Loading...
ඉර උදාව - පෙරවරු 06:04 ට
ඉර බැසීම - පස්වරු 18:24 ට
රාහු කාලය
දිවා 10:40 සිට 12:12 දක්වා.
රාත්‍රී 22:44 සිට 00:11 දක්වා.
සුභ දිශාව - උතුර
මරු සිටින දිශාව - ගිණිකොන

මේෂ ලග්නය

ඔබට අද දිනය ඉතාමත්ම යහපත්.බොහෝ විට මෙතුවක් කල් තිබුනාවූ කෙළවරක් නොමැති කරදර පහව යන ආකාරයක් දක්නට ලැබෙනවා. බාධක පහසුවෙන්ම නිරාකරණය කරගැනීමට හැකියාව ලැබේවි. තමාගේ අනාගත බලාපොරොත්තු කෙරෙහි බුද්ධිමත් ඇසකින් බලා කටයුතු කිරීම වැදගත්.

වෘෂභ ලග්නය

ඔබට අද දිනයේදී පංචමහා පුරුශයෝගයක් වන රුචක නමැති යෝගය උදා වී පවතිනවා. දැනුම, මිනුම හැකියා දක්ෂතා පෙරදැරි කරගෙන කරනු ලබන කටයුතු අනිවාර්යෙන්ම සාර්ථක වනු ඇත. එමෙන්ම ඔබගේ අධ්‍යාපන කටයුතු අනිවාර්යෙන්ම සාර්ථක වනු ඇත. කතා බහ තුලින්ද සාර්ථකත්වය උදා කරනු ඇත.

මිථුන ලග්නය

අද දිනයේදී ඔබට පංචමහා පුරුශයෝගයක් වන භද්‍රා නමැති යෝගයක් උදා වී පවතිනවා. ගේ දොර දියුණුව, පවුලේ දියුණුව වෙනුවෙන් ගනු ලබන තීරණ මෙන්ම ක්‍රියාමාර්ග අති සාර්ථක වන බව කිව හැක. පසුගිය දින කිහිපය තුල තිබුනාවූ කරදර බාධා අනිවාර්යෙන්ම දුරු වී යනු ඇත.

කටක ලග්නය

අද දිනයේදී ඔබ පෞරුෂය කෙරෙහි වැඩි නැඹුරුතාවයක් ගෙන දෙනවා. ඔබට අද දිනයේදී පවතින ග්‍රහ රටාව ඉතාමත්ම වැදගත්. එමෙන්ම මවු පාර්ශවිය අසනීප තත්වයන් වෙනුවෙන් මිල මුදල් වැය කිරීම් තත්වයන්ද ඇති විය හැකියි. දරු ඵල පිළිබඳව බලාපොරොත්තු සාර්ථක කරගැනීමට ඔබට හැකියාව ලැබෙනු ඇත.

සිංහ ලග්නය

ඔබ දියුණුව ප්‍රසිද්ධිය වෙනුවෙන් ගනු ලබන තීන්දු තීරණ අද දිනයේදී අනිවාර්යෙන්ම සාර්ථක වනු ඇත. එමෙන්ම රැකි රක්ෂා ආශ්‍රිතව තිබුනාවූ කරදර බාධක අද දවසේ පහසුවෙන් නිරාකරණය කරගැනීමට හැකි වනු ඇත. රාජ්‍ය අංශයේ උසස් ඇසුර මෙන්ම ප්‍රභූන්ගේ නිබඳ ප්‍රමුඛතාවද ලැබේ.

කන්‍යා ලග්නය

ඔබට අද දිනය ඉතාමත්ම ශුභයි. එමෙන්ම අද දිනයේදී ඔබට භද්‍රා නමැති යෝගයක්ද උදා වී පවතිනවා. එමෙන්ම බ්‍රහස්පතිත් එහි සංයෝග වී පැවතීම නිසාවෙන් වෙනදාට වඩා තමන්ගේ සකසුරුවම් බව කෙරෙහි වැඩි නැඹුරුවක් දක්වනු ඇත. අනාගත නව ධනෝපායන මාර්ග හෙළිපෙහෙළි වනු ඇත.

තුලා ලග්නය

විශේෂයෙන් අද දිනයේදී දුරදිග නොසිතා ගනු ලබන තීන්දු තීරණ තුලා ලග්න හිමියන්ට අවාසි සහගත තැන් ගෙනදෙන්නට පුළුවන්. පවුලේ දියුණුව වෙනුවෙන් පවුලේ උන්නතිය වෙනුවෙන් ගනු ලබන තීන්දු තීරණ ඔබගේ සහකරු සහකාරිය සමග සාකච්චා කර ලබාගැනීම ඉතාමත්ම වැදගත්. අනුවනකම් සිදු වීමට පුළුවන්.

වෘශ්චික ලග්නය

අද දිනයේදී ඔබට රුචක නමැති පංචමහා පුරුශයෝගයක් උදා වී පවතිනවා. ඔබට ඒරාෂ්ඨක තත්වය තුල තිබුනාවූ කරදර බාධක මෙල්ල කරගැනීමේ හැකියාවක් අද දිනයේදී පවතිනවා. බුද්ධිමත් තීන්දු තීරණ ගැනීම නිසාවෙන් අන් අය ඔබගේ අවවාද පතා පැමිණෙන කාලයක් උදා වී පවතිනවා.

ධනු ලග්නය

පසුගිය දිනවල විනාශවෙමින් පැවති ඔබගේ මානසික තත්වය යතා තත්වයට පත් කරගැනීමට හැකියාව ලැබෙනු ඇත. බුද්ධිමත් තීන්දු තීරණ රැගෙන ඔබගේ අනාගතය සාර්ථක කරගැනීමට හැකියාව ලැබේවි. රැකි රක්ෂා වල උසස් වීම් වල යම් යම් බාධා කරදර පැවතුනානම් එම තත්වයන්ද මගහරවාගත හැක.

මකර ලග්නය

නීති කරදර බාධා මෙන්ම ලිපිම ලේඛන ආශ්‍රිතව යම් යම් බාධාකාරී තත්වයන් පැවතුනානම් එම තත්වයන්ද මගහැරවාගනිමට ඔබට හැකියාව ලැබේවි. දුරබැහැර අයගෙන් ඔබට අය විය යුතු යම් යම් මුදල් ප්‍රමාණයන් පැවතුනානම් මෙතුවක් කල් එවැනි අය ඔබව මගහරිමින් සිටියානම් එවැනි බාධාද මගහැරෙනු ඇත.

කුම්භ ලග්නය

අද දිනයේදී ඔබට රුචක නමැති යෝගය උදා වී පැවතීම ඉතාමත්ම ශුභයි. දුරදිග නොසිතා ගනු ලබන තීන්දු තීරණ මෙන්ම දුරදිග නොසිතා ගනු ලබන ක්‍රියාමාර්ග වලින් පාඩු ඇති විය හැකියි. අවාසි සහගත අවස්තාවන් ඇති විය හැකියි. බුද්ධිමත්ව කටයුතු කල යුතු අතර ඉවසීම ආරක්ෂා කරගැනීමද ඉතාමත්ම වැදගත්.

මීන ලග්නය

ඔබට අද දිනය ඉතාමත්ම ශුභයි. විශේෂයෙන්ම විවාහාදී කටයුතු වලට තිබුනාවූ කරදර බාධක මගහැරවාගනිමට ඔබට හැකියාව ලැබේවි. ඔබගේ ප්‍රේමයට ආලයට යම් යම් අයගේ විරෝධතාවයන් අතපෙවීම් පැවතුනානම් ඔබට එවැනි බාධා අද දිනයේදී මගහැරවාගනිමට ද හැකියාව ලැබෙනු ඇත.

Loading...

2016 අගෝස්තු මස 19 වන සිකුරාදා - අද දවස ඔබට කොහොමද?

Post a Comment

Powered by Blogger.