Loading...
ඉර උදාව - පෙරවරු 06:05 ට
ඉර බැසීම - පස්වරු 18:27 ට
රාහු කාලය
දිවා 12:15 සිට 13:48 දක්වා.
රාත්‍රී 00:14 සිට 01:40 දක්වා.
සුභ දිශාව - උතුර
මරු සිටින දිශාව - නිරිත

මේෂ

අමතර ආදායම් මාර්ග යෙදෙන අද දින ව්‍යාපාර කටයුතුවල යෙදෙන අයට වාසිදායකය. ආදායම් මාර්ග යහපත්ව පවතින අතර, අධ්‍යාපන කටයුතුවල ප්‍රගතියක් පෙන්නුම් කරයි. කෙටි ගමන් බිමන්වලදී සහන රැසක් හිමිවේ. පවු‍ලේ කටයුතු සාර්ථකවන දවසකි.

වෘෂභ

රැකියාවල නියුතු අය උසස් නිලධාරීන් සමග වාද භේද වීමෙන් රැකියා කටයුතුවලට බාධා ගෙන දෙනු ඇත. ආර්ථිකය සම්බන්ධ ගැටලුකාරී තත්ත්වයක් මතුවිය හැකි අද දින සිතට මහත් අසහනයක් ඇතිවේ. ගෘහ ජීවිතයේ පීඩාකාරී බවක් පෙන්නුමු කරයි.

මිථුන

රැකියාවේ කටයුතු සම්බන්ධයෙන් සතුටුදායක පුවතක් අසන්න ලැබේ. අධ්‍යාපන කටයුතුවල ප්‍රගතියක් දක්නට ලැබෙන අතර අනුමානයට කරන වැඩකටයුතුවලින් පාඩු සිදුවිය හැකි අද දින වැය පස පාලනය කරගැනීමට අ‍පොහොසත් වන බව පෙනේ. ගෘහ ජීවිතය යහපත්ය.

කටක

අද දින සිතේ සැකයෙන් කටයුතු කරන බවක් දක්නට ලැබේ. රැකීරක්ෂා හා ව්‍යාපාර කටයුතුවල වෙනසක් සිදු නොවන අතර නිකරුණේ මුදල් වැය කිරීමට කරුණු යෙදෙන දවසකි. පදිංචි ස්ථානය පිළිබඳ ගැටලු මතු කරන වාතාවරණයක් පවතී. ගෘහ ජීවිතය යහපත්ය.

සිංහ

සිතට අවිවේකී බවක් ගෙන දින හැකි අද දින වැඩකටයුතුවල සාර්ථකත්වයක් පෙන්නුම් කරයි. ව්‍යාපාරික කටයුතුවල නියැළී සිටින අයට යහපත්ය. ආදායම් තත්ත්වය සතුටුදායක වන අතර මිතුරන් වෙනුවෙන් කාලය හා ධනය වැය කිරීමට සිදුවන දවසකි. පවු‍ලේ සමගිය උදාවේ.

කන්‍යා

ව්‍යාපාරික කටයුතුවල ප්‍රගතියක් දක්නට ලැබෙන අද දින රැකීරක්ෂා පිළිබඳව පැවති අසහනකාරී ගතිය මග හැරී යනු ඇත. නීතිය පිළිබඳ කටයුතුවලින් වාසි සැලසෙන අතර අධ්‍යාපන කටයුතුවලට යහපත්ය. ගෙදරදොර හා පවු‍ලේ දියුණුවට ඇති උනන්දුව වැඩිවන බව පෙනී යයි.

තුලා

ඔබේ මතු දියුණුව සම්බන්ධ විශේෂ බලා‍පොරොත්තුවක් ඉටුකර ගත හැකි අද දින රැකීරක්ෂා, ව්‍යාපාර කටයුතුවල සතුටුදායක ප්‍රගතියක් පෙන්නුම් කරනු ඇත. අධ්‍යාපන කටයුතුවල යෙදෙන සිසු සිසුවියන්ට යහපත් දවසකි. ආර්ථිකය උසස් මට්ටමක පවතී.

වෘශ්චික

ආදායම් කටයුතු නිසි පරිදි සංවිධානය කර ගැනීමට අ‍පොහොසත් වීමෙන් ආර්ථිකය පිරිහීමට පත්විය හැකි අද දින ව්‍යාපාර කටයුතුවලින් විශේෂ දියුණුවක් ලබාගත හැක. නව රැකියා මාර්ග කෙරෙහි සිත යොමුවන අතර පවු‍ලේ සමගිය, සමාදානය වර්ධනය වේ.

ධනු

අද දින සෑම කටයුත්තක්ම සාර්ථක කරගැනීමට හැකිවන වාතාවරණයක් ගොඩ නැගේ. බලා‍පොරොත්තු නොවූ වාසි අත්වීමට ඉඩ ඇති අතර රැකියා කටයුතුවලට යහපත් තත්ත්වයක් පෙන්නුම් කරයි. වෙළෙඳසල් පවත්වාගෙන යන අයට වැඩි ලාභ අත්වන දවසකි. ගෘහ ජීවිතය වාසනාවන්තය.

මකර

විදෙස් ගමන් ගැන උනන්දුවන්නේ නම් ඊට ශුභදායක ප්‍රතිඵල ලබා ගත හැකි අද දින තම අපේක්ෂාවන් මුදුන්පත්වන බව පෙනී යයි. ඇසුරු කරන අයගෙන් උදව් උපකාර ලබාගත හැකි අතර රැකීරක්ෂා හා  ව්‍යාපාර කටයුතුවල සාර්ථකත්වයක් දක්නට ලැබෙන දවසකි.

කුම්භ

හිතමිතුරන් අතර සුහදතාවය වර්ධනය වන අද දින රැකියාවේ කටයුතු සම්බන්ධව සතුටුදායක පුවතක් අසන්න ලැබේ. ව්‍යාපාරිකයන්ට ලාභ ලබා ගත හැකි අතර අධ්‍යාපන කටයුතුවල නියැළෙන අයට යහපත් ප්‍රතිඵල උදා කරයි. ආදායම් තත්ත්වය සතුටුදායකය. සමාජයේ පැසසුමට ලක්විය හැකි දවසකි.

මීන

ගෘහ ජීවිතයේ පැවැති ආරවුල් තත්ත්වයක් සමථයකට පත්වෙයි. නිදහසේ කාලය ගත කිරීමට ඉඩ ලැබෙන අද දින ඔබ බලා‍පොරොත්තුවෙන් සිටි අදහසක් ඉටුවන බව පෙනීයයි. රැකීරක්ෂා ව්‍යාපාර කටයුතුවල සාර්ථකත්වය ගෙනදෙන අතර පවු‍ලේ පී්‍රතිය හා වාසනාව උදාවේ.

Loading...

2016 අගෝස්තු මස 10 වන බදාදා - අද දවස ඔබට කොහොමද?

Post a Comment

Powered by Blogger.