Loading...
ඉර උදාව - පෙරවරු 06:05 ට
ඉර බැසීම - පස්වරු 18:24 ට
රාහු කාලය
දිවා 13:45 සිට 15:16 දක්වා.
රාත්‍රී 01:40 සිට 03:07 දක්වා.
සුභ දිශාව - උතුර
මරු සිටින දිශාව - දකුණ

මේෂ ලග්නය

අද දිනය ඔබට තරමක් ආවේගශීලි ගති ලක්ෂණ මතු කරන දිනයකි අද දිනය. එම නිසා වචන භාවිතා කිරීමේදී බොහෝ සෙයින් කල්පනාකාරී වීම ඉතාමත්ම වැදගත්. නමුත් විදේශගත සම්බන්ධතා වඩාත් පහසුවෙන් ශක්තිමත් කරගැනීමට හැකියාව පවතිනවා. ගමන් බිමන් වලින් මානසික පීඩාකාරී ස්වභාවයක්ද ඇති කරවනවා.

වෘෂභ ලග්නය

අද දිනය ඔබට උදා වන්නේ රුචක නමැති පංචමහා පුරුශයෝගයක් උදා කරවමින්. අලුත් රැකියා අවස්ථා උරගා බැලීමට ඔබට අවස්තාව හිමිවේවි. අද දවසේ අලුත් රැකියාවකට අයදුම් කිරීමටද ඔබට ඉතාමත්ම වාසනාවන්තයි. කලකින් මුණනොගැසුණු අයෙකු මුණගැසී ඔබගේ අනාගතය පිළිබඳව කතා කරනු ඇත.

මිථුන ලග්නය

අද දවසේ ඔබ කරනු ලබන සෑම කටයුත්තක් පිළිබඳවම ඔබ වෙනදාට වඩා සැලකිලිමත් වන බවක් දක්නට ලැබෙනවා. නමුත් උදෑසන කාලය යම් ආකාරයක අස්ථාවර ආකාරයක් දක්නට ලැබෙනවා. නමුත් සවස් වන විට ඔබට යම් කිසි සහනදායි මානසික තත්වයක් උදා වනු ඇත. වියදම් පාලනය වේ.

කටක ලග්නය

සවස් වරුවේ ඔබට යම් ආකාරයක අසනීප ගති ලක්ෂණ මෙන්ම යම් කිසි කාර්යබහුල ස්වභාවයක්ද ඇති වන්නට හැකියාවක් පවතිනවා. සැලසුම් සකස් කිරීමේදී අත්‍යවශ්‍ය කටයුතු උදෑසන කාලයේදී සැලසුම් කරන්නට ඔබ වගබලා ගන්න. අධ්‍යාපන කටයුතු වල නිරත වන අයටද ශුභයි.

සිංහ ලග්නය

යානවාහන සහ තාක්ෂණික කටයුතු නිසා ව්‍යාපාරික කටයුතු වල නිරත වන උදවියට ඉතාමත්ම යහපත්. එමෙන්ම යම්කිසි කාර්යබහුල ස්වභාවයක්ද දක්නට ලැබෙනවා. වෙනදාට වඩා ඔබට ඇති වී තිබෙන ස්ථාවර ගති ලක්ෂණ හේතුවෙන් ඔබට හැකියාව ලැබේවි ජයග්‍රහණ අත්පත් කරගන්නට.

කන්‍යා ලග්නය

ඔබට අද දිනයේදී රහස් සතුරු කරදර නිර්මාණය වන ආකාරයක් දක්නට ලැබෙනවා. හැකියාවක් පවතිනවානම් අන් අය සමග සාකච්චා කොට සාමුහික තීරණ ගැනීම වඩාත් වටියි. යම්කිසි රෝගයකට ඖෂධ ගන්නවානම් තරමක් සැලකිලිමත්ව ඒ කටයුතු සිදු කිරීම වැදගත්.

තුලා ලග්නය

ඔබ නව ආයෝජන සඳහා අවධානය යොමු කරවන ආකාරයක් අද දිනයේදී දක්නට ලැබෙනවා. තාක්ෂණික ක්ෂේත්‍ර වල මෙන්ම කර්මාන්ත ක්ෂේත්ර වල නිරත වන උදවියට දියුණුවක් අපේක්ෂා කරන්නට පුළුවන්. අනවශ්‍ය වියදම් පාර්ශවය ඉහල යන ආකාරයක් දක්නට ඇත.

වෘශ්චික ලග්නය

ඔබ කාර්යබහුල ස්වභාවය හේතුකොටගෙන යම්කිසි ආවේගශීලි ගති ලක්ෂණ මතු කරවනවා. ඔබගේ වචන භාවිතා කිරීමේදී තරමක් නම්‍යශීලි ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම ඉතාමත්ම වැදගත්. ඔබට අද දිනය විජයග්‍රාහී දවසක් බවට පහසුවෙන් පත් කරගන්නට හැකියි.

ධනු ලග්නය

ඔබට අද දිනයේදී විදේශගත සම්බන්ධතා වලට වැඩි ඉඩකඩක් වෙන් කර තිබෙනවා. දුරස්ථ අධ්‍යාපනයේ නිරතව සිටින අයටනම් සුළු සුළු බාධාකාරී තත්වයන් ඇති වීමට හැකියාවක් පවතිනවා. කෙටි ගමන් බිමන් බහුල කරනු ලබන ආකාරයක් අද දිනයේදී දක්නට ලැබෙනවා.

මකර ලග්නය

අද දවසේ ඔබගේ කටයුතු පහසුවෙන්ම සාර්ථක කරගැනීමට හැකි වන ආකාරයකි දක්නට ලැබෙන්නේ. තාක්ෂණික ක්ෂේත්‍ර වල නිරත වී සිටින අයට ඉතාමත්ම යහපත් වන ආකාරක් දක්නට ලැබෙනවා. උසස් අධ්‍යාපනික කටයුතු පහසුවෙන්ම සාර්ථක කරගැනීමට හැකියාවක් පවතිනවා.

කුම්භ ලග්නය

ඔබට සවස් වරුවේ ප්‍රභල දියුණුවක් අපේක්ෂා කරන්නට හැකියි. රැකි රක්ෂා කටයුතු ආශ්‍රිතව වුවත් පැහැදිලි දියුණුවක් අපේක්ෂා කරන්නට හැකියි. යුග ජීවිතය තුල තිබු අවාසනාන්ත ස්වභාවය මගහැරි යනු ඇත. සතුට සපිරුණු දිනයක් ලෙසින් හඳුන්වන්නට හැකි දිනයකි.

මීන ලග්නය

ඔබට සුළු සුළු බාධාකාරී තත්වයන් ඇති වන්නාවූ දිනයකි අද දිනය. තමන්ගෙන් අන් අයට වැඩි වාසි අත්පත් වනු ඇත. එමනිසා ගෙදරදොරේ උදවියගෙන් සුළු සුළු බාධාකාරී තත්වයන් ඇති වන්නට පුළුවන්. ඔබගෙන් ගෙදරට වඩා පිට අයට වාසි සහගත තත්වයන් උදා වනු ඇත.

Loading...

2016 අගෝස්තු මස 18 වන බ්‍රහස්පතින්දා - අද දවස ඔබට කොහොමද?

Post a Comment

Powered by Blogger.