Loading...
ඉර උදාව - පෙරවරු 06:05 ට
ඉර බැසීම - පස්වරු 18:27 ට
රාහු කාලය
දිවා 15:20 සිට 16:53 දක්වා.
රාත්‍රී 03:10 සිට 04:36 දක්වා.
සුභ දිශාව - නැගෙනහිර
මරු සිටින දිශාව - බස්නාහිර

මේෂ ලග්නය

ඔබගේ උසස් අධ්‍යාපනික කටයුතු වලටනම් යම්කිසි ග්‍රහ බලපෑමක් සිදු වන තත්වයකි පෙන්නුම් කරන්නේ. අලුත් අධ්‍යාපනික කටයුතු මෙන්ම අනෙකුත් කටයුතු දියූනු පමුණු කරගැනීමටත් අනිකුත් අයගේ ආශිර්වාදය ලබාගැනීමට හැකි වන තත්වයකි දක්නට ඇත්තේ. දත් සහ මුඛය ආශ්‍රිත රෝග ඇති විය හැකියි.

වෘෂභ ලග්නය

ඔබගේ විදේශගත සම්බන්ධතා දියුණු වන ස්වභාවයක් පවතිනවා. ඔබේ සිතිවිලි වල යම්කිසි මුරණ්ඩු ස්වභාවයක් දක්නට ලැබෙනවා. මේ මුරණ්ඩු ස්වභාවය හේතුකොටගෙන යම්කිසි ගැටළු සහගත තත්වයක් උදා කරන්නට පුළුවන් කමක් පවතිනවා. ඔබ අද දිනයේදී නම්‍යශීලි ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම යෝග්‍යයි.

මිථුන ලග්නය

ඔබගේ මවු පාර්ශවිය ඥාතින් පිළිබඳව ඔබට වැඩි වශයෙන් අවධානය යොමු කරන්නට සිදු වනු ඇත. නමුත් ඔවුන් සමග කරනු ලබන ගනුදෙනු වලදී යම් චිත්ත පිඩා මෙන්ම ගැටළු සහගත තත්වයක් ඇති කිරීමට ඉඩකඩ පවතිනවා. දම් පැහැ වර්ණයෙන් සැරසී ඔබගේ කටයුතු ආරම්භ කිරීමෙන් ඔබට ජය අත් වේ.

කටක ලග්නය

අද දවසේ ඔබ බලාපොරොත්තු වන ආකාරයට වික්‍රමාන්විත ලීලාවෙන් කටයුතු කරන්නට හැකියාව පවතිනවා. මුල්‍ය පරිපාලන කටයුතු මෙන්ම කලමනාකරන කටයුතු වල නිරත වන කටක ලග්න හිමියන්ට තරමක් කාර්යබහුල ස්වභාවයක් ඇති වනු ඇත. තීන්දු තීරණ ගැනීමේදී, වචන භාවිත කිරීමේදී ප්‍රවේශම් වන්න.

සිංහ ලග්නය

ඔබ කරනු ලබන සියලු කටයුතු පිළිබඳව දෙපාරක් කල්පනා කරන්නට අමතක කරන්නට එපා. ඔබගේ වියදම් පාර්ශවයේ වුවත් යම් ඉහල යාමක් පෙන්නුම් කරනවා. එමෙන්ම ඔබගේ රැකි රක්ෂා කටයුතු ආශ්‍රිතව ඔබ ගනු ලබන තීන්දු තීරණ හොඳින් සිතා බලා ගැනීමට අමතක කරන්නට එපා.

කන්‍යා ලග්නය

ඔබට අද දිනය තුල රැකි රක්ෂා වෙලහෙලදාම් කටයුතු වල යම්කිසි ප්‍රගතියක් දක්නට ලැබෙනවා. ඔබ යම්කිසි අන්‍යදෙෂිත, අන්‍යාගමික පුද්ගලයින් සමග කරන ගනුදෙනු ඔබට සාර්ථක කරගැනීමට හැකියාව පවතිනවා. නමුත් ඔබට හිරිවාත රෝග ඇති වීමේ අවධානමක් පවතිනවා.

තුලා ලග්නය

බොහෝ බාධක මධ්‍යයේ වුවද ඔබට ආර්ථික ශක්තිය දියුණු කරගැනීමේ හැකියාව පවතිනවා. නමුත්, ගෙදරදොර කටයුතු මෙන්ම ඔබගේ විවාහාදී කටයුතු පිළිබඳව යම්කිසි බාධාකාරී තත්වයක් උදා කර පවතිනවා. එමනිසා වචන භාවිතා කිරීමේදී මෙන්ම ගමන් බිමන් යාමේදී තරමක් කල්පනාකාරී වන්න.

වෘශ්චික ලග්නය

අද දිනයේදී රැකි රක්ෂා කටයුතු වලට රහසිගත සතුරන් ඇති වීමේ හැකියාවක් පවතින බව කිව යුතුයි. ඔබගේ නොසැලකිලිමත් බව හේතුකොටගෙන සහ නොදැනුවත්කම හේතුකොටගෙන ඔබට විනාශකාරී තත්වයන් ඇති වීමට ඉඩකඩක් පවතිනවා. කරන කියන කටයුතු පිළිබඳව වැඩි වශයෙන් සිතා බලා කටයුතු කරන්න.

ධනු ලග්නය

අද දිනයේදී ඔබගේ කටයුතු පෙර පිනෙන් මෙන් සිදු කරගැනීමට ඔබට හැකියාව ලැබෙනු ඇත. ඔබට බොහෝ බාධක මධ්‍යයේ වුවත් කටයුතු සාර්ථක කරගැනීමේ හැකියාව පවතිනවා. එම නිසා ඔබගේ මෙන්ම ඔබගේ දුවා දරුවන්ගේ කටයුතු වෙනුවෙන් වැඩි වශයෙන් කල් වෙලා වෙන් කරන්නට ඔබට සිදු වනු ඇත.

මකර ලග්නය

අද දිනයේදී ඔබගේ රැකි රක්ෂා කටයුතු වල යම්කිසි කලබලකාරී ස්වභාවයක් ඇති වීමට ඉඩකඩ තිබෙනවා. කෙටි ගමන් බිමන් වලින් යම්කිසි පීඩාකාරී තත්වයක් ඇති වීමට හැකියි. ඔබගේ කටයුතු වල අවසානය සාර්ථක කරගැනීමට ඔබට අද දිනයේදී හැකියාව ලැබේ. සිතට යම් සහනයක් ඇතිකෙරේ.

කුම්භ ලග්නය

ඔබට අද දිනයේදී රුචක නමැති යෝගයක් උදා වී පවතිනවා. ඔබ අනිවාර්යෙන්ම ඔබගේ හැගීම් වලට වඩා බුද්ධියට ඉඩ දී කටයුතු කිරීමට සිතට ගත යුතුයි. ඔබගේ ගෞරවයට හානි වන පරිදි සමාජයේ හැසිරීම ඔබගේ කිරිතියට දැඩි හානි ඇති විය හැකියි. කලාත්මක කටයුතු වල නිරත වන උදවියට යහපත්.

මීන ලග්නය

ඔබට තරමක් කම්මැලි ස්වභාවයකි අද දිනයේදී උදා වී පවතින්නේ. රැකි රක්ෂා කටයුතු වලින් යම්කිසි ඈත් වී කටයුතු කරන ස්වභාවයක් දක්නට ලැබෙනවා. ප්‍රේමනීය කටයුතු වලටනම් අද දිනය ඔබට ශුභ ඵල උදා කරන බව අනිවාර්යෙන්ම කිව යුතුයි. ඔබගේ වචන වලින් අන් අය වසඟ වනු ඇත.

Loading...

2016 අගෝස්තු මස 09 වන අඟහරුවාදා - අද දවස ඔබට කොහොමද?

Post a Comment

Powered by Blogger.