Loading...
ඉර උදාව - පෙරවරු 06:05 ට
ඉර බැසීම - පස්වරු 18:28 ට
රාහු කාලය
දිවා 07:37 සිට 09:10 දක්වා.
රාත්‍රී 19:53 සිට 21:19 දක්වා.
සුභ දිශාව - නැගෙනහිර
මරු සිටින දිශාව - වයඹ

මේෂ ලග්නය

ඔබගේ කටයුතු වලට අද දිනයේදී යම් යම් අපහසුතා ඇති වන්නට හැකියාව පවතිනවා. නමුත් අද දිනයේදී බාධා කරදර කොතෙක් යෙදුනත් තිබෙන්නාවූ ග්‍රහ සිත්තමේ බලවත්භාවය හේතුකොටගෙන මේෂ ලග්න හිමියන්ට අරමුණු බලාපොරොත්තු ඉටු කරගැනීමට හැකියාව පවතිනවා.

වෘෂභ ලග්නය

අද දිනයේදී වෘෂභ ලග්න හිමියන්ට පිරිවර සම්පත්තිය ලබාගැනීමට හැකියාව ලැබෙනු ඇත. ඔබට අද දවස ඉතාමත්ම ශුභඵල ඇති කරන බව කිව හැකියි. ඔබ අවට සිටින උදවිය ඔබට පක්ෂපාතිව කටයුතු කරන ආකාරයක් පෙන්නුම් කරනවා. තමන්ගේ කටයුතු අන් අය ලවා කරවාගැනීමට ඔබ පෙළඹෙනු ඇත.

මිථුන ලග්නය

ඔබ අද දිනයේදී ප්‍රසිද්ධිය කීර්තිය වෙනුවෙන් ගනු ලබන තීන්දු තීරණ ඉතාමත්ම සාර්ථක වන ආකාරයක් පෙන්නුම් කරනවා. තැන්පත් ධනය වර්ධනය කරගැනීමට ඔබට හැකියාව අද දිනයේදී ලැබෙනු ඇත. විශේෂයෙන්ම අද දිනයේදී අරපිරිමැස්ම මෙන්ම සකසුරුවම් බව වර්ධනය කරගත හැක.

කටක ලග්නය

විශේෂයෙන්ම ගේ දොර යානවාහන ඉඩකඩම් පිළිබඳව මෙන්ම කටක ලග්න හිමියන්ට අද දිනයේදී ලැබීම් පාර්ශවය ද ඉතාමත්ම් යහපත්. කරන කියන කටයුතු වල මෙන්ම කරන්නට බලාපොරොත්තු වන කටයුතු වලද සාර්ථකත්වය කටක ලග්න හිමියන්ට අද දිනයේදී උදා කරගත හැක.

සිංහ ලග්නය

ඔබට අද දිනයේදී පංචමහා පුරුෂ යෝගයක් වන රුචක නමැති යෝගයක් උදා වී පවතිනවා. ඔබට තිබුනාවූ යම්කිසි ගැටළුවක් සෙමෙන් සෙමෙන් නිරාකරණය කරගැනීමේ හැකියාව අද දිනයේදී ඔබට උදා වනවා. එමෙන්ම ඔබගේ බොහෝ ගැටළු වලට විසඳුම් සොයාගැනීමට ශුභයි.
කන්‍යා ලග්නය

අද දිනයේදී ඔබගේ ලග්නයට කරදර බාධා ඇති වීමේ ඉඩකඩක් පැවතුනද එවැනි තත්වයන් මගහරවාගැනිමට ඔබට අවශ්‍ය ශක්තිය උදා වී ඇත. උදෑසන සිටම ඔබට තමන්ගේ කතා බහ පාලනයෙන් යුතුව මෙන්ම ඉතාමත්ම සැලකිල්ලෙන් යුතුව සිදු සිදු කිරීමට සිදු වනු ඇත.

තුලා ලග්නය

ඔබට අද දිනය ඉතාමත්ම ශුභයි. ඔබට ලැබීම් වලට මෙන්ම වාසනාව ලඟා කරගැනීමටත් පවතින ග්‍රහ තත්වය ඉතාමත්ම වැදගත්. එමෙන්ම ඔබට ප්‍රභල නිර්මාණ ශක්තියක් උදා කරවනවා. ශුභ කටයුතු වලින් සාර්ථකත්වය උදා කරගත හැකියි. උදෑසනම කටයුතු ආරම්භ කරන්න.

වෘශ්චික ලග්නය

අද දිනයද ඔබට උදා වන්නේ පංචමහා පුරුශයෝගයක් උදා කරවමින්. ඔබට මෙතුවක් කල් පැවති කරදර බාධා රැකියා ස්ථානයේ බාධා දුරු වී යන ආකාරයක් අද දිනයේදී පෙන්නුම් කරනු ලබනවා. එමෙන්ම රැකියාවේ ප්‍රධානින් අතර හොඳ හිත් වල පලුදු වීම් පැවතුනානම් එවැනි තත්වයන්ද මගහරවාගත හැක.

ධනු ලග්නය

අද දිනය ඔබට කාලයකට පසු උදා වූ වාසනාවන්තම දිනය ලෙස හඳුන්වන්නට හැකියාව පවතිනවා. එමෙන්ම අද දිනයේදී ඔබට ප්‍රධානීන්ගේ උසස් අයගේ ඇසුර ලබාගැනීමටද හැකියාවද ඇත. අද දිනයේදී ගමන් බිමන් වලට සහසම්බන්ධ වීමටද හැකියාව පවතිනවා.

මකර ලග්නය

අද දිනයේදී ඔබට ඉතාමත්ම ඉහල මුල්‍ය ශක්තියක් පවත්වාගෙන යාමට හැකියාව පවතිනවා. ඔබට අද දිනයේදී ප්‍රභල ග්‍රහ යෝගයක් උදා වී පවතිනවා. නමුත් අද දිනයේදී ඔබට මුල්‍ය ශක්තියට යහපත් වුවත් මානසික ශක්තියට යම් යම් බලපෑම් ඇති වන්නට හැකියාව පවතිනවා.

කුම්භ ලග්නය

අද දිනයේදී ඔබට දවස උදා වී පවතින්නේ ප්‍රභල පංචමහා පුරුශයෝගයක්ද සමගිනුයි. අද දිනය ඔබට ප්‍රේමාන්විත හැගීම් බහුල කරන දිනයක් ලෙසින් හඳුන්වන්නට පුළුවන්. ඔබ වෙනදාට වඩා හැඩට වැඩට අඳින්නට පළඳින්නට යොමු වනවා ඇත. විවාහාදී කටයුතු ප්‍රමාද වූ කුම්භ ලග්න හිමියන්ට අද දිනය මන්ගලයෝග ගෙනේ.

මීන ලග්නය

විශේෂයෙන්ම අද දිනයේදී මීන ලග්න හිමියන්ට විරෝධතා ඇති වන්නට පුළුවන්. ඔබ අද දිනයේදී මානසික ශක්තිය ප්‍රභල කරගන්නා තරමට ඔබට ජයග්‍රහණ උදා කරගැනීමට හැකියාව පවතිනවා. බුද්ධිය යට ගොස් හැගීම් ආදියට මුල් තැන දෙන ස්වභාවයක් අද දිනයේදී පෙනෙනවා.

Loading...

අද දවස ඔබට කොහොමද? 2016 අගෝස්තු මස 08 වන සඳුදා

Post a Comment

Powered by Blogger.