Loading...
 2016 අගෝස්තු මස 21 වන ඉරිදා
ඉර උදාව - පෙරවරු 06:04 ට
ඉර බැසීම - පස්වරු 18:23 ට
රාහු කාලය
දිවා 16:48 සිට 18:20 දක්වා.
රාත්‍රී 04:36 සිට 06:03 දක්වා.
සුභ දිශාව - දකුණ
මරු සිටින දිශාව - උතුර

මේෂ ලග්නය

අද දිනයේදී ඔබ ජලාශ්රිකත කටයුතු වල නිරත වනවානම් එවැනි කටයුතු වල යම් ආකාරයක අශුභ ප්රබතිපල ඇති වන්නට හැකියාවක් පවතිනවා. සෙම් සහිත රෝගාබාධ වලිනුත් ඔබට යම් ආකාරයක බාධාකාරී තත්වයන් ඇති කරන්නට පුළුවන්. උස ස්ථාන වල ගමන් කිරීමේදී ප්‍රවේසම් වන්න.

වෘෂභ ලග්නය

අද දිනයේදී ඔබට රුචක නමැති පංචමහා පුරුශයෝගයක ශක්තියත් සමග විශාල ශක්තියක්ද උරුම කරමිනුයි ඔබට අද දිනය උදා කරවා තිබෙන්නේ. ප්‍රේමනීය සම්බන්ධතා වලට යම් ආකාරයක බාධාකාරි තත්වයන් ඇති වන්නට පුළුවන. එවැනි කටයුතු වලින් අද දවසේ දුරස්වී සිටින්නටත් අද දිනයේදී ඔබ සිතයි.

මිථුන ලග්නය

අද දිනයේදී මිතුන ලග්නයෙන් උපන් ඔබ තරමක උදාසීන ගති ලක්ෂණ ඇති කරවනවා. නමුත් ඔබ ගෙදරදොරේ කටයුතු වලදී සහ යහළු හිතමිත්‍රාදීන් සමග කරනු ලබන කටයුතු වලදී තරමක් විනෝදකාමී ස්වභාවයෙන් යුතුව කල් ගත කරනු ඇත. ජව සම්පන්න ලීලාවකින් කටයුතු කරනු ඇත. එම නිසා බොහෝ දුරට අධ්‍යාපනික සහ අනෙකුත් සමාජයීය කටයුතු වලින් යම් දුරස්ථ බවක් ඇති කරවනවා.

කටක ලග්නය

අද දිනය ඔබට ඉතාමත්ම යහපත්. අද දිනයේදී ඔබගේ මුල්‍ය ශක්තිය වර්ධනය කරගැනීමට ඉතාමත්ම ශුභ ග්‍රහ පිහිටීමක් දක්නට තිබේ. කරන කියන සෑම කටයුත්තකින්ම ඔබට ජයග්‍රහණ උදා කරගැනීමට හැකියාව පවතින බව කිව හැකියි.

සිංහ ලග්නය

අද දිනයේදී සිංහ ලග්නයෙන් උපන් ඔබට රුචක නමැති පංචමහා පුරුශයෝගයක ශක්තිය ඉතාමත්ම හොඳින් බලපවත්වනවා. ගෙදරදොරේ කටයුතු වල යම් ආකාරයක අධික වීමක් අද දිනයේදී ඔබට ගෙනදෙන්නට පුළුවන්. විශේෂයෙන්ම ඔබ ගෘහනියක්නම් අද දිනය ඉතා කාර්යබහුල වනු ඇත.

කන්‍යා ලග්නය

කන්‍යා ලග්න හිමියනට අද දවසේදී කරන කියන කටයුතු සාර්ථක කරගැනීමටත්, රැකියා ආශ්‍රිත ප්‍රශ්න තිබුනානම් එවැනි කටයුතු ද නිරාකරණය කරගැනීමටත් හැකියාව ලැබෙනු ඇත. නව රැකියාවක් සොයාගැනීමටත් හැකියාව ඇත.

තුලා ලග්නය

ඔබට අද දිනය ඉතාමත්ම යහපත් වනවා. කරන කියන කටයුතු ඉතාමත්ම ශුභ වන අතර, දේශයෙන්, ජාතියෙන්, ආගමෙන් පිටස්තරව සිදු කරනු ලබන ගනුදෙනු වලින් ඔබට වාසි සහගත තත්වයන් උදා කරවාගැනීමට හැකියාව ලැබෙනු ඇත.

වෘශ්චික ලග්නය

අද දිනයේදී කරදර, බාධක මධ්‍යයේ ඔබට දවසේ කටයුතු සැලසුම් කරගැනීමට හැකියාව ලැබෙනු ඇත. නමුත්, ඔබ පුර්ණ අවබෝධයකින් යුතුව නිසි අවබෝධයකින් යුතුව කටයුතු දියත් කළහොත් ඔබට ජය අත්පත් කරගැනීමට හැකියාව ඇත.

ධනු ලග්නය

අද දිනයේදී ඔබට හද්‍රා නමැති පංචමහා පුරුශයෝගයක්ද, ධර්මකර්නාධිපති නමැති යෝගයක්ද උදා වී පවතිනවා. එමෙන්ම අද දිනය ඔබට ඉතාමත්ම ශුභයි. එමෙන්ම අද දිනය ඔබට ප්‍රභල ධනයෝගයක් ලෙසින් හඳුන්වන්නට හැකියාව ඇත.

මකර ලග්නය

ඔබට අද දිනය සවස් භාගය වන විට කටයුතු සාර්ථක කරගැනීමට හැකියාව පවතිනවා. බුධ ආදිත්‍ය යෝගයක්, උභයචාරි යෝගයක් උදා වී පැවතීම ඔබට ඉතාමත්ම යහපත්. විදේශගත ගමන් බිමන් වගේම, පිටස්තර අය සමග කරන ගනුදෙනු වලින් සාර්ථකයි.

කුම්භ ලග්නය

අධ්‍යාපනික කටයුතු මෙන්ම පර්යේෂණ ආදී කටයුතු වල නිරත වන කුම්භ ලග්න හිමියනට ඉතාමත්ම යහපත් වන බව කිව යුතුයි. ඔබට අද දිනය ඉතාමත්ම ශුභයි. ගැඹුරු ශිල්ප ශාස්ත්‍ර ඉගෙනගන්නා උදවියටද අද දිනය ඉතාමත්ම යහපත්.

මීන ලග්නය

අද දිනයේදී ඔබට භද්‍රා නමැති පංචමහා පුරුශයෝගයක් උදා වී පවතිනවා. ඔබට අද දිනයේදී අණ කිරීම් වලටනම් එතරම් ශුභ තත්වයක් නොවෙයි දක්නට ලැබෙන්නේ. ආවේගශීලි ගතිගුණ අද දිනයේදී එතරම් යහපත් නොවේ.

Loading...

2016 අගෝස්තු මස 21 වන ඉරිදා - අද දවස ඔබට කොහොමද?

Post a Comment

Powered by Blogger.