Loading...
ජීවිතේට එන සමහර කරදර නිසා ඉදිරියට යන ගමනේ ආපස්සට එන්නත් සිද්ධ වෙනවා. සමහරු ලෙඩ රෝග නිසා ජීවිතේ ඉස්සරහ බොඳ කරගන්නවා. ඒත් පිළිකා රෝගයකින් පෙලුනත් නිරූපිකාවක් වෙන්න සිහින දකින තරුණියක් ගැන අපිට අහන්න ලැබුණා.

ඇය නමින් Andrea Sierra salazar.

තමන්ගේ අසනීපය පසෙකින් තබා අභියෝග හමුවේ නොසැලුණු ඇයගේ මව ඇන්ඩ්‍රියාගේ සිහිනය සැබෑවක් කරන්න ඇගේ ඡායාරූප කිහිපයක් තොරතුරු සමග නිරූපිකාවන් පුහුණුකිරීමේ ආයතන රැසකට යවා තිබෙනවා.

එයින් එක් ඡායාරූප ශිල්පියෙක් ඇන්ඩ්‍රියාගේ සැබෑ ලස්සන ලොවට පෙන්වන්නට සහය දක්වනවා.

ට්විටර් වෙබ් අඩවියට මුදාහැරුණු ඇගේ එක් ඡායාරූපයකට Like ලක්‍ෂ 200ක් ලැබී තිබෙනවා.

ඇගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඇය කියලා තිබුණේ “මේ ජීවිතය මට ආදරය ලැබීමට සහ මා හඳුනාගැනීමට හොඳ අවස්ථාවක් ලබාදී තිබෙනවා. හැම ගැහැනු ළමයකුටම ලස්සන කොණ්ඩයක් තියෙනවා. ඒ නිසා ඒ හැම ගැහැනු ළමයෙක්ම කුමාරිකාවක්. ඒත් මට කොණ්ඩයක් නැහැ කියලා මම දුක් වෙන්නේ නැහැ. මටත් කුමාරිකාවක් වෙන්න පුළුවන්.

ඒ විදිහට හිතේ හයියත් විශ්වාසයත් තියෙන ඇයට වැළදී ඇති පිළිකා රෝගය සඳහා වෛද්‍යවරුන් ගණනාවකගෙන් ප්‍රතිකාර ලබාගෙන තිබෙනවා.

වෛද්‍යවරු පවසා ඇත්තේ පිළිකා රෝගය සඳහා සිදුකළ කීමෝතෙරපි ප්‍රතිකාරය නිසා හිසකෙස් ගැලවුණත් ප්‍රතිකාර වලින් පසුව නැවතත් කෙස් වර්ධනය වේවි කියලයි..

වැඩිදුරටත් ඇන්ඩ්‍රියා කියලා තියෙන්නේ “සමහර වෙලාවට කණ්ණාඩියකින් මාවම දකින විට මට කිසිම ආත්ම විශ්වාසයක් නෑ කියලා හිතෙනවා. මම කියන්නේ මගේ පිටත තියෙන ලස්සන දකින්න එපා කියලා. මගේ ඇතුළාන්තය දකින්න. ඇතුළතින් මම හුඟක් ලස්සනයි”

ඇගේ පළමු ඡායාරූප පෙළෙහි “Prinecess with out a wig” යනුවෙන් තේමාව යෙදා තිබෙනවා.

නොලැබෙන දේ වෙනුවෙන් දුක් වෙන මිනිසුන් ඉන්නා සමාජයක Andrea කියන්නේ දිරිය ආත්ම ශක්තියකින් පිරුණු තරුණියක් කියලා හැම හිතකටම දැනෙනු නොඅනුමානයි.













Loading...

ජීවිතේට එන සමහර කරදර නිසා ඉදිරියට යන ගමනේ ආපස්සට එන්නත් සිද්ධ වෙනවා. සමහරු ලෙඩ රෝග නිසා ජීවිතේ ඉස්සරහ බොඳ කරගන්නවා. ඒත් පිළිකා රෝගයකින් පෙලුනත් නිරූපිකාවක් වෙන්න සිහින දකින තරුණියක් ගැන අපිට අහන්න ලැබුණා.

Post a Comment

Powered by Blogger.