Loading...
ඉර උදාව - පෙරවරු 06:04 ට
ඉර බැසීම - පස්වරු 18:24 ට
රාහු කාලය
දිවා 09:08 සිට 10:40 දක්වා.
රාත්‍රී 21:16 සිට 22:44 දක්වා.
සුභ දිශාව - දකුණ
මරු සිටින දිශාව - නැගෙනහිර

මේෂ ලග්නය

ඔබ අද කරගෙන යන කටයුතු වල යම් ආකාරයක වෙනස්වීමක් අද දිනයේදී දැකගැනීමට හැකියි. කරන කියන සෑම කටයුත්තකදීම උදෑසන කාලයේදී සැලසුම් සකස් කරගැනීම ඉතාමත්ම වැදගත්. සවස් කාලයේදී සෙම් සහිත රෝගාබාධ වලින් ඔබට යම් යම් බාධාකාරී තත්වයන් උදා කරවීමට පුළුවන්.

වෘෂභ ලග්නය

ඔබට අද දිනයේදී රුචක නමැති පංචමහා පුරුශයෝගයක් උදා වී පවතිනවා. සමස්තයක් ලෙස අද දිනයේදී ඔබට ශුභ ඵල උදා කරනු ලැබුවත් සෙනසුරු ග්‍රහයා ගේ බලපෑම මත කරගෙන යන සෑම කටයුත්තක්ම පහසුවෙන් සාර්ථක කරගැනීමට හැකියාව පවතිනවා. රැකි රක්ෂා කටයුතු වලින් තරමක් දුරස් වනු ඇත.

මිථුන ලග්නය

තරමක් පුණ්‍යවන්ත සිතිවිලි වලින් අද දවසේ ඔබගේ සිත පිරි පවතින ග්‍රහ රටාවකි අද දිනයේදී ඔබට උදා කර ඇත. ඒ නිසාම කරන කියන කටයුතු තරමක් සන්සුන් ලිලාවෙන් කරනු ලබන දිනයකි අද දිනය. වයස් භේදයකින්, ආගම් භේදයකින් කුල භේදයකින් තොරව ඔබ කටයුතු කරනු ඇත.

කටක ලග්නය

ඔබ අද දිනයේදී වික්‍රමාන්විත ලීලාවෙන් කටයුතු කරනු ඇත. නමුත් ඕනාවට වඩා ඔබ කෙරෙහි පවතින විශ්වාසය හේතුවෙන් උදැසන කාලයේදී යම් යම් ගැටලුකාරී තත්වයන්ට මුහුණ දීමට ඔබට සිදු වනු ඇත. ඔබගේ අධ්‍යාපනික කටයුතු වල යම්කිසි දියුණුවක් අපේක්ෂා කරන්නට හැකියි.

සිංහ ලග්නය

අද දිනයේදී ඔබට උදා වී පවතින පංචමහා පුරුශයෝගය හේතුකොටගෙන ඉතාමත්ම ශක්තිමත් ලෙස දිනය ගතකරන්නට හැකියාව ලබන ආකාරයක් දක්නට ලැබෙනවා. ගෙදරදොර ආශ්‍රිත කටයුතු වල වුවත් පැහැදිලි දියුණුවක් අපේක්ෂා කරන්නට පුළුවන්. අලුත් යානවාහන මිලදී ගැනීමට ශුභයි.

කන්‍යා ලග්නය

ඔබ කරන කියන සෑම කටයුත්තකම යම් ආකාරයක චිත්ත පිඩා, සතුරු කරදර ආදිය ඇති වන්නට හැකියාව පවතිනවා. එමනිසාම මානසික අසහනකාරී තත්වයන්ද ඇති කරවීමට පුළුවන්. වැඩ කල් දමන ස්වභාවයකුත් පවතිනවා. වැඩිහිටියන් සමග කරනු ලබන ගනුදෙනු වලදී මනසට එතරම් ප්‍රීතියක් නොවේ.

තුලා ලග්නය

ඔබගේ ලග්න එරාෂ්ඨකයේ අවසාන කාලය සනිටුහන් කරන නිසාවෙන් කරන කියන බොහෝ කටයුතු වල යම් ආකාරයක බාධාකාරී ස්වභාවයක් ඇති කරවන්නට හැකියි. වෙළඳ ව්‍යාපාර කටයුතු වල, යම් කිසි දියුණුවක් අපේක්ෂා කරන්නට පුළුවන්. නමුත් අද දිනයේදී ඔබගේ වියදම් පාර්ශවය තරමක් ඉහළ යනු ඇත.

වෘශ්චික ලග්නය

වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට වාසනාවන්ත දිනයකි උදා වී පවතින්නේ. මවුපස ඥාතින් සමග කරනු ලබන ගනුදෙනු කිරීම් වලදී එම කටයුතු මෙන්ම ආදරණිය කටයුතු ද සාර්ථක කරගැනීමට ඔබට හැකියාව ලැබේවි. කෙටි ගමන් බිමන් වලින් ඔබට යම් යම් බාධාවන් ඇති විය හැකියි. අධික ආත්මවිශ්වාසය අවාසියි.

ධනු ලග්නය

අද දිනය යම් ආකාරයකට ඔබට වාසනාවන්ත දිනයක් ලෙසින් හඳුන්වන්නට පුළුවන්. පැවතුනු චිත්ත පිඩා මෙන්ම අධික වියදම් සහගත ස්වභාවයද මගහැරී යාමට හැකියාවක් පවතිනවා. පසුගිය කාලපරිච්චේදයේදී පිය පාර්ශවිය ඥාතින් සමග සුළු සුළු ආරවුල් පැවතුනානම් පසුගිය ග්‍රහ මාරු වීම් සමග ඔබගේ බාධාවන් දුරුවේවි.

මකර ලග්නය

ඔබට අද දිනයේ කටයුතු වලින් යම් ආකාරයක බාධාකාරී තත්වයන් උදා වීමට හැකියාව පවතිනවා. නමුත් දවස අවසානයේදී ඔබගේ කැපවීම මත අන් අයගේ උදවු උපකාරද ඇතිව ඔබගේ කටයුතු සාර්ථක කරගැනීමට හැකියාව ලැබෙනු ඇත. ජීවිතයේ අලුත් දෑ අත්හදා බලන්නටනම් අද දිනය එතරම් යහපත් නැහැ.

කුම්භ ලග්නය

ඔබ බාහිර අලංකරණය සඳහා වැඩි වශයෙන් වෙහෙස වන දිනයක් ලෙසින් අද දිනය හඳුන්වන්නට පුළුවන්. ඒ වෙනුවෙන් වැඩි මුදල් ප්‍රමාණයක් වෙන් කරනු ඇත. ගෙදරදොරේ සතුට සමාදානය වෙනුවෙනුත් ඔබට යම් මුදලක් වැය කරන්නට සිදු වනු ඇත. ගුරුවරුන් සමග කරනු ලබන ගනුදෙනු වලදී සැලකිලිමත් වන්න.

මීන ලග්නය

ඔබට පැවති සතුරු කරදර බාධා දුරුවී යන ආකාරයක් දක්නට ලැබෙනවා. එවැනි කටයුතු අනාවරණය කරගැනීමටත් ඊට එරෙහිව ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව කතා කිරීමටත් අද දිනය ඉතාමත්ම යහපත්. ආගමික වත්පිළිවෙත් වලින් ඔබගේ ග්‍රහ දොස් සමනය කරගත හැක.

Loading...

2016 අගෝස්තු මස 20 වන සෙනසුරාදා - අද දවස ඔබට කොහොමද?

Post a Comment

Powered by Blogger.