Loading...
ඉර උදාව - පෙරවරු 06:03 ට
ඉර බැසීම - පස්වරු 18:17 ට
රාහු කාලය
දිවා 16:41 සිට 18:13 දක්වා.
රාත්‍රී 04:33 සිට 06:02 දක්වා.
සුභ දිශාව - දකුණ
මරු සිටින දිශාව - උතුර

මේෂ ලග්නය

අද දිනය ක්‍රීඩා කටයුතු වල නිරත වන ඔබට ඉතාමත්ම යහපත් දිනයකි. ඔබ කරන සෑම කටයුත්තක්ම ඉතාමත්ම උනන්දුවෙන් මහන්සි නොබලා සිදු කිරීම ඉතාමත්ම වැදගත්. කෙතරම් දුර ගමන් බිමන් යාමට සිදු වුවත් වෙහෙස නොදැනෙන දිනයකි.

වෘෂභ ලග්නය

අද දිනය ඔබට උදා වන්නේ රුචක නමැති පංචමහා පුරුශයෝගයක ශක්තිය උදා කරවමින්. ඔබට අද දිනයේ දි හවුලේ සිදු කරන සෑම කටයුත්තක්ම ඉතාමත්ම හොඳින් සිදු කිරීමට හැකියාව ලැබෙනු ඇත. චිත්ත වේග වර්ධනය වේ.

මිථුන ලග්නය

අද දිනය ඔබට උගත්කම වර්ධනය කරගැනීමටත්, කැපවීමෙන් කටයුතු කිරීමටත් හැකියාව ලැබෙනු ඇත. එම කැපකිරීම් වලට ප්‍රයෝජන ලබාගැනීමේ ඉඩකඩක් අද දිනයේ හොදාකාරයෙන්ම පවතින නිසා සැලසුම්සහගතව කටයුතු කරන්න.

කටක ලග්නය

අද දිනයේදී කටක ලග්න හිමි ඔබ ජලාශ්‍රිත පරිසර වල කල්ගත කිරීමට උනන්දු වන දිනයක් ලෙසින් හඳුන්වන්නට හැකියාව පවතිනවා. වචන භාවිතයේදී අන් අය පිළිබඳව සිතා බලා කටයුතු කරන්නටත් අමතක කරන්න එපා. ඔබගේ වචන නිසා අන් අය පිඩාවට පත් වේ.

සිංහ ලග්නය

අද දිනයේදී තරමක් හුදකලාව කටයුතු කරන්නට ඔබ උත්සාහ දරන දිනයක් බව හඳුන්වන්නට පුළුවන්. එමෙන්ම ඔබට අද දිනය යම්කිසි කාර්යබහුල තත්වයන් උදා කරවන දිනයක් ලෙසින් ද හඳුන්වන්නට පුළුවන්. සහයෝගයෙන් කටයුතු කරනු ඇත.

කන්‍යා ලග්නය

අද දිනයේදී ඔබට චිත්ත ඒකාග්‍රතාවය පවත්වාගැනීම ඉතාමත්ම වැදගත් වනු ඇත. විවධ පංච මහා පුරුශයෝගයන්ගෙන් අද දිනයේදී ඔබට ශක්තිය උදාපත් කරවනවා. යෝග ව්‍යායාම, සිදු කිරීම යහපත්. ක්‍රමිකව උසස් තලයකට යාමට හැකියාව ඇත.

තුලා ලග්නය

අද දිනයේදී ඔබට මහිපාල නමැති යෝගය උදාපත් වී පවතිනවා. අද දිනයේදී ඔබ වැඩි වශයෙන් අන් අය වෙනුවෙන් කාලය වෙන් කරන ස්වභාවයක් දක්නට ලැබෙනවා. අද දිනයේදී ඔබ අන් අය කෙරෙහි වැඩි ආකර්ෂණයකින් බලනවා ඇත.

වෘශ්චික ලග්නය

අද දිනයේදී ඔබට ඉතාමත්ම යහපත් දිනයකි. නමුත් කාර්යබහුල බව ඉතාමත්ම වැඩියි. පොදු කටයුතු වෙනුවෙන් වැඩි කාලයක් වෙන් කරන්නට සිදු වනු ඇත. එමනිසා ගෙදරදොරේ කටයුතු මගහැරී යන ආකාරයක් දක්නට ලැබෙනවා. සැලසුම්සහගත වන්න.

ධනු ලග්නය

අද දිනයේදී ඔබට මහීපාල නමැති යෝගයක් උදා කර පවතිනවා. ඔබට අද දිනයේදී ලග්න ඒරාෂ්ඨක තත්වයකුත් උදා වී පවතිනවා. සියුම් සතුරු කරදර ඇති වීමේ ඉඩකඩක්ද පවතිනවා. ඔබ සිදු කරන්නට යන සෑම කටයුත්තකදීම සැලකිලිමත්ව කටයුතු කරන්න.

මකර ලග්නය

ඔබට පවතින ග්‍රහ තත්වය අනුව ඔබට තරමක අශුභ ඵල ඇති වන ඉඩකඩක් උදා පත් වී පවතිනවා. ඔබ කරන කටයුතු හරහා ඔබගේ ආධිපත්ය පැතිරවීමට ඔබ වැඩි වශයෙන් උත්සාහ දරනු ඇත. විනෝදයෙන් කල් ගත කරනු ඇත. සාර්ථක දිනයකි.

කුම්භ ලග්නය

ගෘහාශ්‍රිත කටයුතු නිසා ඔබට තරමක් කාර්යබහුල ලීලාවෙන් අද දිනයේදී කටයුතු සිදු කරන්නට සිදු වනු ඇත. අධ්‍යාපනික කටයුතු දියුණු කරගැනීමටත් අද දිනයේදී අවස්තාව ලැබෙනවා. නමුත් යම් ආකාරයක අනවශ්‍ය පීඩාකාරී ස්වාභාවයක්‌ද ඇති කරනවා.

මීන ලග්නය

අද දිනයේදී මීන ලග්නයෙන් උපන් ඔබ තරමක් ආගමානුකුලව කටයුතු කරන්නට පෙළඹෙනු ඇත. බොහෝ කාලයක් අතහැර දමා තිබු අධ්‍යාපනික කටයුතු යලි සාර්ථකව ආරම්භ කරන්නටත් හැකියාව පවතිනවා. සාර්ථක දිනයක් ලෙසින් හඳුන්වන්නට හැක.

Loading...

2016 සැප්තැම්බර් මස 04 වන ඉරිදා - අද දවස ඔබට කොහොමද?

Post a Comment

Powered by Blogger.