Loading...
ඉර උදාව - පෙරවරු 06:02 ට
ඉර බැසීම - පස්වරු 18:15 ට
රාහු කාලය
දිවා 13:37 සිට 15:09 දක්වා.
රාත්‍රී 01:35 සිට 03:03 දක්වා.
සුභ දිශාව - උතුර
මරු සිටින දිශාව - දකුණ

මේෂ ලග්නය

අද දිනයේදී ඔබ වඩාත් කල්පනාකාරීව කටයුතු කල යුතුයි. ලෞකික කටයුතු වලට වඩා ලෝකෝත්තර කටයුතු වලට වැඩි අවධානයක් යොමු කල යුතුයි. රහසිගත රෝග තත්වයන් පවතිනවානම් එවැනි තත්වයන්ගෙන් ද දැඩි පීඩාකාරී ස්වභාවයක් ද ඇති විය හැකියි. සැලසුම්සහගත වීම ඉතාමත්ම වැදගත්.

වෘෂභ ලග්නය

අද දිනය ඔබට උදා වන්නේ රුචක නමැති පංචමහා පුරුශයෝගයක්ද උදා කරවමින්. තරමක් කල්පනාකාරීව කටයුතු කිරීම ඉතාමත්ම වැදගත්. අද දිනයේදී ඔබට ඇති වන බොහෝ ගැටළු වලට විසඳුම ඉවසීම ය. සාර්ථකව ප්‍රශ්න වලට මුහුණ දීම තුල ඔබට ජයග්‍රහණ උදා කරගත හැක. අධික ගමන් බිමන් උදා වේවි.

මිථුන ලග්නය

අද දිනයේදී ඔබට උපේන්ද්‍ර නමැති යෝගයක් උදා කර පවතිනවා. විෂය බාහිර ක්‍රියාකාරකම් සිදු කරන උදවියට ඉතාමත්ම පහසුවෙන් එම කටයුතු සාර්ථක කරගැනීමට හැකියාව ලැබෙනු ඇත. අධ්‍යාපන කටයුතු වලටනම් එතරම් වාසනාවන්ත තත්වයක් උදා නොකරනු ඇත. පාද රෝග ඇති වේ.

කටක ලග්නය

අද දිනයේ ඔබට තරමක් ශුභ ඵල අඩු කරන බවක් පෙන්නුම් කරවනවා. තරග විභාග වලටනම් අද දිනය එතරම් යහපත් දිනයක් නොවෙයි උදා වී පවතින්නේ. වචන භාවිතා කරන වෘත්තීන් වල නිරත වන උදවියට අද දිනය ඉතාමත්ම යහපත් වනු ඇත. බහුතර පිරිසක් ආශ්‍රය කරනට අවස්තාව උදා වනු ඇත.

සිංහ ලග්නය

අද දිනය ඔබට උදා වන්නේ රුචක නමැති පංචමහා පුරුශයෝගයක් උදා කරවමින්. ගෘහාශ්‍රිත කටයුතු වලදී ඔබ බොහෝ සේ කාර්යබහුල වන ආකාරයක් පෙන්නුම් කරවනවා. එමෙන්ම වටිනා භාණ්ඩ විනාශ වී යාමට හැකියි. සැලකිලිමත්ව කටයුතු කිරීම වැදගත්. මවුදෙමවුපියන් සමග ගරු කටයුතු ලෙස කටයුතු කිරීම වැදගත්.

කන්‍යා ලග්නය

අසල්වාසීන් සමග කරනු ලබන ගනුදෙනුකිරීම් වලදී ඔබ අනිවාර්යෙන්ම සැලකිලිමත් විය යුතුයි. කපටි සිතින් යුතුව කටයුතු කිරීමට ඔබ අද දිනයේදී සිතයි. ඉවසීමෙන් කටයුතු කල යුතුයි. නොඑසේනම් ඔබට බාධාකාරී තත්වයන්ට මුහුණදීමට හැකියාව පවතිනවා. පාද ආශ්‍රිත රෝග ඇති වීමට හැක.

තුලා ලග්නය

විදුරවී සහ තවත් යෝගයන් රැසක් උදාකරව්මින්. එමෙන්ම විවිධ බාධාකාරී තත්වයන් තීව්ර කරවන තදබල ඒරාෂ්ඨක තත්වයක්ද උදා කරවමින්. එමනිසා ඔබ සිදු කරන සෑම කටයුත්තකදීම ආරක්ෂාකාරී පිලිවෙතක් අනුගමනය කිරීම ඉතාමත්ම වැදගත්. අනවශ්‍ය බාධාවන් ඇති විය හැක.

වෘශ්චික ලග්නය

අද දිනයේදී ඔබ රථවාහන භාවිතාවේදී වඩාත් ප්‍රවේශම් විය යුතුයි. තදබල කාර්යබහුල ස්වභාවයක් ඇති වනවා. රැකි රක්ෂා කටයුතු වලදී අනවශ්‍ය වගකීම් ප්‍රමාණයක් ඇති වනු ඇත. ඔබේ දැඩි ආත්ම විශ්වාසය හේතුකොටගෙන වැඩ කල්දමන ආකාරයක් පෙන්නුම් කරවනවා. උසස් නිලධාරීන්ගෙන් චෝදනා ඇති වේ.

ධනු ලග්නය

අද දිනය ඔබට උදා වී පවතින්නේ තරමක් අශුභ පෙරනිමිති ද සමගයි. අද දිනය අලුත් අත්හදා බැලීම් සඳහා එතරම් යහපත් දිනයක් නොවන බවත් සඳහන් කල යුතුයි. ජලාශ්‍රිත පරිසර වලදී මෙන්ම තෙත් සහිත පරිසරයන්හි ගැවසීමේදී ඉතාමත්ම ආරක්ෂාකාරී විය යුතුයි. යානවාහන ආශ්‍රිතවද යම් යම් දෝෂසහගත තත්ත්ව ඇති විය හැක.

මකර ලග්නය

මකර ලග්නයෙන් උපන් ඔබගේ ව්‍යාපාරික ක්ෂේත්‍ර වල වඩා වැඩි දියුණුවක් අපේක්ෂා කරන්නට අද දිනයේදී හැකියාව පවතිනවා. වෙනදාට වඩා සියුම් ඥාන ශක්තියකින් කටයුතු කල යුතුයි. නොඑසේනම් අතපසුවීම් වැනි තත්වයන් ඇති වීමේ ඉඩකඩක් පවතිනවා. අඩමානයට කරන කටයුතු අවාසිදායකයි.

කුම්භ ලග්නය

අද දිනය තුල ඔබට කාර්යබහුලතාවය නිසා ගෘහාශ්‍රිත කටයුතු වල යම් අතපසුවීමක් ඇති වන්නට පුළුවන්. මානව සම්පත් කළමනාකරණය, පිරිස් කළමනාකරණය වැනි කටයුතු වල නිරතව සිටින කුම්භ ලග්න හිමියන් තරමක් කල්පනාකාරීව කටයුතු කිරීම වැදගත්. සැලසුම්සහගත වන්න.

මීන ලග්නය

දෛනික කටයුතු වල අද දවසේ යම් යම් වෙනස්කම් රාශියක් ඇති වීමට හැකියාවක් පවතිනවා. මගතොට හදිසි මිතුරු සම්බන්ධතා පවා ඇති වීමේ හැකියාවක් පවතිනවා. එවැනි අයගෙන් අනාගතයේදී ඔබට උදවු උපකාර ලබාගැනීමට හැකියාව පවතිනවා. ව්‍යාපාරික අදහස් ඇති වේ.

Loading...

2016 සැප්තැම්බර් මස 08 වන බ්‍රහස්පතින්දා - අද දවස ඔබට කොහොමද?

Post a Comment

Powered by Blogger.