Loading...
ඉර උදාව - පෙරවරු 06:04 ට
ඉර බැසීම - පස්වරු 18:21 ට
රාහු කාලය
දිවා 10:38 සිට 12:10 දක්වා.
රාත්‍රී 22:42 සිට 00:10 දක්වා.
සුභ දිශාව - උතුර
මරු සිටින දිශාව - ගිණිකොන

මේෂ ලග්නය

අද දවසේ ඔබ කරන කටයුතු වල යම් ආකාරයක වෙනස් වීම් ඇති වීමට හැකියාවක් පවතිනවා. ඒ අනුව ඔබගේ සැලසුම් වෙනස් වන්නට පුළුවන් අද දිනයේදී. ගමන් බිමන් වලින් යම් ආකාරයක පීඩාකාරී ස්වභාවයක් පවා ඇති කරවන්නට හැකියාව පවතිනවා. විශේෂයෙන්ම ජලාශ්‍රිත පරිසර වලදීත් ආරක්ෂා විය යුතුයි.

වෘෂභ ලග්නය

අද දවසේ ඔබ වැඩිපුරම කටයුතු යොමු කරන්නේ පොත්පත් ආශ්‍රිත කටයුතු වලටයි. එමෙන්ම සන්නිවේදන කටයුතු දියුණු කරගන්නටත් ඔබට අද දිනය ඉතාමත්ම යහපත්. තරමක් විනෝදයෙන් සිටීමට ඔබ වැඩි කැමැත්තක් දක්වනු ඇත. සෑම අයෙකු සමගම මිතුරු ලීලාවෙන් කටයුතු කරන්න.

මිථුන ලග්නය

අද දවසේ ඔබ අසල්වැසියන් සමග කරනු ලබන ගනුදෙනු වැඩි වශයෙන් පවතින බව කිව හැකියි. ඒ ගනුදෙනු කිරීම් වලදී ඔබගේ වචනය භාවිතා කිරීමත් බොහෝ සෙයින් අවධානය යොමු කල යුතු කාලයකි උදා වී ඇත්තේ. නොඑසේනම් උදවුවට ගොසින් ගැටළු ඇති කරගැනීමට හැකියාව පවතිනවා.

කටක ලග්නය

ඔබ අද දිනයේදී අලුත් අලුත් දෑ ඉගෙනගැනීමට ප්‍රියතාවයක් දක්වනු ඇත. එමෙන්ම සතුට වැඩි වශයෙන් පවත්වාගැනීමට උත්සාහ කරන දිනයකි. ඒ නිසාම ඔබ විනෝදකාමී වචන භාවිතා කරන ආකාරයක් දක්නට ලැබෙනවා. සෑම කෙනෙක් සමගම වෙනසක් නැතුව කටයුතු කරන්නට උත්සාහ කරනු ඇත.

සිංහ ලග්නය

අද දවසේ ඔබ ඔබටම අනන්‍ය වූ ආකාරයකට කටයුතු කරන්නට උත්සාහ කරනු ඇත. ඔබගේ අභිමතය පරිදි කටයුතු කරන්නට උත්සාහ කරනු ඇත. කෙසේ වුවත් ඔබ කරනු ලබන කටයුතු පහසුවෙන්ම සාර්ථක කරගැනීමට ඔබට හැකියාව පවතිනවා. මවු දෙමවුපියන් සමග කරන කටයුතු වලදිනම් යම් ආකාරයක චිත්ත පිඩා ඇති වීමේ හැකියාවක් ඔබට පවතිනවා.

කන්‍යා ලග්නය

යම් ආකාරයක දුරස්ථ පරිසරයක දවසේ වැඩි කාලයක් ගත කිරීමට කන්‍යා ලග්න හිමි ඔබට හැකියාව ලැබේවි. එමෙන්ම විදේශගත සම්බන්ධතා ශක්තිමත් කරගැනීමටත් ඉතාමත්ම වාසනාවන්ත දිනයකි. ඔබගේ තත්වය උසස් කරගැනීමේ හැකියාවක්ද ඔබට පවතිනවා. නමුත් සෙම් සහිත රෝගාබාධ ඇති විය හැක.

තුලා ලග්නය

කුඩා දරුවන් මුල් කරගත් ක්ෂේත්‍ර වලින් ඔබට වැඩි වශයෙන් මුල්‍ය ශක්තිය අත්පත් කරගැනීමේ හැකියාව පවතිනවා. ඔබට තරමක් වැඩි පිරිසක් සමග අද දිනයේදී කටයුතු කරන්නට සිද්ද වේවි. ඒ නිසාම ඔබගේ මනසට යම්කිසි බර ගතියක් දැනෙනු ඇත. සවස් වන විට යම් ආකාරයක තෙහෙට්ටු ගතියක්ද ඇති වනු ඇත. ආර්ථිකයට යහපත්.

වෘශ්චික ලග්නය

අද දවසේ ඔබ කිසිදු පලක් නැති අල්ලාප සල්ලාපයේ යෙදෙමින් කටයුතු කරනු ඇත. ඒ නිසාම සවස් වනවිට ඔබට යම් ආකාරයක කාර්යබහුල ස්වභාවයක්ද ඇති කරවනවා. නමුත් දහවල් කාලයේදී ඔබගේ දරුවන්ගේ කටයුතු නිසාද ඔබට කාර්යබහුලතාවයක් ඇති වන්නට පුළුවන්. කෙටි ගමන් බිමන් නිතරම උදා වේ. පාද ආශ්‍රිත රෝගාබාධ ඇති විය හැක.

ධනු ලග්නය

දුරස්ථ අධ්‍යාපන කටයුතු වල නිරත වී සිටින උදවියට අද දිනය ඉතාමත්ම යහපත් දිනයක් ලෙසින් හැඳින්විය හැක. අලුත් දේවල් ඉගෙනගැනීමටද හැකියාව ලැබෙන දිනයකි. එමෙන්ම අලුත් අත්හදාබැලීම් සිදු කරන්නටත් අද දිනය ඉතාමත්ම යහපත්. නමුත් අමතක කරන්නට එපා යම්කිසි කාර්යබහුල ස්වභාවයක් අද දිනයේදී දක්නට ලැබෙනවා.

මකර ලග්නය

ඔබගේ ආර්ථික කටයුතු වල යම්කිසි දියුණුවක් අපේක්ෂා කරන්නට ඔබට හැකියි. එමෙන්ම උසස් අධ්‍යාපන කටයුතු වල නිරත වන දරුවන්ගේ උසස් අධ්‍යාපන කටයුතු ද සාර්ථක කරගැනීමට හැකියාව පවතිනවා. තරග විභාග වලට සහභාගී වීමට බලාපොරොත්තු වන මකර ලග්න හිමියන්ට ඉතාමත් යහපත්. නමුත් අද ඔබ විනෝදයට වැඩි නැඹුරුවක් දක්වයි.

කුම්භ ලග්නය

අද දිනයේදී ප්‍රේමනීය කටයුතු වලට සහ විවාහාදී කටයුතු වලට ඉතාමත්ම යහපත්. කල් පසුවූ විවාහාදී කටයුතු පිළිබඳව වැඩිහිටියන් සමග කතා කිරීමට ඉතාමත්ම යහපත්. මේ නිසාම තරමක මානසික සතුටක් ඔබට ඇති වන්නට පුළුවන්. එමෙන්ම විනෝදකාමී ලෙස කටයුතු කරන්නටත් ඔබට හැකියාව ලැබේවි. අධ්‍යාපන කටයුතු දුරස් වේ.

මීන ලග්නය

මීන ලග්න හිමියන් අද දිනයේදී නිවසින් බැහැරව කටයුතු කරනු ඇත. ආහාර ගැනීමේ රටාවේ වුවත් යම්කිසි වෙනසක් බලාපොරොත්තු වන්නට පුළුවන්. ඔබ දිගුකාලින රෝගයක් සඳහා ඖෂධයක් භාවිතා කරන අයෙකුනම් ආමාශගත රෝගාබාධ වලින් යම්කිසි බලපෑමක් ඇති කරවනු ඇත. සවස් වරුවේ ඔබ ආගමික පරිසරයක කටයුතු කරන්නට පෙළඹෙනු ඇත.

Loading...

2016 අගෝස්තු මස 26 වන සිකුරාදා - අද දවස ඔබට කොහොමද?

Post a Comment

Powered by Blogger.