Loading...

ඉර උදාව - පෙරවරු 06:08 ට
ඉර බැසීම - පස්වරු 17:53 ට
රාහු කාලය
දිවා 09:06 සිට 10:34 දක්වා.
රාත්‍රී 20:57 සිට 22:29 දක්වා.
සුභ දිශාව - දකුණ
මරු සිටින දිශාව - නැගෙනහිර

මේෂ ලග්නය

අද දිනයේදී මේෂ ලග්න හිමියන්ගේ ගැටලුකාරී, පීඩාකාරී තත්වයන් යම් ආකාරයකින් උත්සන්න වන ආකාරයක් දක්නට ලැබෙනවා. එමනිසා කිසිදු කටයුත්තක් පිළිබඳව සැහැල්ලු මානසිකත්වයකින් සිතන්නට එපා. වගකීමෙන් කැපවීමෙන් කටයුතු කල යුතු දිනයකි.

වෘෂභ ලග්නය

ඔබට මෙතෙක් කල් පැවති බාධාකාරී, කරදර කාරී තත්වයන් පැවතුනානම් එවැනි තත්වයන් මගහැරවාගැනීමට හැකියාව ලැබෙනු ඇත. තමන්ගේ ප්‍රේමය ආලය ආදී කටයුතු පිළිබඳව වැඩිහිටි ආදීන්ට දැනුම් දෙන්නට අද දිනය ඉතාමත්ම වැදගත්.

මිථුන ලග්නය

අධ්‍යාපනික කඩයිම් ආශ්‍රිතව යම්කිසි කටයුත්තකට සහභාගී වන්නට බලාපොරොත්තු වන මිථුන ලග්න හිමියන්ට අද දිනයේදී එවැනි කටයුතු සාර්ථකව නිම කරගැනීමට හැකියාව ඇත. අද දිනය දක්ෂතා පෙරදැරි කරගත් ඔබට සුවිශේෂියි.

කටක ලග්නය

ඔබ කාලයක් තිස්සේ ඉඩකඩම්, යානවාහන කටයුතු ආශ්‍රිතව පීඩාකාරී තත්වයන් වලින් පිඩා වින්දානම් එවැනි බාධා දුරු කරගැනීමට ඔබට හැකියාව ලැබෙනු ඇත. අසල්වාසීන් සමග ඔබට තිබු නොහොඳ නෝක්කාඩු දුරු වී සාර්ථකත්වය උදා වේ.

සිංහ ලග්නය

ඔබ වෘත්තීයක නිරත වන අයෙකුනම් අද දවසේ උසස් අය සමග කතාබහේදී මදක් කල්පනාකාරී වීම ඉතාමත්ම වැදගත්. බොහෝ විට අස්ථාන චෝදනා වලට ලක් වීමේ ඉඩකඩක් පවතිනවා. එම නිසා සැලකිලිමත්ව කටයුතු කිරීම ඉතාමත්ම වැදගත්.

කන්‍යා ලග්නය

ඔබ ලේඛන කලාවට දක්ෂ අයෙකුනම් අද දවසේ ආරම්භ කරන නව නිර්මාණ වලට වැඩි රසික ආකර්ෂණයක් ලබාගැනීමට හැකියාව පවතිනවා. ඔබව අගය කරන ප්‍රමාණය අද දිනයේදී වැඩි වනු ඇත. අද දිනය ඔබට ඉතාමත්ම ශුභ ග්‍රහ පිහිටීමකි.

තුලා ලග්නය

අද දවසේ විශේෂයෙන්ම ඔබ මනස මෙහෙයවා සිදු කරන කටයුතු වලින් වැඩි සාර්ථකත්වයක් උදා කරගනු ඇත. නමුත් අද දිනයේදී ඔබට අස්ථානගත චෝදනාවක් උදා වනු ඇත. සවස් භාගයේදී අවිනිශ්චිත සිතුවිලි සමුදායක් උදපත් කරනු ඇත.

වෘශ්චික ලග්නය

අද දිනයේදී ඔබ මැනවින් කැපී පෙනෙන දිනයක් ලෙසින් හඳුන්වන්නට හැකියාවක් පවතිනවා. කායික ශක්තිය ඉතාමත්ම හොඳින් පවත්වාගැනීමට හැකියාව ලැබේවි. මැණික් ආශ්රිත කර්මාන්ත වල නිරත වන උදවියටද අද දිනය ඉතාමත්ම යහපත්.

ධනු ලග්නය

ඔබ පසුගිය කාලයේදී රැකියාවක් සොයමින් පසුවුවානම් ඔබට රැකියාවක් සොයාගැනීමට හැකියාවක් ලැබෙනු ඇත. පසුගිය කාලය තුල දැඩි මානසික පිඩනයකින් සිටි ධනු ලග්න හිමියන්ට ඉතාමත්ම යහපත් සිතිවිලි උදාපත් වනු ඇත.

මකර ලග්නය

ඔබට විශේෂයෙන්ම නවතාවයකින් යුතුව කටයුතු ආරම්භ කරනට හැකියාවක් පවතින දිනයක් ලෙසින් අද දිනය හඳුන්වන්නට හැකියාවක් පවතිනවා. ඔබ අතගසන සෑම කටයුත්තකම සාර්ථක වන ග්‍රහ රටාවකි උදා වී ඇත්තේ.

කුම්භ ලග්නය

ඔබට අද දිනය ඉතාමත්ම යහපත් බව කිව යුතුයි. පසුගිය දින කිහිපය තුල තිබුනාවූ කරදර බාධා පහසුවෙන් මගහැරවාගනිමට හැකියාව පවතිනවා. රැකි රක්ෂා කටයුතු ආශ්‍රිතව තිබුනාවූ බාධා අද පටන් නිරාකරණය වනු ඇත.

මීන ලග්නය

අද දිනය මීන ලග්න හිමියන්ට ඉතාමත්ම යහපත් දිනයක් බවට පත් වනු ඇත. අන්සතු වස්තුන් වල හිමිකාරිත්වය අද දිනයේදී ඔබට ලැබෙනු ඇත. ලොතරැයි වාසනාවක් උරගා බැලීමට අද දිනය ඉතාමත්ම යහපත්. ඔබට අද දිනය සාර්ථක දිනයකි.

Loading...

2016 දෙසැම්බර් මස 03 වන සෙනසුරාදා - අද දවස ඔබට කොහොමද?

Post a Comment

Powered by Blogger.