Loading...
මේෂ – තමාට වඩා අනුන්ට ප්‍රතිඵල ලැබේ

කලකට පෙර ආරම්භ කර නවතා තිබූ වැඩක් නැවත ආරම්භ කළත් ඉන් තමන්ට වඩා අන්‍යයන්ට ප්‍රතිඵල හිමිවේ. තමාගේ මහන්සියක ප්‍රතිඵල අන්‍යයන්ට භුක්තිවිඳීමට ඉඩ ලැබෙනු ඇත. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් ශුභදායකයි. විවිධ ක්ෂේත්‍රයන්ට යොමුවීම තරමක් කල්පනාකා වන්න. දරුවන්ගේ කටයුතු උදෙසා වගකීම් භාර ගැනීමට සිදුවේ. අධ්‍යාපන කටයුතුවලදී යම් යම් ක්‍රියා කළ යුතුයි. තමාගේ සෞඛ්‍යය ගැන ප්‍රවේශම් වන්න. අනතුරු පීඩා, තුවාල, වැටීම්, තැළීම්වලට ඉඩ පවතින බැවිනි.

ජය වර්ණය: රෝස  ජය අංකය: 09

වෘෂභ – බාධා මැද දියුණුව

යම් යම් බාධා ප්‍රමාදතා ඉස්මතු වුවද වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල දියුණුවක් උදා කර ගත හැක. කෙසේද වුවත් හවුල් කටයුතුවලදී තරමක් කල්පනාකාරී විය යුතුයි. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් ශුභයි. විවිධ ක්ෂේත්‍ර තුළ ආදායමක් ලැබිය හැක. එහෙත් අලුත් කටයුතු උදෙසා මුදල් අයෝජනයේදී ප්‍රවේශම් වන්න. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතුවලදී කල්පනාකාරී වන්න. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් තරමක් කල්පනාකාරී විය යුතුයි. අධ්‍යාපන ක්ෂේත්‍රයේදී බාධා අවහිරතා එල්ල විය හැකි නිසා උත්සාහයෙන්ද, කැපවීමෙන්ද යුක්තව අධ්‍යාපන කටයුතුවල යෙදීම තුළ පමණක් සාර්ථක ප්‍රතිඵල උදා කර ගත හැක.

ජය වර්ණය: නිල්  ජය අංකය: 06

මිථුන – වාසි ගෙනදේ

ආර්ථික සහ මූල්‍යමය වශයෙන් ශුභදායක වේ. විවිධ ක්ෂේත්‍රයන්ට යොමුවීම තුළ වාසි සහගත තත්ත්වයක් උදා කර ගත හැක. වෙළෙඳ ව්‍යාපාරවල නියුක්ත අයට ලාභ ප්‍රයෝජන අත්පත් කර ගත හැක. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේදී අන්‍යයන්ගේ සහයෝගය උපකාරය ලැබිම තුළ තමාගේ කටයුතු සාර්ථක කරගත හැක. ගෙදරදොර කටයුතු යහපත් වේ. සමගිය සාමය සුරක්ෂිත වේ. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් ශුභදායක ආරංචි ලැබේ. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට අලුත් විෂයයන් ඉගෙනීමට අවස්ථාව සැලසේ. තරුණ තරුණියන් අතර ප්‍රේම සම්බන්ධතා වර්ධනය වේ. ආගමික අංශයට නැඹුරුවීමක් පෙන්වයි. සමාජීය කටයුතුවල යෙදී සිටින අයට යහපත්ය.

ජය වර්ණය: කොළ  ජය අංකය: 05

කටක – සමඵලදායකයි

පවත්නා ග්‍රහ ගෝචරයන්ද සැලකීමේදී තරමක් කල්පනාකාරී විය යුතුයි. විටෙක ආකූලතා ව්‍යාකූලතා ඉස්මතු කළ හැකි බැවිනි. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේදී විටින්විට බාධා අවහිරතා ප්‍රමාදවීම් මධ්‍යයේ ක්‍රියා කිරීමට සිදුවේ. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් කිසියම් යහපත් වාතාවරණයක් උදා කළද විටෙක වියදම් පක්ෂය පාලනය කර ගැනීම අසීරු විය හැක. තැන්පත් ධනයේ අඩුවීම් පෙන්වයි. ගෙදරදොර කටයුතු යහපත්වේ. එහෙත් වචන පාවිච්චියේදී සැලකිලිමත් වන්න. නොඑසේ නම් ආකූලතා ව්‍යාකූලතා ඉස්මතු කළ හැකි බැවිනි. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් කාලයත්, ධනයත්, ශ්‍රමයත් වැයවේ.

ජය වර්ණය: ක්‍රීම් පාට  ජය අංකය: 02

සිංහ – බාධා සහිතයි

වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේදී බාධා අවහිරතා ගැටලුකාරී තත්ත්වයන් මධ්‍යයේ ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිපලයක් උදා කර ගත හැක. ආර්ථික සහ ධන තත්ත්වය නම් එතරම්ම අහිතකර නැත. විවිධ ක්ෂේත්‍රයන්ට යොමුවීම තුළ ආදායම් මාර්ග කිහිපයක් අලුතින් සකස් කර ගත හැක. ගෙදරදොර කටයුතු යහපත්ය. යුගදිවිය සම්බන්ධයෙන් ශුභයි. සමගිය සාමයට බාධා අවහිරතා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් ශුභදායක ආරංචි ලැබේ. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට ශුභදායකය. අලුත් විෂයයන් ඉගෙනීමට පුළුවන. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන නම් තරමක් ප්‍රවේශම් විය යුතුයි.

ජය වර්ණය: රෝස පාට  ජය අංකය: 01

කන්‍යා – ප්‍රමාදවීම්

ආර්ථික සහ මූල්‍යමය වශයෙන් ශුභදායකයි. විවිධ ක්ෂේත්‍රයන්ට යොමුවීම තුළ සාර්ථක ප්‍රතිඵලයක් උදා කර ගනී. තමා ආශ්‍රය කල අයගේ ක්‍රියාකාරකම් තුළ තමාගේ කටයුතුවලට බාධා ප්‍රමාදවීම්වලට ලක්වීමේ ඉඩක් ද පවතී. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවලදී තරමක් කල්පනාකාරී විය යුතුයි. විටෙක ගැටලුකාරී තත්ත්වයන්ටද ඉඩ මතු කළ හැකි බැවිනි. ගෙදරදොර කටයුතු යහපත්ය. සමගිය සාමදානයට බාධා අවහිරතාවන් එල්ල නොවේ. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට ශුභයි. ස්වකීය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලබාගත හැක. කෙසේද වුවත් දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතුයි.

ජය වර්ණය: කොළ  ජය අංකය: 05

තුලා – සමඵලයි

යම් යම් වැදගත් කටයුතු කරගෙන යාමේදී තමාගේම අයගේ ආධාරය, උපකාරය නොලැබියාම තුළ වැඩකටයුතු බොහොමයක් නිසියාකාරව ඉටු නොවේ. ප්‍රමාදවීම් සහිතයි. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේදී යම් යම් අවහිරතාවන්ට මුහුණපෑමට සිදුවේ. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් ශුභදායකයි. විවිධ ක්ෂේත්‍රයන්ට යොමු වීම තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැක. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ශුභදායකයි. ගෙදරදොර කටයුතු යුගදිවිය සම්බන්ධ කටයුතු යහපත් වේ. සමගිය සාමයට බාධා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් ශුභදායක ආරංචි ලැබේ. ගමන්බිමන් අධික වේ.

ජය වර්ණය: නිල්   ජය අංකය: 06

වෘශ්චික – කල්පනාකාරී වන්න

වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේදී විටින් විට අවහිරතා බාධාවලට ඉඩ පවතී. එම නිසා තම කටයුතු කරගෙන යාමේදී බුද්ධිමත්වද විමසිලිමත්වද ක්‍රියා කළ යුතුයි. නොඑසේ නම් ආකූලතා ඉස්මතු කළ හැක. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් අයහපත් නොවේ. විවිධ ක්ෂේත්‍රයන්ට යොමුවීම තුළ ආර්ථික වාසි ලබයි. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතුවලදීද කල්පනාකාරී වන්න. වචන පාවිච්චියේදී වඩාත් කල්පනාකාරී වන්න. ප්‍රවේශම් වන්න. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් කාලයත්, ධනයත්, ශ්‍රමයත් වැයවේ. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක  ප්‍රතිඵලයක් ලැබිය හැක. අනතුරු පීඩාදියට ඉඩ පවතී.

ජය වර්ණය: රතු   ජය අංකය: 09

ධනු – මිශ්‍රඵලයි

ආර්ථික සහ මූල්‍යමය වශයෙන් තම කටයුතුවල සාර්ථකත්වයක් පෙන්වයි. විවිධ අංශයන් තුළින් ආදායම් ලබයි. විටෙක අනපේක්ෂිත ලාභ පෙන්වයි. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේදී විටෙක බාධා අවහිරතාවන්ට ඉඩ නැත්තේද නොවේ. උසස් අය සමග කටයුතු කිරීමේදී සැලකිලිමත් විය යුත්තේය. ගෙදරදොර කටයුතු යහපත්ය. සමගිය සාමයට එතරම් බාධා අවහිරතා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් තරමක් කල්පනාකාරී වන්න. තරුණ තරුණියන් අතර ප්‍රේම සම්බන්ධතා වර්ධනය වේ. අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිටින අයට ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵලයක් උදා කර ගත හැක.

ජය වර්ණය: රන්වන්  ජය අංකය: 03

මකර – වාසි සහගතයි

වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල ප්‍රගතියක් දියුණුවක් ඇති කරයි. ශාස්ත්‍රීය කටයුතුවල යෙදී සිටින අයට සාර්ථක ප්‍රතිඵලයක් ලබයි. අන්‍යයන්ගේ සහයෝගය ලැබිම තුළ තමාගේ කටයුතු සාර්ථක වේ. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් ඉතාම ශුභයි. විවිධ ක්ෂේත්‍රයන්ට යොමු වීම තුළ ආදායම් වාසි පුළුල් කරගනී. ගෙදරදොර කටයුතු ගැන ශුභදායක ආරංචි ලැබේ. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට අළුත් විෂයයන් ඉගෙනීමට ඉඩ ලැබේ. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන තරමක් ප්‍රවේශම් විය යුතුයි.

ජය වර්ණය: නිල්   ජය අංකය: 08

කුම්භ – මිශ්‍රඵලයි

වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කර ගෙන යාමේදී තමා බලා‍පොරොත්තු වන තරමට සාර්ථක ප්‍රතිඵලයක් උදා නොකරයි. යම් යම් බාධා ප්‍රමාදතාවන්ටද ඉඩ පවතී. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් අයහපත් නොවේ. විවිධ ක්ෂේත්‍රයන්ට යොමුවීම තුළ ආදායම් මාර්ග උපයා ගනී. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ශුභයි. වාසි ලබයි. ගෙදරදොර කටයුතුවලදී තරමක් කල්පනාකාරී වන්න. එහෙත් සමගිය සාමයට එතරම් බාධා එල්ල නොවේ. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට අලුත් විෂයයන් ඉගෙනීමට පුළුවන. දුරබැහැර ගමන් විදේශ ගමන්බිමන්වලට ශුභදායක වේ.

ජය වර්ණය: නිල්  ජය අංකය: 06

මීන – බුද්ධිමත් වන්න

ආර්ථික සහ මූල්‍යමය වශයෙන් අයහපත් නොවුවද විටෙක ඔබ බලා‍පොරොත්තු වන තරමට සාර්ථක නොවේ. ආදායම් ලැබුණද වියදම් පක්ෂය ද ඉහළ යයි. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේදී තරමක් බුද්ධිමත්ව ක්‍රියා නොකළහොත් බාධා අවහිරතාවන්ට මුහුණදීමට සිදුවේ. ගෙදරදොර කටයුතුවලදී කල්පනාකාරී වන්න. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් කාලයත්, ධනයත්, ශ්‍රමයත් වැය වේ. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට ස්වකීය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵලයක් උදා කරයි. ආගමික සහ සමාජීය කටයුතු කෙරෙහි හිත ඇදී යයි.

ජය වර්ණය: රන්වන්  ජය අංකය: 03

Loading...

සතියේ පලාපල 2016 අගෝස්තු 28 සිට 2016 සැප්තැම්බර් 03 දක්වා

Post a Comment

Powered by Blogger.