Loading...
අද වන විට පාරම්පරික සිංහල ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමයට දේශීsයව මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද ඉහල ඉල්ලුමක්‌ ඇතිවී තිබේ. අත්දුටු ප්‍රත්‍යක්‌ෂ ප්‍රතිකාර ක්‍රම මගින් බටහිර වෛද්‍ය ක්‍රමයට පවා සුව කළ නොහැකි වූ සමහර රෝගයන් දේශීය ආයුර්වේද වෛද්‍ය ක්‍රමයෙන් නිට්‌ටාවට සුව කරමින් එම වෛද්‍යවරු මෙම ක්‍ෂේත්‍රයේ පෑ දස්‌කම්ද ඊට හේතු විය.

කාලයක්‌ කුඩම්මාගේ සැලකිලි ලැබූ දේශීය ආයුර්වේද වෛද්‍ය ක්‍රමය පෝෂණය කොට ජාත්‍යන්තර තලයට පවා ඔසවා තැබීමට ක්‍රියා කළ පූජ්‍ය මහ ඇලගමුවේ ලංකානන්ද හිමියන් හෙවත් කුස්‌වල වෙද හාමුදුරුවෝ පාරම්පරික දේශීය ආයුර්වේද වෛද්‍ය ක්‍රමය නමැති කෙත අස්‌වැද්දීමට මූලික වී ක්‍රියා කළ යතිවරයාණන් කෙනෙකු ලෙස හඳුන්වා දිය හැකිය.

පාරම්පරික සර්වාංග රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු වන උන්වහන්සේගෙන් ප්‍රතිකාර ලබා සුවපත් වූ දෙස්‌ විදෙස්‌ රෝගීහුq ලක්‌ෂ ගණනක්‌ වෙති. සියලුම සර්වාංග රෝග, පිළිකා, මානසික රෝග, ජලභීsතිකාව, වකුගඩු රෝග, දියවැඩියාව, අංශභාග, අපස්‌මාරය, සියලුම ආකාරයේ ස්‌නායු රෝග, අක්‌ෂි රෝග, මී මැස්‌මොරය, වලිප්පුව ඇතුළු සියලුම රෝගී තත්වයන්ට ප්‍රතිකාර කරන උන්වහන්සේ සමාජයට පිළිලයක්‌වූ හෙරොයින් ඇතුළු සියලු මද්‍යසාර සඳහා අබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමේ කඳවුරක්‌ද පවත්වාගෙන යති.

කුස්‌වල වෙද හිමියන් පිළිකා රෝගීන් සුව කිරීමට ප්‍රසිද්ධියක්‌ උසුලයි. පිළිකා රෝගය පිළිබඳ පහත සඳහන් කරුණු වෙද හිමියන් අනාවරණය කළේය.

පිළිකා ගඩු, පිඩකා, විශාදිය, අර්බුද, විදාදි බන්ධන, ගුල්ම යනුවෙන් පාරම්පරික ආයුර්වේද වෛද්‍ය ක්‍රමයෙන් හඳුන්වයි. ඉංග්‍රීසි වෛද්‍ය ක්‍රම අනුව Caබජැර Caරජසබදප් ඕපදමර යනුවෙන් හඳුන්වා තිබේ. පිළිකා උපදනා ස්‌ථාන දක්‌වා ඇත්තේ මෙසේය. හිස, ඇස, දන්ත, හකු, උගුර, කන්ටමාල, කරමාල, ගලනාලය, පෙණහැල්ල, ආමාශය, අක්‌මාව, උණ්‌ඩුකපුච්ඡය, බඩවැල්, ගුද මාර්ගය, කිහිල්ල, පියයුරු, යෝනිය, පෞරුෂ ග්‍රන්ථිය යන මේ ස්‌ථානවල විදාදි පිළිකා හට ගන්නවා.

ඔඹඵධඹR අර්බුද ශෝනිතාර්බුද, මාංශාර්බුද, අස්‌ථි අර්බුද, මස්‌තිෂ්ක අර්බුද, හකු අර්බුද, ග්‍රන්ථි අර්බුද මේ ආදී පිළිකා අර්බුද, විදාදි ගුල්ම අසාධ්‍ය වන වශයෙන් පාරම්පරික වෛද්‍ය ක්‍රමයේ සඳහන් වෙනවා. 

ශ්‍රී ලංකාවේ දේශීය වෛද්‍ය ක්‍රමය ශ්‍රී ලංකා ජනතාව අතර වසර දහස්‌ ගණනක සිට පැවත එන්නේ. ගෙඩි, වන, පිළිකා, ඇස්‌ රෝග, මාන්දම, ජල භීතිකා, කැඩුම් බිඳුම්, සර්ප විෂ ආදී ප්‍රතිකාරවලින් සමන්විතවයි.

පිළිකා රෝගය සඳහා විශේෂ ප්‍රතිකාර ගෙඩි වන පිළිකා අංශයේදී දක්‌වා තිබෙනවා. පිළිකා සෛල හටගන්නේ ශරීරයෙනි. අති සාමාන්‍ය සෛලමය වශයෙන් මිනිස්‌ සිරුර නිර්මාණය වී ඇති කුඩාම සෛලයක සෛල බෙදෙමින් නව සෛල නිර්මාණය වීමෙන් පැරැණි සෛල අවසන් වීමක්‌ සිදු වේ. මේ සෛල බෙදීම ක්‍රමානුකූල පාලනයක්‌ ඇතිව සිදුවිය යුතුය.

පිළිකා ඇති කරන හේතු සාධක නිසා සාමාන්‍යයෙන් හටගත් සෛල පටක විකෘති වීමෙන් පිළිකා උපදනා සෛල ආරම්භ වෙනවා. පිළිකා සෛල පිළිකාව අවම පටකවලටද රුධිර ලසිකා මාර්ගය ඔස්‌සේ පැතිරෙනවා.

පිළිකාව මුලදී හඳුනා ගැනීම අපහසු වන්නේ පිළිකාවක්‌ ආරම්භයේ දී වේදනාවක්‌ නොදැනීම නිසාය. විශාල ලෙස වැඩුණු ඉතා දුරට ගිය මුල් ඇතිවී නොසෙල්වී නොපැසවී පිළිකා වැළඳෙන බවට ආයුර්වේද පොත්වල සඳහන් වෙනවා. බොහෝ පිළිකා, කාලයක්‌ ශරීරය තුළ නිහඬව තිබී එක්‌වරම එක පාරට රෝග ලක්‌ෂණ පෙන්නුම් කරනවා. පාරම්පරික ආයුර්වේද පොත්වල මේ පිළිකා මුලදී හඳුනා ගතහොත් සම්පූර්ණයෙන්ම සුවකළ හැකි වන බවත්, එසේ නොවුණහොත් නැවත වැඩෙන බවත්, විෂෙන්, අග්නියෙන් මනුෂ්‍යයන් නැසන්නාක්‌ මෙන් පිළිකා රේගීන් නැසෙන බව පොත්වල සඳහන් වන බව කුස්‌වල හිමියන් පවසනවා.

පියයුරු පිළිකාවක්‌ හටගන්නා සෛල වෙනත් ස්‌ථාන කරා රුධිර මාර්ගයෙන් ගමන් කිරීමෙන් පැතිරීමෙන් දෙවැනි වරට පිළිකා හටගන්නේය. බොහෝ සෙයින් පිළිකා හැදෙන්නේ කල් පවතින තුවාල, ගැටිති, ලප, ඉන්නන් වෙනස්‌ වීමක්‌, කට කෛdන පැලීමක්‌, කල්ගතවූ අජීර්ණයක්‌, අල්ලා සිටින කැස්‌සක්‌, කටහඬ වෙනස්‌ වීමක්‌, උගුර හිරවීමක්‌, බඩේ වේදනාවක්‌, පියයුරු ඝන වීමක්‌, යෝනි මාර්ගයෙන්, ගුද මාර්ගයෙන් හෝ මුත්‍රා මාර්ගයෙන් ලේ මල පහවීමක්‌, නොබසින උණක්‌, ලේ හිඟවීමක්‌, පාණ්‌ඩු ගතිය, බර අඩු වී කෙට්‌ටු වීමක්‌ ආදී ලක්‍ෂණ දුටු වහාම දැනුණු විගසම වෛද්‍ය උපදෙස්‌ ලබාගත යුතුයි.

ඉංග්‍රීසි වෛද්‍ය ක්‍රමය අනුව විද්යුත් ප්‍රතිකාර මගින් පිළිකාවට ප්‍රතිකාර කළත් එමනිසා වැළඳෙන අතුරු ආබාධ සඳහා ප්‍රතිකාර නැත. පිළිකා සෛල නැති කිරීමට කියා රුපියල් දහස්‌ ගණන් වටිනා ඖෂධ එන්නත් කළත් පිළිකා සෛල විනාශ නොවේ. රෝගියා පමණක්‌ විනාශ වේ. ඉංග්‍රීසි වෛද්‍ය ක්‍රමයෙන් පිළිකා සෛල මැඩ පැවැත්විය නොහැකිය. එමගින් සිදු වන්නේ අතුරු ආබාධ වශයෙන් මුඛයේ තුවාල, සිරුරේ ගෙඩි, තුවාල, හිසකෙස්‌ යැම පමණයි. ශල්‍ය කර්මවලින් පිළිකාව පැවති ස්‌ථාන කපා ඉවත් කිරීමෙන් තාවකාලික සුවයක්‌ ලබා දෙනවා. ඒකෙන් ඉතා කුඩා සෛලයක්‌ සිරුර තුළ සැඟවී තිබුණහොත් නැවත එම ස්‌ථානයේ හෝ වෙනත් ස්‌ථානයක පිළිකාව හටගන්නවා. 

ඉංග්‍රීසි වෛද්‍ය ක්‍රමයෙන් පිළිකා සෛල මැඩ පැවැත්විය නොහැකිය. එමගින් සිදු වන්නේ අතුරු ආබාධ වශයෙන් මුඛයේ තුවාල, සිරුරේ ගෙඩි, තුවාල, හිසකෙස්‌ යැම පමණයි. ශල්‍ය කර්මවලින් පිළිකාව පැවති ස්‌ථාන කපා ඉවත් කිරීමෙන් තාවකාලික සුවයක්‌ ලබා දෙනවා. ඒකෙන් ඉතා කුඩා සෛලයක්‌ සිරුර තුළ සැඟවී තිබුණහොත් නැවත එම ස්‌ථානයේ හෝ වෙනත් ස්‌ථානයක පිළිකාව හටගනී. පිළිකා රෝගයට සම්මත ප්‍රතිකාර ක්‍රමය වනුයේ ශල්‍යකර්ම, එන්නත්, පෙති වර්ග ප්‍රතිකාරයයි. ප්‍රතිකාර ලබාගත් සමහර රෝගීන් නොයෙක්‌ අතුරු ආබාධ වැළඳී දුක්‌ විඳිනවා. බඩවැලේ ගෙඩියක්‌ හටගත් විට බඩවැල් කපා, මළපහ කිරීමට බෑග් එකක්‌ සවි කරයි. මළපහ වන්නේ එයටයි. තල්ලේ පිළිකා හැදුණු විට තල්ල කපා ඉවත් කර ප්ලාස්‌ටික්‌ තල්ලක්‌ දමයි. එය දැමූ විට තදින් වමනය ඇතිවන බව රෝගීහු කියයි. එයින් සුවයක්‌ නැත. ආහාර ගිලීමට නොහැකි වේ. හකු පිළිකාවට හක්‌ක ඔරේෂන් කළ විට වේදනාව, දැවිල්ල ඇති වීමෙන් ආහාරපාන ගත නොහැක. ඉක්‌මනින් මරණය වේ. උගුරේ ගලනාලයේ පිළිකා වැළඳී ගලනාලය හීන්වූ විට ගලනාලයේ සෙම පිරේ. ආහාර ගත් විට එහි රැස්‌වූ සෙමත් සමඟ ආහාර වමනය කරන්නේය. මෙවැනි රෝගීන්ට නාසයෙන් නළ දමා දියර ආහාර වර්ග පමණක්‌ දීමට සිදුවේ. පිළිකාවෙන් ගලනාලය සම්පූර්ණයෙන් වැසුණහොත් ආහාර දීමට නොහැකි වීමෙන් ආහාර නැතිව මරණයට පත්වේ. සමහර පිළිකා හැදීමෙන් තද කැක්‌කුම ඇති වේ. මෙවැනි කැක්‌කුම් සෑදුණු රෝගීහු කැක්‌කුම ඉවසාගත නොහැකිව සිය දිවි නසා ගැනීමට පවා පෙළෙඹේනවා . ඉංග්‍රීසි ප්‍රතිකාර ක්‍රමවල ඇති ආසාත්මික බව මෙයින් පෙනෙනවා.

පාරම්පරික ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම මගින් පිළිකා සෛල මැඩ පැවැත්විය හැකි බවත්, පිළිකා රෝගීන් සඳහා සාර්ථක ප්‍රතිකාර්ම ක්‍රම තමා සතුව ඇතැයි උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.

බටහිර වෛද්‍යවරුන් සුවකළ නොහැකි යෑයි පැවැසු පිළිකා රෝගින් විශාල පිරිසකට තමා යළි ජීවය ලබාදුන් බව වෙද හිමියන් පවසා සිටියේ මහත් ආඩම්බරයෙනි.

වසර ගණනාවක්‌ නොකඩවා රෝගීන්ගේ ආබාධවලට ප්‍රතිකාර කිරීමෙන් ලැබූ අත්දැකීම් එකින් එක විස්‌තර කළ කුස්‌වල වෙද හමුදුරුවන් සියලුම සර්වාංග රෝග, පිළිකා, මානසික රෝග, ජලභීsතිකාව, වකුගඩු රෝග, දියවැඩියාව, අංශභාග, අපස්‌මාරය, සියලුම ආකාරයේ ස්‌නායු රෝග, අක්‌ෂි රෝග, මී මැස්‌මොරය, වලිප්පුව ඇතුළු සියලුම රෝගී තත්වයන්ට ලක්‌වූ රෝගියකු වුවත් තමා ළඟට පැමිණියහොත් ඒ අය වගකීමෙන් භාරගෙන නිරෝගී සුවයක්‌ ලබාදෙන බවයි. 

කුස්‌වල වෙද හිමියන්ගෙන් ප්‍රතිකාර ලබා සුව වූ අයෙකු සොයා අප රාගම, බටුවත්තේ පදිංචි 43 හැවිරිදි අතුල ද සිල්වාගේ නිවසට ගොඩවැදුණෙමු. ඔහු පැවසූ කරුණු කාරණා මෙසේ අප දිග හරින්නෙමු.

අතුල ද සිල්වා මහතා පුද්ගලික ආයතනයක වැඩ පරීක්‍ෂක වශයෙන් සේවය කර දැන් ඔහුගේ ව්‍යාපාරයක නිරතව සිටී. ඔහු කියා සිටියේ ආහාර ගන්නා විට දිවෙන් අධික දැවිල්ලක්‌ සහ කට අරින විට යම් අපහසුතා ඇතිවූ බවය. සුපරික්‍ෂාකාරීව දිව පරීක්‍ෂා කිරීමේදී ඔහුට දැක ගැනීමට ලැබී ඇත්තේ දිවේ පැත්තක සහ යටි තල්ලේ සුදු පාට ලප වැනි දෙයක්‌ දක්‌නට ලැබුණු බවයි. එයට ප්‍රතිකාර ලබා ගැනීමට තම බිරිඳ සමඟ රජයේ රෝහලට ගිය බවත්, එහිදී වෛද්‍යවරු ඔහු පරීක්‍ෂා කර බලා පවසා ඇත්තේ මේ යම්කිසි පිළිකා රෝග ලක්‍ෂණයක්‌ බවත්ය. එය වැඩිදුරටත් පරීක්‍ෂණයට භාජනය කළ යුතු බවත්ය.

පිළිකා රෝග ලක්‍ෂණ තියනවා කියලා අහපුවහම මම මොනවාද කරන්නේ කියලා හිතාගන්න බැරිවුණා. මම හරියට මානසිකව දුක්‌ වින්¹. දවස තිස්‌සේම කල්පනා කළේ මගේ රෝග ලක්‍ෂණ ගැනයි. සමහර දාට රෑට නින්ද ගියේ නෑ. මට මොනවා හරි වුණොත් මගේ බිරිඳටයි, දරුවාටයි යන කලදසාව ගැන මට බය හිතුණා. මාගේ මානසිකත්වය බිංදුවටම වැටුණා.

රජයේ රෝහලේ සායනවලට සහභාගි වීමෙන් සිටින විට මට දැනගන්න ලැබුණා කුස්‌වල වෙද හිමියන් ගැන. ඒ වාගේම මාගේ බිරිඳගේ මිතුරියකුත් පවසා තිබුණා ඇගේ නිවස අසළ කුස්‌වල හිමියන්ගෙන් ප්‍රතිකාර ගත් පිළිකා රෝගී දැරියක්‌ සුවකළා කියලා. ඒ අනුව අප තීරණය කළා කුස්‌වල හාමුදුරුවන් හමුවන්න.

බිරිඳ සමඟ රද්දොළුගම පුෂ්පාරාමයට ගිහින් වෙද හාමුදුරුවන්ට රෝග ලක්‍ෂණ පවසා සිටියා. සුපරික්‍ෂා කාරීව මාව සහ මාගේ වෛද්‍ය වාර්තා සලකා බලා වෙද හිමියන් කියා සිටියා මෙය දන්ත හකු පිළිකාවක්‌ බවයි.

"ඔය ළමයා බය වෙන්න එපා. මම ඔයිට වැඩිය දරුණුවට පිළිකා රෝගය වැළඳී තිබුණු රෝගීන්වත් සුවකර තිබෙනවා. මට මේක සුව කරලා දෙන්න පුළුවන්. හැබැයි මම කියන විදිහට පරිස්‌සම් වෙන්න කියලා. ඒ වගේම වෙද හාමුදුරුවො කිව්වා මම කියනකම් කණ්‌ණාඩියක්‌ ඉස්‌සරහට ගිහිල්ලා කට ඇර බලන්න එපා කියලා. ගුණ අගුණ කෑම ජාති කියලා දුන්නා. වෙද හාමුදුරුවෝ දැන ගත්තා මම මානසිකව වැටිලා ඉන්න බව. මාගේ මානසිකත්වය හදන්න ගුරු උපදෙස්‌ පවා දුන්නා. කියාපු විදිහටම අපි බෙහෙත් පාවිච්චි කළා. පරිස්‌සම් වුණා. ටික කලක්‌ ප්‍රතිකාර ලබනකොට මට තේරුණා කෑම කනකොට තිබ්බ දිවේ දැවිල්ල, කට අරිනකොට තිබුණු අපහසුතා ටිකෙන් ටික අඩුවන බවක්‌. ඇඟට සුවයක්‌ දැනුණා.

මේ විදිහට අවුරුද්දක්‌ පමණ ප්‍රතිකාර ගන්නකොට වෙද හාමුදුරුවෝ කිව්වා පුතා දැන් ඔයාගේ රෝගී තත්ත්වය සුවයි. මාස දෙකෙන් දෙකට ඇවිත් මට පෙන්නන්න කියලා. ඒ වචන ටික අහපුවහම මට දැනුණු සතුට වචනයෙන් විස්‌තර කරන්න බැහැ. ඇත්තට මං හිතුවේ නෑ මාගේ දුවයි, බිරිඳයි එක්‌ක ආයි සතුටින් ඉන්න පුළුවන් කියලා. ඒ සතුට අපට ලබා දුන්නේ කුස්‌වල වෙද හාමුදුරුවෝ. දෙයියනේ අපට කියන්න වචන නෑ. කුස්‌වල වෙද හාමුදුරුවෝ අපට සම්පතක්‌. අද මම මේ විදිහට කතා කරන්නේ... සතුටින් ඉන්නේ... කුස්‌වල වෙද හාමුදුරුවන් නිසා යෑයි අතුල මහතා අප සමඟ පවසා සිටියේය.

ප්‍රදීප් ගුරුසිංහ
දිවයින

Loading...

අද වන විට පාරම්පරික සිංහල ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමයට දේශීsයව මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද ඉහල ඉල්ලුමක්‌ ඇතිවී තිබේ. අත්දුටු ප්‍රත්‍යක්‌ෂ ප්‍රතිකාර ක්‍රම මගින් බටහිර වෛද්‍ය ක්‍රමයට පවා සුව කළ නොහැකි වූ සමහර රෝගයන් දේශීය ආයුර්වේද වෛද්‍ය ක්‍රමයෙන් නිට්‌ටාවට සුව කරමින් එම වෛද්‍යවරු මෙම ක්‍ෂේත්‍රයේ පෑ දස්‌කම්ද ඊට හේතු විය.

Post a Comment

Powered by Blogger.