Loading...
ඉර උදාව - පෙරවරු 06:03 ට
ඉර බැසීම - පස්වරු 18:17 ට
රාහු කාලය
දිවා 09:04 සිට 10:36 දක්වා.
රාත්‍රී 21:11 සිට 22:39 දක්වා.
සුභ දිශාව - දකුණ
මරු සිටින දිශාව - නැගෙනහිර

මේෂ ලග්නය

අද දිනයේදී ඔබට ඔබගේ අනාගත කටයුතු සම්බන්ධව දැඩි සිහින ආදිය සිතට නැගෙන දිනයක් ලෙසින් හඳුන්වනට පුළුවන්. නමුත් ඔබ ඒ වෙනුවෙන් තරමක් උනන්දුවෙන් කටයුතු කල යුතු දිනයකි. උදෑසන කාලය ඉතා යහපත්.

වෘෂභ ලග්නය

අද දිනයේ දී ඔබට විදුරවි නමැති යෝග තත්වයක් උදාපත් වී පවතිනවා. එමෙන්ම උපේන්ද්‍ර නමැති යෝගයක ශක්තිය උදා කරවනවා. රුචක නමැති යෝගයක්ද පවතිනවා. ඉතා ශුභයි. සංස්කෘතික කටයුතු වල නිරත වන උදවියට කාර්යබහුලයි.

මිථුන ලග්නය

මිථුන ලග්නයෙන් උපන් ඔබ ගෘහාශ්‍රිත කටයුතු වල පැහැදිලි වෙනසක් අපේක්ෂා කලානම් එම කටයුතු සාර්ථක වන දිනයකි මේ උදාපත් වී ඇත ඇත්තේ. බොහෝ සැප සම්පත් උදාපත් වන්නට හැකියාව පවතිනවා. වාසනාවන්ත දිනයකි.

කටක ලග්නය

අද දිනයේ දී ඔබට නව අත්හදාබැලීම් වලට හිත යොමු වන දිනයක් ලෙසින් හඳුන්වන්නට පුළුවන්. එමෙන්ම එවැනි කටයුතු හේතුකොටගෙන හිතට වදදෙන දවසක් ලෙසින් අද දිනය හඳුන්වන්නට හැකියාව පවතිනවා. අදහස් ගලා එන දිනයකි.

සිංහ ලග්නය

අද දිනය ඔබට උදාපත් වන්නේ පංචමහා පුරුශයෝගයක ශක්තියෙන් යන බව අමතක කරන්නට එපා. අද දිනය සිංහ ලග්නයෙන් උපන් ඔබ ලිවිම, කියවීම වැනි ක්ෂේත්‍ර වලින් වැඩි දියුණුවක් උදා කරවගන්නා දිනයකි. කැපවීමෙන් කටයුතු කරයි.

කන්‍යා ලග්නය

අද දිනය මනස වෙහෙසවා කටයුතු කරන උදවියට තරමක් කාර්යබහුල දිනයක් ලෙසින් හඳුන්වන්නට හැකියාව පවතිනවා. ඒ නිසාම අද දිනයේදී ඔබ මනස නිරවුල්ව තබාගැනීමට වැඩි වෙහෙසක් දරන දිනයක් බවට පත් වනවා.

තුලා ලග්නය

අධ්‍යාපනික කටයුතු වලට ඉතාමත්ම වාසනාවන්ත දිනයකි අද දිනයේදී උදාපත් වී ඇත්තේ. විදේශගත වීමට බලාපොරොත්තුවක් පැවතුනානම් එවැනි කටයුතු ද සාර්ථක කරගැනීමට හැකියාවක් පවතිනවා. උදවු උපකාර ලබන දිනයකි.

වෘශ්චික ලග්නය

අද දිනය ඔබට උදාපත් වන්නේ රුචක නමැති පංචමහා පුරුශයෝගයක්ද උදා කරවමින්. දුරබැහැර අධ්යාපනික කටයුතු වල නිරත ව සිටින වෘශ්චික ලග්න හිමියන්ට අද දිනය ඉතා පහසුයි. සාර්ථකව කටයුතු ඉටු කරවනවා. නව ආදායම් මාර්ග උදා වේ.

ධනු ලග්නය

අද දිනයේදී ඔබට භද්‍ර නමැති පංචමහා පුරුශයෝගයක ශක්තිය උදා පත්කරවා තිබෙනවා. ව්‍යාපාරික කටයුතු වල නිරත වන අයට අද දිනය ඉතාමත්ම යහපත්. සන්නිවේදනය වැනි ක්ෂේත්‍ර වල කටයුතු කරන උදවියටත් ඉතාමත්ම යහපත්.

මකර ලග්නය

අද දිනය මකර ලග්නයෙන් උපන් ඔබට තරමක් උදාසීන ගති ලක්ෂණ උදා වී පවතිනවා. ආගමික නායකයන් සමග කරනු ලබන ගනුදෙනු වලින් සාර්ථකත්වයක් උදා කරවනවා. අලුත් මිතුරු සම්බන්ධතා අලුත් වන නිසා ඔබගේ කිර්ති නාමය සමාජයේ බැබලේවි.

කුම්භ ලග්නය

අද දිනය ඔබට උදාපත් වන්නේ රුචක නමැති පංචමහා පුරුශයෝගයක්ද උදාකරවමින්. උදෑසන කාලපරිච්චේදය ඉතාමත්ම ඉතාමත්ම යහපත්ය. වාසනාවන්ත දිනයකි. ආගමානුකුල කටයුතු වලට ඉතාමත්ම යහපත්.

මීන ලග්නය

අද දිනයේදී ඔබට මහීපාල නමැති යෝගයක්ද උදා කරවා පවතිනවා. හවුල් ව්‍යාපාරික කටයුතු වලින් වැඩි වාසි අත්පත් කරගැනීමට හැකියාව පවතිනවා. පොත්පත් මුද්‍රණය වැනි කටයුතු වල නිරතව සිටින උදවියට ඉතාමත්ම යහපත්.

Loading...

2016 සැප්තැම්බර් මස 03 වන සෙනසුරාදා - අද දවස ඔබට කොහොමද?

Post a Comment

Powered by Blogger.