Loading...
ඉර උදාව - පෙරවරු 06:04 ට
ඉර බැසීම - පස්වරු 18:21 ට
රාහු කාලය
දිවා 13:42 සිට 15:13 දක්වා.
රාත්‍රී 01:39 සිට 03:07 දක්වා.
සුභ දිශාව - උතුර
මරු සිටින දිශාව - දකුණ

මේෂ ලග්නය

සැලසුම් සකස් කරන්නටත් නව කටයුතු ආරම්භ කිරීමටත් අද දිනයේ උදෑසන කාලය ඉතාමත්ම වැදගත්. උසස් නිලධාරින්ගේ අවධානය, ආකර්ෂණය ඔබ කරා යොමු වනු ඇත. නමුත් අද සවස් වරුවේනම් යම් ආකාරයක අශුභ බලපෑම් ඇති කරවන්නට හැකියාවක් පවතිනවා.

වෘෂභ ලග්නය

ඔබ අද දිනයේදී තරමක් තද සිතින් කරන කටයුතු ආරම්භ කරන දවසක් ලෙස හඳුන්වන්නට පුළුවන. චිත්ත ඒකාග්‍රතාව සහිතව සිදු කරනු ලබන සෑම කටයුත්තකින්ම වෘෂභ ලග්නයෙන් උපන් ඔබට විජයග්‍රහණය කරන්නට හැකියාව පවතිනවා. මනසට පීඩාවන් ඇති වන්නට පුළුවන්.

මිථුන ලග්නය

උදෑසන කාලපරිච්චේදය තුල ඔබ කරන කියන කටයුතු වල කාර්යබහුලත්වයක් දැකීමට පුළුවන්. ඔබ කරන සැම කටයුත්තක්ම සැලසුම්සහගතව සිදු කරන්නට අමතක කරන්නට එපා. දෛනික කටයුතු වලට යම් අශුභ බලපැමක් ඇති කරවන්නට පුළුවන්. ආමාශගත රෝගාබාධ ඇති වන්නට පුළුවන්.

කටක ලග්නය

ඔබගේ සිතට යම් ආකාරයක කනස්සලු ස්වභාවයක් ඇති වන්නට පුළුවන්. ශරීරය, හිස ආශ්‍රිතව උණුසුම් තත්වයක් උදා කරවනවා. ඔබගේ ඇස් වල දැවිල්ල ගතියක් ඇති වන්නටද පුළුවන්. සවස් වරුව සෞම්‍ය වාසනාවන්ත කාලයකි. ජලාශ්‍රිත පරිසර වලින් ඔබගේ ආර්තිකයට වැඩි වාසි ඇති කරවනවා.

සිංහ ලග්නය

ඔබට අද දිනයේදී රුචක නමැති පංචමහා පුරුශයෝගයක ශක්තිය උදා කරවමින්. අද දවසේ කටයුතු සාර්ථක කරගැනීමට හැකි වනු ඇත. ආර්ථික තත්වයද අනිවාර්යෙන්ම සාර්ථක වනු ඇත. උෂ්ණගත රෝග ඇති වීමට ඉඩ ඇති අතර දෛනික කටයුතු වලට සුළු අශුභ බලපෑම් ඇති කරවන්නට පුලුවන්.

කන්‍යා ලග්නය

උදෑසන කාලපරිච්චේදය තුලදී ඔබට තරමක් සෞම්‍ය ලීලාවෙන් කටයුතු කරන්නට හැකියාව ලැබෙනු ඇත. උදැසන කාලපරිච්චේදයේදී ඔබ අනිවාර්යෙන්ම විදේශගත සම්බන්ධතා දියුණු කරගනු ඇත. එමෙන්ම අන්‍ය ආගමික අන්‍ය දේශිත පුද්ගලයින් සමග කරනු ලබන කටයුතුද සාර්ථක වනු ඇත.

තුලා ලග්නය

ඔබ අද දිනයේදී කරනු ලබන කටයුතු ඉතාමත්ම හොඳින් ආරක්ශාකාරීව කටයුතු කල යුතුයි. එමෙන්ම ඔබට අනිවාර්යෙන්ම අද දිනයේදී කාර්යබහුල තත්වයක් උදා කර පවතිනවා. ඇවිදීමේදී, ගමනේදී බිමනේදී වම් පාදය වම් අත ආශ්රිතව තැලීම් ආදිය සිදු විය හැකියි. සැලසුම්සහගත වීම මත සාර්ථකත්වය අත් වේවි.

වෘශ්චික ලග්නය

අද දිනයේදී උදෑසන කාලයේදී වෘශ්චික ලග්න හිමි ඔබ තමන්ගේ වෘත්තීය තත්වය ගොඩනගාගැනීමට අරගලයක නිරත වන බව කිව හැකියි. එමෙන්ම ඔබ අද දිනයේදී කාර්යබහුල ආකාරයෙන් ඔබගේ කටයුතු වල නිරත වනු ඇත. තාක්ෂණික ක්ෂේත්‍ර වල නිරත වන උදවියට ඉතාමත්ම සාර්ථක දිනයකි.

ධනු ලග්නය

ඔබට අද දිනය උදා වන්නේ පංචමහා පුරුශයෝගයක ශක්තියද උදා කරවමින්. ඔබ අද දිනයේදී කරනු ලබන සෑම කටයුත්තකදීම ඔබගේ ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වන්නට අමතක කරන්නට එපා. ඔබගේ ව්‍යාපාරික කටයුතු වලනම් පැහැදිලි දියුණුවක් අපේක්ෂා කරන්නට පුළුවන්.

මකර ලග්නය

ඔබ අද දිනයේදී කරනු ලබන සෑම කටයුත්තක්ම ඉතාමත්ම කල්පනාකාරී ලීලාවෙන් සිදු කරනු ඇත. දුරදිග බලා සිදු කරන සෑම කටයුත්තකින්ම මකර ලග්න හිමියන්ට සාර්ථකත්වය උදා කරගන්නට පුළුවන්. එමෙන්ම රැකියා කටයුතු වල නිරත වන උදවියට සාර්තකත්වය උදා වනු ඇත.

කුම්භ ලග්නය

අද දිනයේදී ඔබ සෞම්‍ය ලීලාවෙන් කටයුතු කරන්නට පෙළඹෙනු ඇත. ගෙදරදොරේ වැඩිදියුණු කිරීම් කටයුතු සඳහා වැඩි වශයෙන් ඔබ අද දිනයේදී කාලය වෙන් කරනු ඇත. එමෙන්ම තාක්ෂණික ක්ෂේත්‍ර වල නිරතව සිටින අයට අද දිනයේදී යම් ආකාරයක කාර්යබහුල තත්වයක් දැකගන්නට පුළුවන්.

මීන ලග්නය

අද දිනයේදී ඔබට භද්‍රා නමැති යෝගයක් උදා වී පවතිනවා. ඔබ අද දිනයේදී වැඩි කාලපරිච්චේදයක් වෙන් කරනු ලබන්නේ ඔබගේ හවුල් ව්‍යාපාර කටයුතු වෙනුවෙන්ය. සැලසුම් සහගතව කටයුතු කරන්නට සිතට ගත යුතුයි. උපදේශනාත්මක වෘත්තීන් වල නිරත වන උදවියටත් ඉතාමත්ම යහපත්.

Loading...

2016 අගෝස්තු මස 25 වන බ්‍රහස්පතින්දා - අද දවස ඔබට කොහොමද?

Post a Comment

Powered by Blogger.