Loading...
සමාජයේ අවශ්‍යතාව අනූව විවිධ සේවාවන්, ව්‍යාපාර බිහි වෙනවා. චීනයේ එක්‌තරා ආකාරයක අමුතු සේවාවක්‌ පිබිදෙමින් තිබෙනවා. ඒ අනියම් භාර්යාව පලවා හැරීමේ සේවාවයි. චීන සමාජයේ විවාහක පුරුෂයින් අතර විවාහයින් පිට අසම්මත සම්බන්ධතාවන් බහුලව දකින්නට හැකියි. 'ඔබ නිලධාරියෙක්‌ නම් අනියම් භාර්යාවක හෝ පෙම්වතියක සිටිය යුතුයි. නැතිනම් නියම පිරිමියෙකු නෙවෙයි' යන අදහසක්‌ චීන සමාජයේ පවතිනවා.

විවාහයේදි චීනයේ කාන්තාවන් වත්පොහොසත්කම, සමාජ තත්ත්වය සහ පෞරුෂත්වය ආදී වශයෙන් ස්‌ථාවර පවුල් ජීවිතයක්‌ පවත්වාගෙන යැමට අවශ්‍ය දේවල් බලාපොරොත්තු වෙනවා. අනෙක්‌ අතට බොහොමයක්‌ මිනිසුන් සොයන්නේ ලස්‌සන, සුන්දර හෝ එතරම් ගැඹුරු නොවන කාන්තාවකි. මේ තත්ත්වය සහ විවාහ අරමුණ නොගැලපීම විශේෂයෙන්ම චීනයේ විවාහ කාරණාවන් සම්බන්ධයෙන් ඇති ගැටලුවලට හේතු වෙනවා. විවාහ සම්බන්ධයට ෙද්‍රdaහි වීම සම්බන්ධයෙන් ගත හැකි එක්‌ ප්‍රතිචාරයක්‌ වන්නේ දික්‌කසාදයයි. නමුත් එය මිල අධික දෙයකි. විශේෂයෙන්ම එය කාන්තා පාර්ශ්වයට බලපානවා. සැමියාට වෙනත් සම්බන්ධයක්‌ ඇති විට ඔවුන් සමාජයේ අපකීර්තියට පත් වෙනවා පමණක්‌ නොව ආර්ථික අතින්ද අසරණ වෙනවා. චීනයේ දේපල සහ මුදල් ලේඛනගත වෙන්නේ පුරුෂයාගේ නමින්. මේ නිසා සමහර විට දික්‌කසාද වෙන කාන්තාවට විසීමට තැනක්‌ පවා නැති වෙනවා. ඒ නිසා ඔවුන්ට තම කසාද ජීවිතය බේරා ගැනීමට ඇති පීඩනය වැඩිය. චීනයේ ස්‌වාමිපුරුෂයින් තවමත් පසුවෙන්නෙ තමන්ගේ කිලුටු රෙදි ප්‍රසිද්ධියෙ සේදීම නොකළ යුතුය යන සම්ප්‍රදායික මතයෙයි. ඔවුන් විවාහයේ ගැටලු විවාහ උපදේශකයින් හෝ බාහිර වෘත්තීයවේදීන් සමඟ කථා කිරීමට සූදානම් නෑ. ස්‌වාමිපුරුෂාට රහසින් අනියම් භාර්යාව පහ කිරීමේ සේවාවේ පිහිට පැතීම දික්‌කසාද වී සමාජයේ අසරණ වීමට අකමැති කාන්තාවට ඇති හොඳම විසඳුමකි. එහිදී තම ප්‍රියාව තමාව හැරගියේ ඇයිද යන්න ස්‌වාමිපුරුෂයා කිසිවිටක දැන නොගනී.

අනියම් භාර්යාව පලවා හැරීමේ සේවාව විවාහක මිනිසුන් සහ විවාහයෙන් පිට අසම්මත ආදරවන්තයින් අතර සම්බන්ධය නැති කිරීමට විශේෂ සමත්කමක්‌ ඇති ඒජන්සියකි. කලක පටන් එවැනි ආයතන චීනයේ ප්‍රධාන නගරවල සුලබ වෙමින් පවතී. සාමාන්‍යයෙන් ඒවායේ පිහිට පතන්නේ අවමානයට ලක්‌ව ඇති බිරිඳයි. ඒ සේවා ආයතන අනියම් භාර්යාව පලවා හැරීම ඇතුළුව කසාදය රැක ගැනීමට භාර්යාව පුහුණු කිරීමත් කරනවා. කෙනෙකු ආයතනයේ සේවාව ලබා ගැනීමට පැමිණි විට ඔවුන් මුලින්ම අනියම් භාර්යාවගේ තොරතුරු ගවේෂණය කරනවා. ඔවුන්ගේ පරීක්‌ෂණ කණ්‌ඩායමට බොහෝ විට මනෝ රෝග චිකිත්සකයකු සහ නීතිඥයකු ඇතුළත් වෙනවා. ඔවුන් අනියම් භාර්යාවගෙ පවුල, මිතුරන්, අධ්‍යාපනය සහ රැකියාව විශ්ලේෂණය කරනවා. අනියම් භාර්යාව රැඳී සිටින්නෙ මුදල්, ආදරය සහ කාමය යනාදියෙන් කුමන කාරණාවක්‌ නිසාද යන්න දැනගත් පසුව ඔවුන් සැලසුමක්‌ සකසනවා. එයට අනුව උපදේශකයා අනියම් භාර්යාව සිටින අපාර්ට්‌මන්ට්‌ නිවාස ගොඩනැගිල්ලට හෝ ක්‍රීඩා සමාජයට සම්බන්ධවී ඇය සමඟ සුහද වන්නට උත්සහ කරනවා. ඉන්පසු ඇයගෙ විශ්වාසය දිනාගෙන සහකරුට විරුද්ධව ඇයව මෙහෙයවනවා. විවාහක පුරුෂයා අතහැර යාමට උපදේශකයා අනියම් භාර්යාව නම්මා ගන්නවා. සමහර අවස්‌ථාවල වෙනත් ආදරවන්තයෙකු සොයා දීම සහ වෙනත් නගරයක රැකියාවක්‌ සොයා දීම ආදියත් කරනවා. රැකියාවට අමතරව අනියම් භාර්යාව ළෙන්ගතුව ඇසුරු කිරීම හෝ බලහත්කාරකම් කිරීම ආයතනය විසින් උපදේශකයාට තහනම් කර තිබෙනවා. උපදේශකයාගේ ඒ කටයුතු අතරේ ආයතනය විසින් තම ස්‌වාමිපුරුෂයාගේ ආකර්ෂණය දිනා ගත හැකි ආකාර සම්බන්ධයෙන් බිරිඳට උපදෙස්‌ දෙනවා.

අනියම් භාර්යාව පලවා හැරීමේ සේවාව ලබා ගැනීමට ඕස්‌ටේ්‍රලියානු ඩොලර් 59000 ක්‌ පමණ ගෙවීමට සිදුවෙනවා. චීනයේ නගර කීපයකම ශාඛා ජාලයක්‌ම පවත්වාගෙන යන ඇතැම් ආයතන තම සේවාව යුරෝපය සහ උතුරු ඇමෙරිකාව දක්‌වා පුළුල් කිරීමටත් බලාපොරොත්තු වෙනවා.

දිවයින ඇසුරිණි

Loading...

සමාජයේ අවශ්‍යතාව අනූව විවිධ සේවාවන්, ව්‍යාපාර බිහි වෙනවා. චීනයේ එක්‌තරා ආකාරයක අමුතු සේවාවක්‌ පිබිදෙමින් තිබෙනවා. ඒ අනියම් භාර්යාව පලවා හැරීමේ සේවාවයි. චීන සමාජයේ විවාහක පුරුෂයින් අතර විවාහයින් පිට අසම්මත සම්බන්ධතාවන් බහුලව දකින්නට හැකියි. 'ඔබ නිලධාරියෙක්‌ නම් අනියම් භාර්යාවක හෝ පෙම්වතියක සිටිය යුතුයි. නැතිනම් නියම පිරිමියෙකු නෙවෙයි' යන අදහසක්‌ චීන සමාජයේ පවතිනවා.

Post a Comment

Powered by Blogger.