Loading...
ඉර උදාව - පෙරවරු 06:04 ට
ඉර බැසීම - පස්වරු 18:19 ට
රාහු කාලය
දිවා 15:12 සිට 16:44 දක්වා.
රාත්‍රී 03:05 සිට 04:34 දක්වා.
සුභ දිශාව - නැගෙනහිර
මරු සිටින දිශාව - බස්නාහිර

මේෂ

සතුටින් තම රාජකාරි කටයුතු කරගැනීමට හැකිවන අද දින අවිවේකය දැඩි ලෙස බලපාන බව පෙනීයයි. රැකීරක්ෂා හා ව්‍යාපාර කටයුතුවල සුවිශේෂි දියුණුවක් ගෙනදිය හැකි අතර අදායම් මාර්ගවල වර්ධනයක් පෙන්නුම් කරයි. පවු‍ලේ අය වෙනුවෙන් වැඩිපුර කැපවීමට සිදුවන දවසකි.

වෘෂභ

රැකියා කටයුතුවල නිරත අයට කාර්ය බහුල දවසකි. ව්‍යාපාරිකයන්ට සතුටුදායක ප්‍රතිඵල ලබාගත හැකි අද දින අමතර ආදායම් හිමිවුවද වියදම් අධික වන බව පෙනීයයි. ගමන්බිමන්වලින් නොසිතූ ලෙස පාඩු ගෙනදෙන බව පෙන්නුම් කරයි. ගෘහ ජීවිතය යහපත්ය.

මිථුන

අද දින ව්‍යාපාරික කටයුතුවලින් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකි බව පෙන්නුම් කරයි. රැකියාවල නියුතු වූවනට රැකියා උසස්වීම් හෝ නව රැකියා ලබා ගැනීටම හැකිවන අතර ආර්ථිකය සතුටුදායක මට්ටමක පවතින බව පෙනීයයි. ‍පොතපත කටයුතුවලට සිත වැඩිපුර යොමුකරන දවසකි.

කටක

රැකියා ස්ථානයේ කටයුතු සාර්ථක ලෙස කරගෙන යාමේ හැකියාව පෙන්නුම් කරයි. වෙළෙඳ ව්‍යාපාරිකයන්ට ශුභදායකය. ආදායම් මාර්ග උදා වුවත් වැය පස ඉහළයාමට ඉඩ තිබෙන අද දින ඇසුරු කරන අය සමග ආරවුල් ඇති කරගැනීමේ ප්‍රවණතාවක් පවතී.

සිංහ

රැකියා කටයුතුවල සර්ථකත්වයක් දක්නට ලැබෙන අද දින ව්‍යාපාරිකයන්ට ශුභදායකය. තම හිවතුන්ගේ උපකාරය ලැබිම තුළ තම කටයුතුවල සාර්ථක බවක් උදාකරගත හැකි අතර, මුදල් සම්බන්ධ කටයුතුවලදී තරමක් ප්‍රවේශම් විය යුතු දවසකි. ගෘහ ජීවිතය පී්‍රතිමත්ය.

කන්‍යා

අද දින ඔබ ඉදිරිපත්වන කටයුතු කිසිවක් නිසි පරිදි අවසන් කරගැන්මට නොහැකිවන බව පෙනීයයි. ණයට දුන් මුදලක් ආපසු ලබාගැනීම සඳහා වෙහෙසීමට සිදුවිය හැකි අතර, රැකීරක්ෂා කටයුතුවල වෙනසක් සිදුනොවන බව පෙන්නුම් කරයි. ගෘහ ජීවිතය යහපත්ය.

තුලා

වෙළෙඳ ව්‍යාපාරවල නිරත වූවනට තම අදහස් සපුරා ගැනීමට හැකිවන අද දින රැකියා කටයුතු යහපත් ලෙස කරගෙන යාමට හැකිවන බව පෙන්නුම් කරයි. ආර්ථිකය සතුටුදායක මට්ටමක පවත්වාගැනීමට හැකිවන අතර, මුදල් අවහිරතා මගහැරෙන බව පෙනී යයි. යුග දිවියේ වාසනාව උදාවිය හැකි දවසකි.

වෘශ්චික

රැකීරක්ෂා කටයුතු සුපුරුදු පරිදි කරගෙන යාමට හැකිවන අද දින වෙළෙඳ ව්‍යාපාරිකයන්ට ශුභදායි නොවන බව පෙන්නුම් කරයි. ආර්ථික දුෂ්කරතා මතුවිය හැකි අතර, යොදාගත් වැඩකටයුතු කිහිපයක් වෙනස් කිරීමට හේතුවේ. තරගකාරී කටයුතුවලට යහපත්ය. ගෘහ ජීවිතය පී්‍රතිමත්ය.

ධනු

තම අභිමතාර්ථයන් මුදුන්පත්කර ගැනීමට හැකිවන අද දින රැකීරක්ෂා කටයුතුවල සාර්ථකත්වයක් පෙන්නුම් කරයි. ව්‍යාපාරිකයන්ට බලපෑ බාධක අවහිරතා ඉවත්ව යන අතර, බලා‍පොරොත්තු නොවූ ලාභ ලබාගත හැකි දවසකි. රැවටීම් වංචාවලට හසුවීමේ ප්‍රවණතාවක් පවතී.

මකර

ඔබේ වැඩකටයුතුවල සාර්ථකත්වයක් දක්නට ලැබේ. රැකියා උසස්වීම් බලා‍පොරොත්තුවන අයගේ එම බලා‍පොරොත්තු ඉටුවිය හැකි අතර, වෙළෙඳ ව්‍යාපාරිකයන්ට වාසි සැලසෙන බව දක්නට ලැබේ. ප්‍රිය සම්භාෂණවලට සහභාගි වීමට අවස්ථාව උදාවිය හැකි අද දින සතුටින් කාලය ගතකළ හැකි වන බව පෙනේ.

කුම්භ

වෙළෙඳ ව්‍යාපාර කටයුතුවල නිරත අයට තම ව්‍යාපාරික කටයුතු වැඩිදියුණු කරගැනීමට හැකිවන අද දින රැකියා කටයුතුවලට බාධා ගෙන දෙන බව දක්නට ලැබේ. ආදායම යහපත් වුවද වැයපස නිසි පරිදි සංවිධානය කරගැනීමට අ‍පොහොසත් වේ. පවු‍ලේ සමගිය ඇතිවේ.

මීන

ඔබේ වැඩකටයුතු සහ අපේක්ෂාවන් සාර්ථක කරගත හැකි පසුබිමක් ගොඩනැගේ. රැකියා කටයුතුවල සාර්ථකත්වයක් පෙන්නුම් කරන අතර ව්‍යාපාරික කටයුතුවලින් බලා‍පොරොත්තු නොවූ ලාභ හිමිවන අද දින ආර්ථිකය උසස් මට්ටමක පවතී. ගෘහ ජීවිතය වාසනාවන්තය.

Loading...

Post a Comment

Powered by Blogger.