Loading...
ඉර උදාව - පෙරවරු 06:02 ට
ඉර බැසීම - පස්වරු 18:16 ට
රාහු කාලය
දිවා 12:06 සිට 13:38 දක්වා.
රාත්‍රී 00:07 සිට 01:35 දක්වා.
සුභ දිශාව - උතුර
මරු සිටින දිශාව - නිරිත

මේෂ ලග්නය

අද දවසේ ඔබ ඥාතින් සහ අසල්වාසීන් සමග කටයුතු කිරීමේදී තරමක් සැලකිලිමත් විය යුතුයි. ගොලුවෙකුගේ චරිතය මෙන්ම අන්ධයෙකුගේ චරිතයද අද දිනයේදී ඔබට රඟපාන්නට සිදු වනු ඇත. බොහෝ විට අන් අය අගය කරන්නාවූ යහපත් දේවල් අගය නොකරනු ඇත.

වෘෂභ ලග්නය

වෙනදට වඩා දැනුම මිනුම හැකියාවන් පෙරදැරි කරගෙන කරනු ලබන කටයුතු සාර්ථක වන දිනයක් ලෙසින් හඳුන්වන්නට පුළුවන්. ගැඹුරු ශිල්ප ශාස්ත්‍ර ඉගෙනීමට අද දිනයේදී ඔබට හැකියාව ලැබෙනු ඇත. මාධ්‍ය ක්ෂේත්‍රයේ උදවියට ඉතාමත්ම යහපත් වේ.

මිථුන ලග්නය

ඔබට අද දිනය උදා වන්නේ භද්‍රා නමැති පංචමහා පුරුශයෝගයක් උදා කරවමින්. ගේ දොර ආශ්‍රිත දියුණුවත් ඔබට අද දිනයේදී ඇති කරවනු ඇත. ඔබට දරු සම්පත්තීන් පිළිබඳව බලාපොරොත්තු සඵල වන දිනයකි. දුවා දරුවන් නිසා සතුටට පත් වේ.

කටක ලග්නය

අද දිනයේදී ඔබ ලබාගන්නා බෙහෙත් ද්‍රව්‍ය පිළිබඳව සැලකිලිමත්ව කටයුතු කල යුතුයි. ආහාර අපත්‍ය වීම් සහ බෙහෙත් ද්‍රව්‍ය විෂ වීම් වැනි තත්වයන් ඇති වීමට ඉඩකඩ ඇත. උදෑසන කාලයේදී ඔබගේ කටයුතු නිම කිරීම ඉතාමත්ම වැදගත්.

සිංහ ලග්නය

විදේශගත ශිෂ්‍යත්ව පිළිබඳව බලාපොරොත්තුවෙන් සිටින සිංහ ලග්න හිමියන්ට අද දිනය ඉතාමත්ම වැදගත්. එමෙන්ම අද දිනයේදී රුචක නමැති යෝගයක් උදා කරවමින් ඔබට යහපත් තත්වයක් උදා කරවනවා. උරහිස් ආබාධතා වලට ලක් වීමේ හැකියාව ඇත.

කන්‍යා ලග්නය

ඔබ අද දිනයේදී කරන කියන කටයුතු මෙන්ම කරන්නට බලාපොරොත්තු වන කටයුතුද සාර්ථක වනු ඇත. දැනුම මිනුම හැකියා දක්ෂතාවයන්ගෙන් සිදු කරන කටයුතු ඉහල දක්ෂතාවයන්ගෙන් යුතුව සිදු කරන්නට හැකියාව ඔබට ලැබෙනු ඇත.

තුලා ලග්නය

උදෑසන කාලයේදී තරමක් ඔබට බාධාකාරී තත්වයක් ඇති කිරීමට හැකියාව පවතිනවා. උදෑසන සිටම බුද්ධිමත් බව පෙරදැරි කරගෙන කටයුතු කිරීම ඉතාමත්ම වැදගත්. දවසකට දෙකකට ඔබගේ ගනුදෙනු කල් දැමීම ඉතාමත්ම වැදගත්.

වෘශ්චික ලග්නය

උදෑසන කාලයේ කටයුතු ඔබට ඉතාමත්ම සාර්ථක අන්දමින් ඉටු කරගැනීමට හැකියාව ඇත. සවස් කාලයේදී යම් යම් බාධාවන් ඇති වීමට හැකියාව පවතිනවා. ගින්දර ආශ්‍රිත විපත් බහුල කරවන බැවින් ඉතාමත්ම වැදගත්.

ධනු ලග්නය

භද්‍රා නැමති පංචමහා පුරුශයෝගයක් ධනු ලග්න හිමියන්ට උදා කර පවතිනවා. අද දවසෙත් රැකි රක්ෂා ආශ්‍රිත අර්බුධකාරී තත්වයන් ඇති වීමට හැකියාව පවතිනවා. පසුගිය දින කිහිපය තුල ප්‍රධානින් සමග තිබු නොහොඳ නෝක්කාඩු තත්වයන් දුරු වේ.

මකර ලග්නය

ඔබට අද දිනයේදී ධර්ම කර්නාධිපති නමැති මහා බලගතු යෝගයක් උදා වී පවතිනවා. ඔබ කරන කියන කටයුතු වල සාර්ථකත්වය ඇති කිරීමට ඉඩකඩ පවතිනවා. රැවටීම්, මුලාවේ වැටීම් සිදු විය හැක. සැලසුම්සහගත වීම වැදගත්.

කුම්භ ලග්නය

විශේෂයෙන් අද දිනයේදී කුම්භ ලග්න හිමියන්ගේ වචන භාවිතය හේතුකොටගෙන ඔබට යම් යම් පීඩාකාරී තත්වයන් ඇති කිරීමට හැකියාව පවතිනවා. මතගැටුම් ඇති වීමටද ඉඩකඩ පවතිනවා. තරමක් උපේක්ෂා සහගත වීම ඉතාමත් වැදගත්.

මීන ලග්නය

ඔබගේ සහකරුවාගේ, සහකාරියගේ දක්ෂතා හැකියා හේතුවෙන් සතුටු වීමේ හැකියාව අද දිනයේදී ඔබට පවතිනවා. වෙළෙඳ ව්‍යාපාර, ගෘහාශ්‍රිත දියුණුවට ඔබට අවස්තාව පවතිනවා. විවාහාදී කටයුතු වල දියුණුව ඇති කරවන දිනයකි අද දිනය.

Loading...

2016 සැප්තැම්බර් මස 07 වන බදාදා - අද දවස ඔබට කොහොමද?

Post a Comment

Powered by Blogger.