Loading...
2016 අගෝස්තු මස 24 වන බදාදා
ඉර උදාව - පෙරවරු 06:04 ට
ඉර බැසීම - පස්වරු 18:22 ට
රාහු කාලය
දිවා 12:11 සිට 13:43 දක්වා.
රාත්‍රී 00:11 සිට 01:38 දක්වා.
සුභ දිශාව - උතුර
මරු සිටින දිශාව - නිරිත

මේෂ ලග්නය

ඔබට අද දිනයේ බුධ ආදිත්‍ය යෝගයක්, උභයචාරී යෝගයක් උදා වී පවතිනවා. ඔබට අද දිනය ඉතාමත්ම ශුභයි. පෞරුෂය කෙරෙහි වෙනදාට වඩා වැඩිපුර සිත යොමන දිනයක් ලෙසින් හඳුන්වන්නට පුළුවන්. එම නිසා අද දිනය තුල ඔබ ආගිය තැන කැපී පෙනෙන ගති ලක්ෂණ ඇති වනු ඇත.

වෘෂභ ලග්නය

අද දිනයේ ඔබට පංචමහා පුරුශයෝගයක් වන රුචක යෝගයක් උදා වී පවතිනවා. අද දවසේ තැන්පත් මුදල් වර්ධනය කරගැනීමට වෘෂභ ලග්න හිමියන්ට හැකියාව ලැබෙනු ඇත. ආදරයට, ප්‍රේමයට අද දිනයේ ස්ථාවරත්වය ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇත. වැඩිහිටි ආශිර්වාදය ලබාගැනීමටද හැකියාව ලැබේවි.

මිථුන ලග්නය

යානවාහන ගේ දොර ආශ්‍රිතව යම් යම් නීති කරදර පැවතුනානම්, එම කටයුතු නිසි ආකාරයෙන් නිම කර ගැනීමට ඔබට හැකියාව ලැබෙනු ඇත. ලිපි ලේඛන ආශ්‍රිත යම් යම් බාධා කරදර පැවතුනානම් එම කටයුතු ද නිසි ආකාරයට නිම කරගැනීමට හැකියාව ලැබේවි. තාක්ෂණික අංශ වල කටයුතු සාර්ථක කරගැනීමට ඔබට හැකි වනු ඇත.

කටක ලග්නය

ගංගා ඇලදොළ ආශ්‍රිත ස්නානය කිරීම් වලින් ඉතාමත්ම හොදින් ප්‍රවේශම් විය යුතුයි. විදේශගත ගමන් බිමන් පිලිබඳ බලාපොරොත්තුවෙන් සිටින කටක ලග්න හිමියන්ට එම කටයුතු සාර්ථක කරගැනීමටද හැකියාව ලැබේ. ඒ ආශ්‍රිත යටිතල පහසුකම් සාර්ථක වන ස්වභාවයක් දක්නට ලැබෙන බව කිව යුතුයි.

සිංහ ලග්නය

ඔබට ඉතාමත්ම ශුභ ග්‍රහ තත්වයක් පෙන්නුම් කරන දිනයක් ලෙසින් අද දිනය හඳුන්වන්නට හැකියාව පවතිනවා. පංච මහා පුරුෂ යෝගයක් වන රුචක නමැති යෝගයක් උදා වී තිබෙනවා. රැකියාව ආශ්‍රිතව ප්‍රධානීන්ගේ ආදරය ගෞරවය දිනාගැනීමටත් අද දිනයේ සිංහ ලග්න හිමියන්ට හැකියාව ලැබෙනු ඇත.

කන්‍යා ලග්නය

හවුල්කාර ව්‍යාපාර වල නිරත වී සිටින කන්‍යා ලග්න හිමියන්ට අද දිනය ඉතාමත්ම වැදගත්. ඔවුන්ට ධන වාසනාව කැන්දන දිනයක් ලෙස අද දිනය හඳුන්වන්නට පුළුවන්. අතිශය කාර්යබහුල ස්වභාවයක් ඇති කරන්නටත් ඉඩකඩ පවතිනවා. තීන්දු තීරණ ගැනීමට සුදුසු කාලයක් නොවෙයි මේ උදා වී ඇත්තේ.

තුලා ලග්නය

අද දිනයේ තුලා ලග්නයෙන් උපන් ඔබට තරමක් කේන්ති සහගත තත්වයක් ඇති වීමට ඉඩකඩක් පවතිනවා. මේ නිසා ඔබ වචන භාවිතා කිරීමේදී තරමක් ප්‍රවේශම් වීම ඉතා වැදගත්. තීන්දු තීරණ ගැනීමේදී සෞම්‍ය ආකාරයෙන් සිතා මතා කටයුතු කිරීම වැදගත්. නොඑසේනම් චිත්ත පීඩා ඇති වීමට ඉඩකඩක් පවතිනවා.

වෘශ්චික ලග්නය

අද දවසේ ඔබට ඔබගේ සියලු කටයුතු සඳහා අන් අයගේ උදවු ලබාගැනීමේ හැකියාව පවතිනවා. නමුත් තරමක් මුරණ්ඩු ගති ස්වභාවයක් හේතුකොටගෙන ඔබට බාධාකාරී තත්වයන් වලට ලක් වීමට හැකියාව ඇත. ඒ සම්බන්ධයෙන් තරමක් කල්පනාකාරීව කටයුතු නොකලොත් අනවශ්‍ය නීති කරදර පවා ඇති වීමට ඉඩ ඇත.

ධනු ලග්නය

ධනාත්මක සිතිවිලි මුල් කරගෙන දිනය ආරම්භ කිරීමට ඔබට හැකියාව ලැබේවි. නැවුම් බලාපොරොත්තු වල බලයෙන් ඔබ ජීවත් වන බවක් ඔබට දැනේවි. පවතින තත්වය අනුව කරන කියන කටයුතු වල කුඩා කුඩා බාධාකාරී තත්වයන් ඇති කරලීමට හැකියාව පවතිනවා. වැටීම්, තැලීම් වලින් තුවාල සිදු වීමට පුළුවන්.

මකර ලග්නය

ඔබගේ දුවා දරුවන්ට යමක් කියා දෙන්නට මෙන්ම ඔවුන් සමග කාලය ගත කරන්නටත් ඔබට හැකියාව ලැබෙනු ඇත. රැකි රක්ෂා වෙලහෙලන්දාම් කටයුතු වලින් වුවත් ඔබට ඉදිරියට යාමට වාසනා ශක්තිය උදා වනවා මෙන්ම ඒ හරහා අලුත් ධන මාර්ග උපයාගන්නටත් ඔබට හැකියාව ලැබෙනු ඇත.

කුම්භ ලග්නය

නිර්මාණශීලී කටයුතු වල නිරත වීමෙන් ඔබගේ කටයුතු සාර්ථක කරගැනීමට ඔබට හැකියාව ලැබෙනු ඇත. විදේශ රටවල සහ වෙනත් ආගම් වල පුද්ගලන් සමග ඔබ කරනු ලබන ගනුදෙනු වලින් ඔබට ජය අත්පත් කරගැනීමට හැකියාව ලැබෙනු ඇත. සිතිවිලි යහපත් මට්ටමක පවත්වා ගැනීමට උත්සාහ ගන්න.

මීන ලග්නය

තරමක් කම්මැලි ගති ලක්ෂණ මතු වන ස්වභාවයක් දක්නට ලැබෙනවා. ඔබ ජලය මුල් කරගෙන කරනු ලබන කටයුතු වලදී අද දවසේ ඉතාමත්ම කල්පනාකාරී විය යුතුයි. මුල්‍ය සහ පරිපාලන ක්ෂේත්‍ර වල නිරත වන මීන ලග්න හිමි ඔබටනම් අද දවස ඉතාමත්ම කාර්යබහුල වනු ඇත. කලාකාමී සිතිවිලි උත්දීපනය වේවි.

Loading...

2016 අගෝස්තු මස 24 වන බදාදා - අද දවස ඔබට කොහොමද?

Post a Comment

Powered by Blogger.