Loading...
ඉර උදාව - පෙරවරු 06:03 ට
ඉර බැසීම - පස්වරු 18:18 ට
රාහු කාලය
දිවා 13:39 සිට 15:10 දක්වා.
රාත්‍රී 01:36 සිට 03:05 දක්වා.
සුභ දිශාව - උතුර
මරු සිටින දිශාව - දකුණ

මේෂ ලග්නය

අද දිනයේදී මේෂ ලග්න හිමි ඔබට යම්කිසි කලබලකාරී තත්වයක් උදා කර තිබෙනවා. එමෙන්ම යම්කිසි ආර්ථික ගැටලුකාරී තත්වයක්ද ඇති වීමට අද දිනයේදී හැකියාව පවතිනවා. අද දිනයේ ඉතාමත්ම සැලකිලිමත්ව කටයුතු කල යුතු ග්රඇහ පිහිටීමකි උදා වී තිබෙන්නේ.

වෘෂභ ලග්නය

අද දිනය ඔබට තරමක් කාර්යබහුල දිනයක් බව කිව හැකියි. ගෙදරදොරේ කටයුතු වලටත් අද දිනයේදී ඔබගේ කාලය වැඩි වශයෙන් වෙන් කරන්නට සිදු වනු ඇත. ඒ වගේම අද දිනයේදී ආර්ථික තත්වය ඉතාමත්ම උසස් ලෙස පවත්වාගෙන යාමටනම් ඔබට ඔබට වැඩි කාලයක් වැය කිරීමට සිදු වේවි.

මිථුන ලග්නය

අද දිනයේදී ඔබ ගනුදෙනු කිරීම් වලදී බොහෝ සෙයින් ප්‍රවේසම් විය යුතුයි. ඒ වගේම ඇප වීම් මෙන්ම වචන භාවිතා කිරීමේදීද බොහෝ සෙයින් ප්‍රවේසම් වීම අත්‍යාවශ්‍යයයි. අනවශ්‍ය ගැටලුකාරී ස්වභාව නිර්මාණය වීමට හැකියාවක් පවතිනවා. එවැනි අවස්තාවන් මගහරවා ගැනීමට උත්සුක විය යුතුයි.

කටක ලග්නය

අද දිනයේදී ඔබගෙන් තරමක් උදාසීන ගති ලක්ෂණ ඇති වන්නට හැකියාව පවතිනවා. එවැනි තත්ත්ව මුල් කොටගෙන රැකි රක්ෂා කටයුතු ආශ්‍රිතව යම්කිසි අර්බුධ ස්වභාවයක් ඇති වන්නට හැකියාව පවතිනවා. මව සහ පියා මුල් කරගත් කටයුතු වලදී තරමක් සැලකිලිමත්ව කටයුතු කරන්න.

සිංහ ලග්නය

අද දිනයේදී ඔබට යම්කිසි කැපකිරීමක් සිදු කිරීමට සිදු වන ආකාරයක් පෙන්නුම් කරනු ලබනවා. එවැනි කටයුතු නිසා අද දිනයේදී ඔබගේ ආදායම් තත්වයේද යම් යම් අඩුපාඩුකම් ඇති වීමට ඉඩකඩක් පවතිනවා. සැලසුම්සහගතව කටයුතු කිරීම තුල සාර්ථක වන්නට හැකියාව පවතිනවා.

කන්‍යා ලග්නය

අද දිනයේදී ඔබ සතුටින් ආරම්භ කරන බොහෝ කටයුතු දුකින් අවසන් කිරීමට සිදු වන ග්‍රහ රටාවකි උදාව පවතින්නේ. ඇතැම් කටයුතු එසේ නොවිමටනම් ඔබ තදබල ආකාරයට කැපකිරීමක් සිදු කල යුතුයි. තමන් වැරදිකරු බව සිතා දුක් වන අවස්තාවන් අද දිනයේදී ඇති වන්නට හැක.

තුලා ලග්නය

අද දිනයේ ඔබ සිදු කරන බොහෝ කටයුතු කම්මැලි ස්වභාවයක් ගන්නා බව කිව යුතුයි. දුර බැහැර අය සමග සමග සිදු කරන බොහෝ කටයුතු වලින්නම් ඔබට වැඩි වාසි සහගත තත්වයක් ඇති කරනවා. නමුත් ඔබ කාන්තාවන් සමග කරන ගනුදෙනු වලදී තරමක් සැලකිලිමත් වන්න.

වෘශ්චික ලග්නය

රාජ්‍ය සහ අර්ධරාජ්‍ය කටයුතු වල නිරත වන වෘශ්චික ලග්න හිමියන් අද දිනයේදී ඉතාමත් ප්‍රවේශම් විය යුතුයි. කලාත්මක ක්ෂේත්‍ර වලින් අද දිනයේදී දියුණුවක් පවතිනවා. ඇප වීම් මෙන්ම කැප වීම් වැනි කටයුතු වලින් ඔබට වඩා අන් අයට් වාසි සහගත තත්වයන් ඇති විය හැකියි.

ධනු ලග්නය

අද දිනය තුල වචන භාවිතා කරන වෘත්තීන් වලින්නම් ඔබට බොහෝ සේ වාසි සහගත තත්වයක් උදා කරවනවා. මුල්‍ය පරිපාලන කටයුතු වල නිරත වන උදවියටද අද දිනයේ තරමක් කාර්යබහුල ස්වභාවයක් ඇති කරවනවා. විනෝද ගමන් වලට වඩා ආගමානුකුල කටයුතු වලට ඔබ වැඩි නැඹුරුවක් දක්වනවා.

මකර ලග්නය

අද දිනයේදී ඔබට අන් අයගේ උදවු උපකාර පහසුවෙන් දිනාගැනීමේ හැකියාවක් පවතිනවා. නමුත් ඒ මත ඔබ තුල අලස ගති ස්වභාවයක් ඇති කරවන්නට පුළුවන්. එමනිසා හොඳින් කැපවන්න, මහන්සි වන්න ඒ ප්‍රමාණයෙන් ප්‍රතිඵල ලැබෙනු ඇත. අන් අය ආශිර්වාද කරනු ඇත.

කුම්භ ලග්නය

අද දිනය ඔබට උදා වන්නේ රුචක නමැති පංචමහා පුරුශයෝගයක්ද උදා කරවමින්. අද ඔබට වාසනාවන්ත දිනයක් ලෙසින්ද හඳුන්වන්නට හැකියාව පවතිනවා. එමෙන්ම රාජ්‍ය කාරක කටයුතු වලින් සහ ගමන් බිමන්, සංචාරක කටයුතු වලින්ද අද දිනය ඔබට යහපත් ප්‍රතිපල උදා කරවනවා.

මීන ලග්නය

අද දිනයෙදී ඔබට සියුම් චිත්ත පිඩා, මානසික අසහන, ආදී තත්වයන් ඇති වන්නට සුළු වශයෙන් හැකියාව පවතිනවා. නමුත් අද දිනයේදී ඔබට එවැනි කටයුතු පහසුවෙන්ම දුරු කරගැනීමටත් උත්සාහය අනුව හැකියාව පවතිනවා. අතපසු වූ කටයුතු සක්‍රිය ලීලාවෙන් කරගැනීමට හැකියාව ඇත.

Loading...

2016 සැප්තැම්බර් මස 01 වන බ්‍රහස්පතින්දා - අද දවස ඔබට කොහොමද?

Post a Comment

Powered by Blogger.