Loading...
මේෂ – ලාභ ප්‍රයෝජන අඩු කාලයකි

වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේදී අවහිරතා බාධා එල්ල විය හැකි බැවින් තරමක් ප්‍රවේශම් විය යුතුයි. සිටි තැනින් සිත්තැවුල් ඇතිවීමේ ඉඩක්ද පවතී. මිල මුදල් සම්බන්ධයෙන් ලාභ ප්‍රයෝජන තරමක් අඩු කාලයක් වේ. ආදායම් ලැබුණද වියදම් අධිකයි. ගෙදරදොර කටයුතුවලදී තරමක් කල්පනාකාරී වන්න. ස්ථානගත වෙනස්කම් යනාදියට ඉඩ පවතී දරුවන්ගේ කටයුතු යහපත්ය. ඔවුන්ගේ දියුණුවක් අභිවෘද්ධියක් ලබාගනු ඇත. සතුරු කරදර බාධා එල්ල විය හැකි බැවින් තරමක් විමසිලිමත්වද බුද්ධිමත්වද ක්‍රියා කළ යුතුයි. විටෙක ඉන්ද්‍රියන් පිනවීමට හේතුවන දේ වලින් ඈත්වී කටයුතු කරයි.

ජය වර්ණය: රතු  ජය අංකය: 09

වෘෂභ – බාධා මැද දියුණුව

වැඩකටයුතු සිද්ධ වූවත් තරමක් කල්පනාකාරී විය යුතුයි. වෘත්තීය සහ රැකියා ක්ෂේත්‍රයේදී බාධා මැද දියුණුවක් ලබයි. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට කිසියම් මට්ටමක ලාභ ප්‍රයෝජනයන් ලබයි. ආදායම් ලැබිම අතින් යහපත්ය. විවිධ ක්ෂේත්‍රයන්ට යෙදී සිටින අයට ශුභදායකයි. බාධා මධ්‍යයේ වුවද කිසියම් දියුණුවක් උදාකරයි. ගෙදරදොර කටයුතු යහපත්ය. සමගිය සාමය ඉස්මතු කරයි. දරුවන්ගේ කටයුතුවල දියුණුවක් ගෙනදේ. සමාජීය සහ ආගමික ක්ෂේත්‍රයන්ට යොමුවන අතර ඒ තුළ සහනයක්ද සැනසීමක්ද උද්ගත වනු ඇත. ගමන් බිමන් අධිකයි.

ජය වර්ණය: නිල්  ජය අංකය: 06

මිථුන – සැප සැනසුම අඩුයි

වෘත්තීය සහ රැකීරක්ෂා ක්ෂේත්‍රයේදී යහපත් බවක් උදා කළත් යම් යම් පැටලිලි ස්වභාවක් ඇති කරයි. වෘත්තීය සහ රැකියා අංශයේ විවිධ වෙනස්කම් යනාදියට ඉඩ පවතින බැවිනි. කෘෂිකාර්මික ක්ෂේත්‍රවල යෙදී සිටින අයට ශුභදායකයි. ආර්ථික වශයෙන් ශුභදායකයි. ආදායම් මාර්ග වර්ධනය කරගනී. ගෙදරදොර කටයුතුවලදී සැපපහසුව තරමක් අඩු කාලයක් වේ. තරුණ තරුණියන් අතර ප්‍රේම සම්බන්ධතා ඉස්මතු වුවද රැවටීම් වංචාවලට ඉඩ මතු කරන කාලයක් ද වේ. එබැවින් ආලය සම්බන්ධ කටයුතු කරගෙන යෑමේදී කල්පනාකාරී විය යුතුයි. අධ්‍යාපන අංශයේ යෙදී සිටින අයට උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැක.

ජය වර්ණය: කොළ  ජය අංකය: 05

කටක – මිශ්‍ර පලයි

වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේදී අනුමානයට කරන කටයුතුවලදී තරමක අවුල් සහගත තත්ත්වයක් උදා කරගත හැකි බැවින් තරමක් ප්‍රවේශම් වන්න. ආදායම් තත්ත්වය අයහපත් නොවේ. එහෙත් විටෙක ඔබ බලා‍පොරොත්තු වන තරමට සාර්ථක ප්‍රතිඵල අත් නොවේ. ස්ථානගත වෙනස්කම් ඇතිවේ. ගෙදරදොර කටයුතුවලදී තරමක් ඉවසීමෙන්ද, බුද්ධිමත්වද ක්‍රියා කළ යුතුයි. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් තරමක් කල්පනාකාරී විය යුත්තේය. අධ්‍යාපන ක්ෂේත්‍රයේ නියුක්ත වී සිටින අයට බාධා ප්‍රමාදතාවයන් මධ්‍යයේ පමණක් සාර්ථක ප්‍රතිඵල උදා කර ගත හැක.

ජය වර්ණය: ක්‍රීම් පාට  ජය අංකය:  07

සිංහ – ආදායම් වැඩිවේ

වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේදී අන්‍යයන්ගේ ආධාරය උපකාරය ලැබිම තුළ තමාගේ කටයුතු සාර්ථක කර ගත හැක. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට යහපත් වේ. විවිධ ක්ෂේත්‍රයන්ට යොමුවීම තුළ ආදායම් මාර්ග වර්ධනය වේ. ගෙදරදොර කටයුතුවලදී ඉවසීමෙන්ද බුද්ධිමත්වද ක්‍රියා කළ යුතුයි. සමගිය සාමය සුරක්ෂිත වුවත් දරුවන්ගේ කටයුතු කෙරෙහි අවධානයෙන් පසුවන්න. ඥාති මිත්‍රාදීන් හමුවීමේ ඉඩක් පෙන්වයි. එසේම ඔවුන් තමා සොයාගෙන පැමිණෙනු ඇත. ශරීරාලංකාරයට අවශ්‍ය දේ මිලදී ගැනීමට සිදුවේ. පී්‍රතිදායක උත්සව ප්‍රියසම්භාෂණවලට සහභාගි වීමේ ඉඩක්ද පවතී.

ජය වර්ණය: රෝස පාට  ජය අංකය: 01

කන්‍යා – මිශ්‍ර පලය

වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේදී අවහිරතා බාධාවන්ට ඉඩ පවතී. ඔබ බලා‍පොරොත්තු වන තරමට සාර්ථක ප්‍රතිඵල අත් නොවේ. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට අයහපත් නැත. ආර්ථික වශයෙන් ශුභදායක වේ. විවිධ ක්ෂේත්‍රයන් තුළ ආදයම් ලබයි. ගෙදරදොර කටයුතුවලදී තරමක් කල්පනාකාරී විය යුතුයි. විටින් විට බාධා ප්‍රමාදතාවන්ට ඉඩ මතු කළ හැකි බැවිනි. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් වඩාත් කල්පනාකාරී වන්න. අධ්‍යාපන අංශයේ යෙදී සිටින අයට යහපත්ය. දියුණුවක් අභිවෘද්ධියක් පෙන්වයි. ආගමික සහ සමාජීය කටයුතුවලදී වඩාත් සාර්ථක ප්‍රතිඵ  ල උදා කරගත හැක. ගමන් බිමන් අධිකයි.

ජය වර්ණය: කොළ  ජය අංකය: 05

තුලා – බාධා මැද දියුණුව

වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේදී අවහිරතා බාධා එල්ල විය හැකි නිසා කරන කියන හැම කටයුත්තකදීම ප්‍රවේශම් විය යුත්තේය. ආර්ථික වශයෙන් යහපත්ය. ලාභ ප්‍රයෝජන ලැබෙන කාලයකි. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට යහපත් වේ. ගෙදරදොර කටයුතු යුගදිවිය සම්බන්ධ කටයුතුවලදී සතුටෙන් සහ සාමයෙන් තම කටයුතු කරගනී. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් යහපත් ප්‍රතිඵල උදා කරයි. විදේශීය සම්බන්ධතා මත කරන කටයුතුවලදී වඩාත් සාර්ථක ප්‍රතිඵලයක් උදා කරගත හැක. ගමන් බිමන් අධිකයි. ආගමික අංශයට වඩාත් නැඹුරුවේ.

ජය වර්ණය: නිල්   ජය අංකය: 06

වෘශ්චික – ලාභ ලැබේ

ගෙදරදොර කටයුතුවලදී තරමක් විමසිලිමත්වද බුද්ධිමත්වද ක්‍රියා කළ යුතුයි. නොඑසේ නම් ආකූලතා ව්‍යාකූලතා ඉස්මතු විය හැකි බැවිනි. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් කාලයත් ධනයත් ශ්‍රමයත් වැයවේ. අධ්‍යාපන අංශයේ යෙදී සිටින අයට අලුත් විෂයයන් ඉගෙනීමේ අවස්ථා උදා කරයි. සමාජීය සහ ආගමික අංශයේ කටයුතුවලට වඩාත් නැඹුරු වේ. ආර්ථික සහ මූල්‍යමය අංශයේ දියුණුවක් ලබයි. මිල මුදල් ලාභ ලැබේ. ආදයම් මාර්ග විවරණය කර ගත හැක. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේදී අන්‍යයන්ගේ සහයෝගය උපකාරය ලැබිම තුළ තමාගේ කටයුතු ද සාර්ථකයි.

ජය වර්ණය: රතු  ජය අංකය: 09

ධනු – සමපලදායකයි

පවු‍ලේ කටයුතුවල කිසියම් දියුණුවක් ලබයි. සමගිය සාමයද සුරක්ෂිත වේ. සැපහසුකම් ලැබෙන ආකාරයට තමාගේ කටයුතු සාර්ථකයි. මිල මුදල් ලැබිම අතින් ශුභදායකයි. විවිධ ක්ෂේත්‍රයන්ට යොමුවීම තුළ සාර්ථක ප්‍රතිඵල උදා කරයි. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට යහපත්ය. ගෙදරදොර අලුත්වැඩියාවලට ඉඩ ලැබේ. වෘත්තීය සහ රැකීරක්ෂාවලදී යම් ප්‍රමාණයකට සාර්ථක ප්‍රතිඵලයක් උදා කරගත හැක. වස්තුව ආරක්ෂා වේ. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන තරමක් කල්පනාකාරී වන්න. වගකිවයුතු කටයුතු කිහිපයක් ඉසිලීමේ අවස්ථාව ලැබේ.

ජය වර්ණය: රන්වන්   ජය අංකය: 03

මකර – දියුණුව ලැබේ

තමාගේ වැඩකටයුතු සාර්ථක කර ගැනීමට අවශ්‍ය යහපත් වැඩකරුවන් ලැබේ. කරගෙන යන කටයුතු සාර්ථක වන අතර අලුත් කටයුතු සාර්ථක කරගැනීමට අවශ්‍ය සැලසුම් කිහිපයක් සකස් වේ. වෘත්තීය සහ රැකීරක්ෂා ක්ෂේත්‍රයේදී දියුණුවක් උදා කරයි. විවිධ ක්ෂේත්‍රයන්ට යොමුවීම තුළ සාර්ථක ප්‍රතිඵල ලබා ගනී. ගෙදරදොර කටයුතු යහපත්වේ. දියුණුවක් අභිවෘද්ධියක් ලබයි. දරුවන්ගේ කටයුතු යහපත්ය. අධ්‍යාපන අංශයේ කටයුතුවල යෙදී සිටින අයට ශුභදායක වේ. විභාගාදියෙන්ද යහපත් ප්‍රතිඵල ලැබේ. දරුවන්ගේ කටයුතු යහපත් වේ. සමගිය සාමය සුරක්ෂිත වේ.

ජය වර්ණය: නිල්   ජය අංකය: 08

කුම්භ – සමපලදායකයි

ගෙදරදොර කටයුතුවලින් ඈත්වී ක්‍රියා කරයි. විටෙක ඥාතීන් සමග හෝ ආශ්‍රය කරන අය සමග ආරවුල් ඇතිවීමේ ඉඩක් පවතී. සමගිය සාමය සුරක්ෂිත වුවද යම් යම් අවස්ථාවල සිත් තැවුල් පීඩා මතුකළ හැක. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල සාර්ථක ප්‍රතිඵලයක් උදා කර ගත හැක. එහෙත් විටින් විට අන්‍යයන්ගේ සහයෝගය සාර්ථක අන්දමින් නොලැබිම තුළ ගැටලුකාරී තත්ත්වයක් උද්ගත විය හැක. ආර්ථික සහ වෘත්තීය වශයෙන් යහපත්ය. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ශුභදායකයි. වාසි ගෙනදේ. විදේශීය අංශයේ යෙදී සිටින අයට ශුභයි. අධ්‍යාපන ක්ෂේත්‍රයේ යෙදී සිටින අයට වාසි සහගත වේ.

ජය වර්ණය: නිල්   ජය අංකය: 08

මීන – ආර්ථික වාසි

වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේදී ආයතන ප්‍රධානින්ගේ ආධාරය උපකාරය ලැබිම තුළ ආර්ථික සහ මිල මුදල් කටයුතු සම්බන්ධයෙන් ශුභදායක වේ. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ආර්ථික වාසි ගෙන දෙනු ඇත. ගෙදරදොර කටයුතු කරගෙන යාමේදී විටින් විට බාධා ගැටලු අවහිර ප්‍රමාදතාවන්ට ඉඩ මතු කළ හැකි බැවින් තරමක් කල්පනාකාරී විය යුතුයි. දරුවන්ගේ කටයුතුවලදී කාලයත් ධනයත් ශ්‍රමයත් වැයවේ. අධ්‍යාපන අංශයේ යෙදී සිටින අයට ස්වකීය උත්සාහය මත කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකි. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේශම් වන්න.

ජය වර්ණය: රන්වන්  ජය අංකය: 03

Loading...

සතියේ පලාපල 2016 සැප්තැම්බර් 06 සිට 2016 සැප්තැම්බර් 12 දක්වා

Post a Comment

Powered by Blogger.