Loading...
මේෂ – ගමන් අධිකයි

හිතුවක්කාර මුරණ්ඩුකාරී ස්වභාවයක් ගෙන කටයුතු කරයි. නිතර ඇවිදීමට ප්‍රිය කරයි. විටෙක මතෛක් කරගෙන යන කටයුතු අතපසු වේ. එහෙත් අඩක් කර නවතා තිබුණ වැඩක සාර්ථක ප්‍රතිපලයක් ලැබිය  හැක. තමා මහන්සි වී කරන වැඩවල ප්‍රතිපල අන්‍යයන් ලබා ගනී. ආර්ථික වශයෙන් යහපත් වුවද වියදම් පක්ෂය පාලනය කිරීම අසීරුය. ගෙදරදොර කටයුතු යුගදිවිය සම්බන්ධ කටයුතුවලදී තරමක් ඉවසීමෙන්ද බුද්ධිමත්වද ක්‍රියා කළ යුතුයි. දරුවන්ගේ කටයුතු ගැන සැලකිලිමත් වන්න. ගෙදරදොර කටයුතුවලදී නොයෙකුත් දුෂ්කරතා ද ඇතිවේ. වැටීම, තැළීම්, තුවාල, අනතුරු, පීඩාදියට ඉඩ පවතී.

ජය වර්ණය: රතු   ජය අංකය: 09

වෘෂභ – පිට පළාත්වල ගමන් ඇතිවේ

පවුල සමග ඇතිවූ ආශ්‍රය තරමක් දුරස් වේ. අඹුසැමි සබදතා ද අඩුවේ. තාවකාලික ප්‍රේම සබඳතා තරුණ තරුණියන් අතර ඇතිවේ. කෙසේද වුවත් යම් කිසි ශාස්ත්‍රයක් ගැන හොඳ අවබෝධයක් ඇතිකර ගැනීමට ඉඩ ලැබේ. අත්දැකීම්වලින්ම යම් යම් දේ ගැන දැනගැනීමට ඉඩ ලැබේ. මිල මුදල් තත්ත්වය එතරම්ම යහපත් නැත. මිල මුදල් සම්බන්ධ කටයුතුවලදී තරමක් සැලකිලිමත් විය යුතුයි. ආදායම් අඩුවන අතර විදයම් පක්ෂය ඉහළ යයි. ආගමික අංශයට නැඹුරුවී ක්‍රියා කිරීම තුළ සහනයක්ද, සැනසීමක්ද ලබයි. වෘත්තීය සහ රැකීරක්ෂා අංශයේදී ස්ථිර නැති වැඩපිළිවෙළක් අනුව කටයුතු කරයි.

ජය වර්ණය: නිල්   ජය අංකය: 06

මිථුන – ප්‍රසිද්ධිය ලැබේ

තම ජීවිතයෙහි කිසියම් අමුතු උදාවක් සිදු වේ. කලක සිට මහන්සියෙන් කරගෙන ගිය කටයුතුවල ප්‍රයෝජනයක් ලබයි. සමාජය තුළ කටයුතු කිරීමේදී තරමක ප්‍රසිද්ධියක් උදා කර ගනී. අලුත් හිතමිතුරන් රාශියක් හඳුනා ගැනීමට අවස්ථාව සැලසේ. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවලදී බලා‍පොරොත්තු කිහිපයක් ඉෂ්ඨ සිද්ධ කර ගනී. ආදායම් ලැබිම අතින් ශුභදායක වේ. අන්‍යයන්ගේ හොඳ හිත දිනා ගැනීමට අවස්ථාව උදාවේ. ගෙදරදොර කටයුතු යහපත්ය. සමගිය සාමයද උදා වේ. අධ්‍යාපන කටයුතුවල නියුක්ත අයට ශුභදායක වනු ඇත. ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ කිසියම් සාර්ථක ප්‍රතිපලයක් උදා කර ගනු ඇත.

ජය වර්ණය: කොළ  ජය අංකය: 05

කටක – අලුත් ඉගෙනීම්වලට යොමු වේ

වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේදී සුළු සුළු බාධා අවහිරතා ගැටලුකාරී තත්ත්වයන්ට ඉඩ පවතී. එසේද වුවත් ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිපලයක් ලබයි. උසස් අයගේ ආධාරය උපකාරය ඔබට ලැබේ. ආර්ථික සහ මූල්‍යමය වශයෙන්ද කිසියම් මට්ටමක සාර්ථක බවක් ගෙන දේ. ගෙදරදොර කටයුතුවලදී තරමක් විමසිලිමත්වද බුද්ධිමත්වද ක්‍රියා කළ යුතුයි. නොඑසේ නම් ආකූල, ව්‍යාකූලතාවන්ට ඉඩ මතු කළ හැකි බැවිනි. දරුවන්ගේ කටයුතු උදෙසා කාලයත් ධනයත් ශ්‍රමයත් වැයවේ. අධ්‍යාපන ක්ෂේත්‍රයේ නියුක්ත වන අයට අලුත් ඉගෙනීම්වලට යොමු වේ. තමාගේ සෞඛ්‍යය ගැන ප්‍රවේශම් වන්න.

ජය වර්ණය: ක්‍රීම් පාට  ජය අංකය: 02

සිංහ – අමුතු දේ සෙවීමට උනන්දු වේ

කරගෙන යන වැඩපිළිවළෙහි වෙනස්කම් ඇති කරයි. අලුත් අමුතු දේවල් නිපදවා ගැනීමට හැකි ඥානයක් මතුවේ. විටෙක තරමක් හිතුවක්කාරී අන්දමින් යුතුව කටයුතු කරයි. ඒ තුළ යම් යම් අවහිරතාවයන් ඇතිවීමේ ඉඩක් ද පවතී. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් ශුභදායකයි. විවිධ ක්ෂේත්‍රයන්ට යොමු වීම තුළ ආදායම් මාර්ග උපයා ගනු ඇත. ගෙදරදොර කටයුතුවලදී සමගිය සාමයට බාධා එල්ල නොවේ. පිට අයගේ ආශ්‍රය ලැබේ. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් කල්පනාකාරී විය යුතුයි. ඉගෙනීමේ කටයුතු වලදී ස්වකී උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵලයක් උදාකර ගත හැක. ගමන් බිමන් අධිකයි.

ජය වර්ණය: රෝස  ජය අංකය: 01

කන්‍යා – හදිසි ලාභ ගෙනදේ

මිල මුදල් සම්බන්ධ කටයුතුවලට යහපත්ය. අනපේක්ෂිත ලාභ ප්‍රයෝජන වාසි ගෙනදේ. උරුම හිමිකම්වලට ඉඩ පවතී. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවලදී තරමක් ප්‍රවේශම් විය යුතුයි. උසස් නිලධාරීන් රජයේ නිලධාරීන් සමග කටයුතු කිරීමේදී කල්පනාකාරීවද බුද්ධිමත්වද ක්‍රියා කළ යුතුයි. ගෙදරදොර කටයුතුවලදී තරමක් ප්‍රවේශම් විය යුතුය. වචන පාවිච්චියේදී වඩාත් සැලකිලිමත් වන්න. විටෙක සමගිය සාමයද බාධා අවහිරතා එල්ල විය හැක. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් තරමක් කල්පනාකාරීවද විමසිලිමත්වද ක්‍රියා කළ යුතුයි. ශරීර සෞඛ්‍යය ගැන තරමක් ප්‍රවේශම් වන්න. සංකීර්ණ රෝගයන්ට ඉඩ පවතින බැවිනි.

ජය වර්ණය: කොළ  ජය අංකය: 05

තුලා – මිශ්‍රපලයි

ආර්ථික සහ මූල්‍යමය වශයෙන් යහපත් නොවේ. විවිධ අංශයන්ට යොමුවීම තුළ සාර්ථක ප්‍රතිඵලයක් උදා කරනු ඇත. ලාබ සහිතයි. කෙසේද වුවත් මිල මුදල් නාස්තිවීම් වියදම් අධිකවීම් යනාදියට ඉඩ නැත්තේද නොවේ. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු යහපත් බවක් පෙන්නම් කළද අන්‍යයන් තමා වෙත උඩින් පෙන්වන හිතවත්කම ඇතුළතින් නොදක්වන නිසා කටයුතු කරගෙන යාමේදී ඉතාමත් බුද්ධිමත්වද විමසිලිමත්වද ක්‍රියා කළ යුතුයි. දරුවන්ගේ කටයුතුවල ප්‍රගතියක් පෙන්වයි.

ජය වර්ණය: නිල්   ජය අංකය: 06

වෘශ්චික – වාසි ගෙනදේ

වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවලදී බාධා ඇතත් අන්‍යයන්ගේ ආධාරය උපකාරය ලැබිම තුළ තමාගේ කටයුතු ලෙහෙසියෙන්ද පහසුවෙන්ද ඉටු කරනු ඇත. අලුත් කටයුතු කිහිපයකට සැලසුම් සකස් වේ. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් වඩාත් ශුභදායකයි. විවිධ ක්ෂේත්‍රයන්ට යොමුවීම තුළ ලාභ ප්‍රයෝජන උදා කර ගත හැක. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට වඩාත් ශුභදායකයි. වාසි ගෙනදේ. ගෙදරදොර කටයුතු යහපත්ය. සමගිය සාමය සුරක්ෂිත වනු ඇත. දරුවන්ගේ කටයුතු උදෙසා කාලයත්, ධනයත්, ශ්‍රමයත් වැයවේ. අධ්‍යාපන ක්ෂේත්‍රයේ නියුක්ත අයට ශුභයි. අලුත් විෂයයන් හැදෑරීමේ අවස්ථාව සැලසේ. ගමන් බිමන් අධිකයි. ආගමික අංශයට නැඹුරුවක් ගෙනදේ.

ජය වර්ණය: රතු   ජය අංකය: 09

ධනු – මිශ්‍රපලයි

ආර්ථික සහ මූල්‍යමය වශයෙන් මෙම සතිය ඔබට අයහපත් නොවේ. විවිධ අංශයන් තුළ කටයුතු කිරීම මගින් ආදායම් මාර්ග විවර කරගත හැක. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ශුභදායකයි. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවලදී අන්‍යයන් සමග කටයුතු කිරීමේදී තරමක් ප්‍රවේශම් විය යුතුයි. නොඑසේ නම් ආකූලතා ව්‍යාකූලතාවන් ඉස්මතු කරනු ඇත. ගෙදෙරදොර කටයුතු සාමාන්‍ය අන්දමට සිදුවේ. දරුවන්ගේ කටයුතු කෙරෙහි අවධානයෙන් පසුවිය යුතුයි. අධ්‍යාපන කටයුතුවල නියුක්ත අයට අලුත් විෂයන් ඉගෙනීමට අවස්ථාවක් සැලසේ. ගමන් බිමන් අධිකයි. ආගමික සහ සමාජීය කටයුතුවලට හිත ඇදී යයි. ගමන් බිමන්වලදී ප්‍රවේශම් විය යුතුයි.

ජය වර්ණය: රන්වන්    ජය අංකය: 03

මකර – දියුණුවක් ලබයි

ආර්ථික සහ මූල්‍යමය වශයෙන් විවිධ ක්ෂේත්‍රයන්ට යොමු වීම තුළ වාසි සහගත තත්ත්වයක් උදා කරනු ඇත. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ශුභදායකයි. ලාභ ප්‍රයෝජන සහිතයි. වෘත්තීය සහ රැකීරක්ෂා ක්ෂේත්‍රයේදී කිසියම් මට්ටමක සාර්ථක දියුණුවකට යොමු වේ. අන්‍යයන්ගේ සහයෝගය ලැබිම තුළ තමාගේ කටයුතු සාර්ථක වනු ඇත. ලෙහෙසියෙන් පහසුවෙන් ඉටුවේ. ගෙදෙරදොර කටයුතු යහපත්ය. සමගිය සාමයට එතරම් බාධා හා අවහිරතා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතු සම්බන්ධ ශුභදායක ආරංචි ලැබේ. අධ්‍යාපන ක්ෂේත්‍රවල නියුක්ත අයට ගුප්ත විද්‍යා ක්ෂේත්‍රවලට හිත ඇදී  යයි. දුරබැහැර ගමන් බිමන් අධිකයි.

ජය වර්ණය: නිල්   ජය අංකය: 08

කුම්භ – දුරබැහැර ගමන් යෙදේ

කරගෙන යන කටයුතුවලදී වරින් වර වෙනස්වීම් ඇති කරයි. අලුත් අලුත් සැලසුම්වලට අනුකූලව තමාගේ කටයුතු වෙනස් වේ. තරමක් හිතුවක්කාරී ගමන් බිමන් වලටද ඉඩ පවතී. විදේශීය සම්බන්ධතා මත කරන කටයුතුවල කිසියම් සාර්ථක බවක් ලැබෙනු ඇත. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් යහපත්ය. විවිධ ක්ෂේත්‍රයන්ට යොමුවීම තුළ ආර්ථික වාසි ගෙනදේ. අධ්‍යාපන ක්ෂේත්‍රයේදී ගුප්ත ශාස්ත්‍රීය කටයුතු කෙරෙහි වැඩි අවධානයක් යොමුවේ. මෙහිදී ද හිතුවක්කාරී ලෙස ක්‍රියා කිරීම තුළ සාර්ථක ප්‍රතිපල ලබා ගනී. ආගමික සහ සමාජීය කටයුතු කෙරෙහි වැඩි නැඹුරුවක් ලබයි. සහනයක් සැනසීමක් ලබයි.

ජය වර්ණය: නිල්   ජය අංකය: 08

මීන – මිශ්‍රපලයි

වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවලදී කිසියම් මට්ටමක දියුණුවක් අභිවෘද්ධියක් ලබයි. උසස් නිලධාරීන්ගේ ආධාරය උපකාරය ලැබිම තුළ තමාගේ කටයුතුවල සාර්ථක ප්‍රතිපල උදාකර ගත හැක. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් යහපත් බවක් උදා කරයි. ආදායම් ලැබුණද ඔබට වියදම් පක්ෂය පාලනය කර ගැනීම තරමක් දුරට අපහසු වේ. මිල මුදල් සම්බන්ධ කටයුතුවලදී කල්පනාකාරී වන්න. ගෙදරදොර කටයුතු යහපත්ය.  දරුවන්ගේ කටයුතු අරභයා කාලයත් ධනයත් ශ්‍රමයත් වැයවේ. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිපල අත්පත් කර ගත හැක. සෞඛ්‍යය ගැන තරමක් ප්‍රවේශම් වන්න.

ජය වර්ණය: රන්වන් ජය අංකය: 03

Loading...

සතියේ පලාපල 2016 අගෝස්තු 21 සිට 2016 අගෝස්තු 27 දක්වා

Post a Comment

Powered by Blogger.