.

මීන ලග්නය

ඔබට ජලාශ්‍රිත කටයුතුද, ධිවර කටයුතු වලින් ද ඔබට වාසි සහගත තත්වයක් අද දිනයේදී උදා වනු ඇත. නමුත් අද දිනයේදී ඖෂධ මිලදී ගැනීම් වැනි කටයුතු වලදී සහ ඖෂධ භාවිතා කිරීම් වලදී තරමක් සැලකිලිමත් විය යුතුයි. ඖෂධ විෂ වීම් ආදිය ඇති විය හැකියි අද දිනයේදී.

Loading...

2016 සැප්තැම්බර් මස 14 වන බදාදා - අද දවස ඔබට කොහොමද?

Post a Comment

Powered by Blogger.