Loading...
ඉර උදාව - පෙරවරු 06:03 ට
ඉර බැසීම - පස්වරු 18:18 ට
රාහු කාලය
දිවා 10:36 සිට 12:08 දක්වා.
රාත්‍රී 22:40 සිට 00:08 දක්වා.
සුභ දිශාව - උතුර
මරු සිටින දිශාව - ගිණිකොන

මේෂ ලග්නය

අද දිනයේ මේෂ ලග්න හිමි ඔබ ගේ දොර යානවාහන ආදියේ යම් යම් වෙනස්කම් සිදු කරන්නට සලසුම් කලානම්, රැකි රක්ෂා ආශ්රිතව උසස් වීමක් බලාපොරොත්තු වූවානම්, ස්ථාන මාරුවක් බලාපොරොත්තු වූවානම් අද දිනය ඔබට එවැනි කටයුතු වලට යහපත්. සාර්ථක දිනයකි අද දිනය.

වෘෂභ ලග්නය

අද දිනය තුල ඔබට යම් යම් අර්බුධකාරී තත්වයන් ඇති කරවන්නට හැකියාව පවතිනවා. බොහෝ විට අන් අයගේ විරෝධතා මධ්‍යයේ ඔබගේ කටයුතු වල නිරත වීමට ඔබට සිදු වේවි. තවත් දින කිහිපයකට ගේ දොර දේපල ආශ්‍රිත කරුණු කාරණා කල් දැමිම ඉතාමත්ම යෝග්‍යයි.

මිථුන ලග්නය

අද ඔබට බලවත් දිනයක් ලෙසින් හඳුන්වන්නට පුළුවන්. අද දිනයේදී ඔබට භද්‍රා නමැති යෝගයක් ද උදා වී පවතිනවා. ඉතාමත්ම යහපත් දිනයක් ලෙසින් හඳුන්වන්නට පුළුවන්. ගෙදරදොර කටයුතු ඉතාමත්ම හොඳින් පවත්වාගන්නට හැකියාව පවතිනවා. ආදරය, කරුණාව ලබාගත හැක.

කටක ලග්නය

අද දිනයේදී ඔබට වෙනදාට වඩා ඉදිරියට ඒමේ ගති ලක්ෂණ උදා කරවනවා. අද දිනයේදී ඔබට ගජකෙශරී නමැති යෝගයක්ද උදා වී පවතිනවා. අද දිනය කටක ලග්න හිමියන්ට ඉතාමත්ම යහපත්. අනුන් යටතේ කරන්නට බලාපොරොත්තු වන කටයුතු වලට වඩා තමන්ගේ ස්වාධින කටයුතු වලට යහපත්.

සිංහ ලග්නය

අද දිනය තුල ඔබට කාර්යබහුලත්වය ඉතාමත්ම වැඩිපුර ඇති කරන දිනයක් ලෙසින් හඳුන්වන්නට හැකියාව පවතිනවා. යුතුකම්, වගකීම් ඉෂ්ඨ කරන්නට ඔබට දැඩි වගකීම් සහගත තත්වයක් ඇති වේවි. ඔබ අද දිනයේදී වෙලාවට ආහාර පාන නොගැනීම් හේතුවෙන් විවිධ බාධාකාරී තත්වයන් ඇති වන්නට හැක.

කන්‍යා ලග්නය

අද දිනයේදී ඔබගේ කටයුතු ඉතාමත්ම සාර්ථකව නිම කරගන්නට හැකියාව පවතිනවා. නමුත් අද දිනයේදී ඔබට ආඩම්බරකාරී මානසිකත්වයකින් කටයුතු කරන්නට උත්සාහ දරනු ඇත. ඒ නිසාවෙන් ඔබට යම් යම් අහිතකරතා ඇති වන්නට හැකියාව පවතිනවා. එමෙන්ම නිහඩ සතුරු කරදර ඇති වන්නට හැකියි.

තුලා ලග්නය

අද දිනයේදී ඔබගේ වැඩ කටයුතු අවසාන මොහොතේ සිදු කිරීමට ගොස් පටලවාගැනීම් ආදිය සිදු වීමට හැකියාව පවතිනවා. එමෙන්ම නීති කරදර බාධා ආදියට ලක් වීමටද හැකියාව පවතිනවා. දුරදිග නොසිතා කරනු ලබන කටයුතු වලින් මෙන්ම අනුමානයට, අඩමානයට කරනු ලබන කටයුතු වලින් ඔබට අශුභයි.

වෘශ්චික ලග්නය

ඔබගේ මෙතෙක් කල් පැවති නොහොඳ නෝක්කාඩු තත්වයන් මගහැරී යන ආකාරයක් අද දිනයේදී දක්නට ලැබෙනවා. එවැනි තත්වයන් නිසා දුරස්ථව සිටි පුද්ගලයින්ගෙන් ඔබට මිත්‍රත්වයේ දෑත් දිගහැරෙන දිනයකි අද දිනය. ගජකෙශරී නමැති යෝගයක්ද උදා වී ඇත. දක්ෂතා වැඩි දියුණු වේ.

ධනු ලග්නය

අද දිනයේදී ඔබට පංචමහා පුරුශයෝගයක් උදා වී පවතිනවා, නීචභංග රාජයෝගයක් ද උදා වී පවතිනවා. ලැබීම් සඳහා ඉතාමත්ම යහපත්. අද දිනයේදී ඔබට මානසික සහනයනම් එතරම් උදාපත් වන දවසක් ලෙස හඳුන්වන්නට හැකියාවක් නැහැ. සැලසුම්සහගත ව කටයුතු කිරීමට වගබලාගන්න.

මකර ලග්නය

අද දවස තුල ඔබගේ රැකි රක්ෂා කටයුතු සාර්ථක වන ආකාරයක් අද දිනයේදී දක්නට ලැබෙනවා. වෙළෙඳ ව්‍යාපාර ආශ්‍රිතව කටයුතු සම්බන්ධයෙන් ගනු ලබන තීන්දු තීරණ සාර්ථක වන ආකාරයක් ද දක්නට ලැබෙනවා. ඔබට අද දිනය සාර්ථක වන ආකාරයක් දක්නට ලැබෙනවා.

කුම්භ ලග්නය

අද දිනයේදී උදෑසන සිටම ඔබට අවිවේකි බවක් දක්නට ලැබෙනවා. බොහෝ විට අද දවසේ ඔබ විසින් සිදු කරනු ලබන ප්‍රකාශන අද දවසේදී ඔබට එතරම් යහපත් නොවන ආකාරයක් දක්නට ලැබෙනවා. එම නිසා ඔබ ඉටු කරන්නට නොහැකි පොරොන්දු ලබා දීමෙන් වැලකීම ඉතාමත්ම වැදගත්.

මීන ලග්නය

අද දිනය ඔබට සාමකාමී මානසිකත්වයක් ඇති කරවන දිනයක් ලෙසින් හඳුන්වනට පුළුවන්. උපේක්ෂා සහගත බව ප්‍රගුණ කරගැනීමට අද දිනය තුල ඔබ සිතට ගත යුතුයි. අවට සිටින පුද්ගලයින් ඔවුන්ගේ කටයුතු වෙනුවෙන් ඔබව පාවිච්චි කරන ආකාරයක් අද දිනයේ දී දක්නට ලැබෙනවා.

Loading...

2016 සැප්තැම්බර් මස 02 වන සිකුරාදා - අද දවස ඔබට කොහොමද?

Post a Comment

Powered by Blogger.