Loading...
ඉර උදාව - පෙරවරු 06:05 ට
ඉර බැසීම - පස්වරු 18:25 ට
රාහු කාලය
දිවා 15:17 සිට 16:50 දක්වා.
රාත්‍රී 03:08 සිට 04:36 දක්වා.
සුභ දිශාව - නැගෙනහිර
මරු සිටින දිශාව - බස්නාහිර

මේෂ

රැකියා කටයුතුවල සාර්ථකත්වයක් ඇතිවේ. ව්‍යාපාරිකයන්ට වාසිදායකය. අමතර ධානෝපායන මාර්ග වලින් වාසි සැලසෙන අද දින රැකියා විරහිත අයට රැකියා ලාභ හිමිවන අතර නිදහසේ තම කටයුතු කිරීමට හැකිවන දවසකි. ගෘහ ජීවිතය යහපත්ය.

වෘෂභ

වෙනදාට වඩා උද්යෝගයෙන් හා ක්‍රියාශීලීව වැඩකටයුතු කරනු ඇත. රැකියා අංශයේ වැඩි වගකීම් හිමිවන අද දින ව්‍යාපාරික කටයුතුවල නිරත අයට නව ධන ආයෝජන මාර්ග මතුවිය හැකි අතර අධ්‍යාපනය සම්බන්ධව තිබූ බාධක මගහැරී යනු ඇත. ගෘහ ජීවිතය පී්‍රතිමත්ය.

මිථුන

නීතිමය ප්‍රශ්නවලින් යහපත සැලසෙන අද දින ඥාතීන්ගෙන් ආධාර උපකාර ලබා ගත හැක. කල්ගතවූ ණය මුදලක් හිමිවන බව පෙනී යයි. ගෙදර දොර අඩුපාඩු රැසක් සපුරා ගැනීමට හැකිවන අතර කෙටි ගමන් බිමන් වලින් වාසිදායක තත්ත්වයක් මතුකරයි. අඹුසැමි සුහදතාව වර්ධනය වන දවසකි.

කටක

රැකීරක්ෂා කටයුතු සම්බන්ධයෙන් ශුභදායි තත්ත්වයක් ගෙන දෙයි. ව්‍යාපාරික කටයුතුවල නියුතු අයට වාස සැලසෙන අද දින අතමිට මුදල් ගැවසෙන බවක් පෙනී යයි. පවු‍ලේ දියුණුවට වැදගත් ක්‍රියා මාර්ගයක් ගන්නා අතර මංගල යෝග උදාවීමෙන් විවාහයට මුල පිරෙන දවසකි.

සිංහ

ඔබ විදේශ ගමනක් බලා‍පොරොත්තුවෙන් සිටී නම් එය සාර්ථක වන අද දින රැකියා කටයුතුවල උසස් ප්‍රගතියක් පෙන්වයි. වෙළෙඳ ව්‍යාපාරිකයන්ට යහපත් වන අතර දේපළ ගණුදෙනුවකින් වාසි සැලසේ. පවු‍ලේ අය වෙනුවෙන් වැඩිපුර කැපවීමට සිදුවිය හැකි දවසකි.

කන්‍යා

රැකියා කටයුතුවල නව මුහුණුවරක් දක්නට ලැබෙන අද දින ව්‍යාපාරික කටයුතුවලට අහිතකර දවසකි. අධ්‍යාපන කටයුතු උසස් අන්දමට සාර්ථක කරගත හැකි අතර වෙනස් නිවසකට පදිංචියට යෑමට යොදාගත් අයගේ බලා‍පොරොත්තුව ඉටුවනු ඇත. ගෘහ ජීවිතයේ අවිවේකී බවක් ගෙන දෙයි.

තුලා

රැකියා වැඩකටයුතුවල සාර්ථකත්වයක් දක්නට ලැබෙන අද දින සිතට අවිවේකී බවක් ගෙන දිය හැකි බව පෙනී යයි. ව්‍යාපාරික කටයුතුවල නියැලි අයට යහපත්ය. ආර්ථිකය සතුටුදායක වන අතර ගේදොර කටයුතු වෙනුවෙන් වෙහෙසීමට සිදුවන දවසකි.

වෘශ්චික

හිතමිතුරන්ගේ සහයෝගය ඔබට හරියාකාරව නොලැබි යාමෙන් මානසික අසහනය ගෙන දීමට හේතු විය හැකි අද දින රැකීරක්ෂා හා ව්‍යාපාරවල නිරත වූවනට තම අදහස් සපුරා ගැනීමට නොහැකිවන අතර, අධ්‍යාපන කටයුතුවලින් උසස් ජයග්‍රහණ හිමිවන බව පෙන්නුම් කරයි.

ධනු

රැකීරක්ෂා කටයුතු වෙනුවෙන් පමණ ඉක්මවා ක්‍රියාකිරීමෙන් තම පුද්ගලික කටයුතු බොහොමයක් අතපසු විය හැකි බව පෙනී යයි. අධ්‍යාපන කටයුතුවල නියැලුණු අයට යහපත්ය. ජංගම වෙළෙඳාම් කරන්නන්ට ශුභදායක දවසකි. පෙම් සබදතාවන් නිසා සිත් තැවුල් ගෙන දෙයි.

මකර

නිවාස ප්‍රශ්නයක් හෝ භූමි ප්‍රශ්නයක් සතුටුදායක ලෙස නිරවුල් වන අද දින සිතේ බලවත් නොසන්සුන්තාවක් පැන නැගුනත් අවසානය ඔබේ යහපතට පරිවර්තනය වන බව පැවසිය හැක. රැකීරක්ෂා, ව්‍යාපාර කටයුතුවල ප්‍රගතියක් ගෙන දෙන අතර යුග දිවියෙහි මත ගැටුම් ඇතිවිය හැකි දවසකි.

කුම්භ

ව්‍යාපාරිකයන්ට ආර්ථික වාසි හිමිකර ගත හැකි අද දින රැකීරක්ෂා කටයුතු සුපුරුදු පරිදි කරගෙන යාමට හැකිවේ. ආර්ථික ගැටලුවලින් නිදහස්වීමට හැකිවන අතර විදේශ අධ්‍යාපනය අපේක්ෂා කරන අයට තම බලා‍පොරොත්තු ඉටුවිය හැකි දවසකි. පවු‍ලේ සමගිය ඇතිවේ.

මීන

නියමිත වැඩකටයුතු කලට වේලාවට සාර්ථකව නිම කර ගන්නා බව පෙන්නුම් කරයි. රැකීරක්ෂා කටයුතු සතුටින් කරගැනීමට හැකිවන අතර ව්‍යාපාරික කටයුතුවල පරිහානියක් ගෙන දිය හැකි අද දින නව ආදායම් මාර්ගයක් උදා කර ගැනීමට හැකිවන දවසකි. යුග දිවිය සතුටින් ගත කිරීමට ඉඩ ලැබේ.

Loading...

2016 අගෝස්තු මස 16 වන අඟහරුවාදා - අද දවස ඔබට කොහොමද?

Post a Comment

Powered by Blogger.