Loading...
ඉර උදාව - පෙරවරු 06:02 ට
ඉර බැසීම - පස්වරු 18:14 ට
රාහු කාලය
දිවා 10:34 සිට 12:05 දක්වා.
රාත්‍රී 22:37 සිට 00:05 දක්වා.
සුභ දිශාව - උතුර
මරු සිටින දිශාව - ගිණිකොන

මේෂ ලග්නය

අද දිනයේදී ඉක්මන් තීන්දු තීරණ ගැනීමෙන් වැළකීම ඉතාමත්ම වැදගත්. හදිසි තීන්දු තීරණ, හදිසි කටයුතු ඔබට අවාසිදායක තත්වයක පවතිනවා. ඒ නිසා විශේෂයෙන්ම තමන් කරන කියන කටයුතු පිළිබඳව වඩාත් සැලකිලිමත්ව කටයුතු කල යුතුයි. අධ්‍යාපන කටයුතු වල නිරත වන උදවියට කුසිත ගතිගුණ ඇති වේ.

වෘෂභ ලග්නය

ඔබගේ මංගල කටයුතු වලට යම් යම් බාධා කරදර පැවතුනානම් එම කටයුතු සාර්ථක කරගැනීමට ඔබට අවස්තාව උදා වනු ඇත. අද දවසේ කටයුතු ජයග්‍රහණය කරගැනීමට ඉතාමත්ම යහපත් ග්‍රහ තත්වයකි උදා වී පවතින්නේ. රුචක නමැති පංචමහා පුරුශයෝගයක් උදා වී තිබීම යහපත්.

මිථුන ලග්නය

අද දිනයේදී ඔබ ඇසුරු කරන්නාවූ පිරිස් වෙනුවෙන් කාලය, ශ්‍රමය වැය කිරීමට ඔබට සිදු වනු ඇත. සමිපතමයින්ගේ අසනීප තත්වයන් හේතුවෙන් ඔබට යම් පසුතැවීමක් ඇති වීමට හැකියාවක් පවතිනවා. උදෑසන සිටම නිසි සැලසුමකට අනුව කටයුතු කරන්නට අමතක කරන්නට එපා.

කටක ලග්නය

ඔබට පසු ගිය කාලයේදී පැවති කරදර බාධා ආදිය දුරු වී යන ස්වාභාවයක් දක්නට ලැබෙනවා. අධ්‍යාපන කටයුතු වල නිරත වන උදවියට අද දිනය ඉතාමත්ම යහපත්. රැවටීම් මුලාවේ වැටීම් වලට ලක් වීමට හැකියාව පවතිනවා. එම නිසා සැලකිලිමත් වීම ඉතාමත්ම වැදගත්.

සිංහ ලග්නය

සිංහ ලග්න හිමි ඔබ අද දිනයේදී සිංහ සෙයියාවෙන් යුතුව කටයුතු කිරීම ඉතාමත්ම වැදගත් බව මතක් කල යුතුයි. පවුලේ උදවියත් සමග සාමය සමගිය සහජීවනය ආරක්ෂා කරගන්නා තරමට ඔබට අද දිනයේ සාර්ථකත්වය උදා කරගැනීමට හැකියාව ලැබේවි.

කන්‍යා ලග්නය

අද දිනයේදී ඔබ විදේශ ගමනක් පිළිබඳව බලාපොරොත්තුවෙන් සිටියානම් සහ තමන්ගේ අනාගත යම් කටයුත්තක් හේතුවෙන් තවත් අයෙකුගේ උපකාරයක් බලාපොරොත්තු වූවානම් ඉතාමත් හොඳින් එම කටයුතු සිදු කරගැනීමට ඔබට හැකියාව උදා වේවි.

තුලා ලග්නය

අද දිනය ඔබට විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතු දිනයකි. අද දිනයේදී තමා සන්තකයේ තිබු කටයුතු අන් සතු වීමට යම් හැකියාවක් පවතිනවා. එරාෂ්ඨක තත්වයේත් අති ප්‍රභලතම දිනයක් ලෙසින් අද දිනය හඳුන්වන්නට පුළුවන්. දෙවරක් සිතා කටයුතු කරන්න.

වෘශ්චික ලග්නය

අද දිනය්දී සිතුවිලි ධාරාවේ යම් යම් බාධාකාරී තත්වයන් උදා වන්නට හැකියාව පවතිනවා. අන් අය කෙරෙහි උවමනාවට එහා ගිය සැකයක් ජනිත වීම හේතුකොටගෙන සමීපතමයින් දුරස් වන්නට ඉඩ ඇත. විඳීම් වලින් තරමක් දුරස් වේ.

ධනු ලග්නය

අද දිනය ඔබට උදා වන්නේ භද්‍රා නමැති පංචමහා පුරුශයෝගයකින් විශේෂත්වයක්. අද දිනයේදී ඔබ අනවශ්‍ය පොරොන්දු දීමෙන් වැලකීම ඉතාමත්ම වැදගත්. ඔබ විසින් දෙනු ලබන පොරොන්දු ඉටු කිරීමට නොහැකි වීම හේතුවෙන් අපේක්ෂා භංගත්වයට පත්වීමට හැක.

මකර ලග්නය

විශේෂයෙන්ම අද දිනයේදී ඔබ අනුවනකම් බව දැනගෙන සිදු කරනු ලබන අනුවනකම් හේතුකොටගෙන අද දිනයේ රාත්‍රී කාලයේදී විවිධ පසුතැවීම් වලට ලක්වීමට හැක. සැලකිලිමත් වීම සහ සැලසුම්සහගත වීම ඉතාමත්ම වැදගත්.

කුම්භ ලග්නය

රැකි රක්ෂා වෙළෙඳ ව්‍යාපාර ආදිය පිළිබඳව තීන්දු තීරණ ගැනීමේදී කුම්භ ලග්න හිමියන් වැඩි ප්‍රවේශමින් කටයුතු කල යුතුයි. රැකි රක්ෂා ආශ්‍රිතව වෙනස්කම් කරන්නට තිබෙනවානම් තව දින කිහිපයකට ඔබ එවැනි කටයුතු මගහැරවාගැනීම යහපත්.

මීන ලග්නය

අද දිනයේදී ඔබට පංචමහා පුරුශයෝගයක් මෙන්ම රාජයෝගයක්ද උදා වී පවතිනවා. විවාහාදී කටයුතු ප්‍රමාද වුවන්ට අද දිනයේදී යහපත් මන්ගලයෝජනා උදා වනු ඇත. නොදන්නා අය සමග කටයුතු කිරීමේදී සැලකිලිමත් වීම ඉතාමත්ම වැදගත්.

Loading...

2016 සැප්තැම්බර් මස 09 වන සිකුරාදා - අද දවස ඔබට කොහොමද?

Post a Comment

Powered by Blogger.