Loading...
මේෂ
රැකීරක්ෂා කටයුතු සම්බන්ධයෙන් සතුටුදායක ප්‍රගතියක් දක්නට ලැබෙන අද දින සිතා මතා තීරණ ගත හැකි මානසික තත්ත්වයක් ගෙන දිය හැකි දවසකි. වෙළෙඳ ව්‍යාපාරිකයන්ට වාසි ලබා ගත හැකි අතර පෙම් සබඳතා ගොඩනගා ගත හැකි වාතාවරණයක් පවතී.

වෘෂභ
ෙදෙනික කටයුතුවලට යම් යම් බාධක හා අවහිරතාවන්ට මුහුණ දීමට සිදුවන අතර, රැකියා අංශයේ නියුතු අයට වෙනදාට වඩා වගකීම් හිමිවන බව පෙනී යයි. ව්‍යාපාරික කටයුතුවල සාර්ථකත්වයක් දක්නට ලැබෙන අද දින අතපසු වී තිබූ ගේදොර කටයුතු අවසන් කරගත හැකි දවසකි.

මිථුන
අද දින රැකියාවේ පැවැති දුෂ්කරතා ඉවත් වේ. ව්‍යාපාරික කටයුතුවල සාර්ථකත්වයක් ඇති වේ. ආර්ථිකය යහපත් බව දක්නට ලැබේ. අශුභ ඵල බොහෝ දුරට පහවී යන අතර ගමන් බිමන් සඳහා වෙනදාට වඩා වැඩි වියදමක් දැරීමට සිදුවන බව පෙනීයයි. ගෘහජීවිතය සතුටින් ගතකිරීමට ඉඩ ලැබෙන දවසකි.

කටක
සාමාජීය කටයුතුවලින් ප්‍රශංසා ලබාගත හැකි වුවද සිත අධෛර්ය වන අන්දමේ කටයුතු සිදුවීමට ඉඩ ඇති අද දින රැකියාව කලට වෙලාවට කරගෙන යාමේ අපහසුතාවන් ගෙන දෙන අතර ව්‍යාපාරික කටයුතුවලින් අවාසිදායක තත්ත්වයක් පෙන්නුම් කරයි. පවු‍ලේ සමගිය හා සමාදානය වර්ධනය වේ.

සිංහ
රැකියාවල හා අධ්‍යාපන කටයුතුවල නියුතු වූවනට යහපත් දවසකි. ව්‍යාපාරික කටයුතුවලින් අවාසිදායක තත්ත්වයක් ගෙන දිය හැකි අතර, නව ආදායම් මාර්ගයකට මග පෑදෙන බව පෙනී යයි. ගෘහ ජීවිතය යහපත් ලෙස පවත්වාගෙන යාමට හැකිවේ.

කන්‍යා
රැකියා කටයුතුවලදී අනපේක්ෂිත අභියෝගවලට මුහුණ පෑමට සිදුවිය හැකි අද දින ව්‍යාපාර ක්ෂේත්‍රයේ නියුතු අයට පාඩු ගෙන දෙන අතර මානසික නොසන්සුන්තාවයක් පැන නැගීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරයි. ආගමික කටයුතු කෙරෙහි සිත යොමුවන දවසකි.

තුලා
රැකීරක්ෂා කටයුතුවල උසස් දියුණුවක් සැලසෙන අද දින වෙළෙඳ ව්‍යාපාරවලින් ලාභප්‍රයෝජන ලබාගත හැකි අතර ආර්ථිකයේ සුවිශේෂී වර්ධනයක් දක්නට ලැබේ. තම සුවපහසුව සඳහා කරන වියදම් ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතී. යුගදිවිය පී්‍රතිමත්ය.

වෘශ්චික
ව්‍යාපාරික කටයුතුවලින් බලා‍පොරොත්තු වු තරම් ලාභ නොලැබෙන බව පෙනී යයි. රැකියාවල නියුතු අයට ශුභඵල උදාවනු ඇත. අකමැති දේවල්වලට නැඹුරුවීමේ ප්‍රවණතාවක් පවතින අතර, අද දින ඔබට වැදගත් කටයුතු කිහිපයක් ඉටුකර ගැනීමට හැකිවන දවසකි.

ධනු
රැකියා කටයුතු වෙනදාට වඩා උද්යෝගයෙන් ඉටුකරන බව පෙනී යයි. රැකියා ස්ථානයේ උසස් නිලධාරීන්ගේ සිත් දිනාගෙන කටයුතු කිරීමේ හැකියාව ඇති දවසකි. වෙළෙඳ ව්‍යාපාරිකයන්ට යහපත් වන අතර ආර්ථිකය සතුටුදායක මට්ටමක තබාගැනීමට හැකිවේ. පී්‍රතිමත් ගෘහ ජීවිතයක් ගතකිරීමට ඉඩ ලැබේ.

මකර
රැකියාව සුපුරුදු පරිදි කරගෙන යාමට හැකිවන අද දින වෙළෙඳ ව්‍යාපාරිකයන්ට ආර්ථික වාසි හිමිකර ගත හැකි බව දක්නට ලැබේ. විදෙස් අධ්‍යාපනය අපේක්ෂා කරන අයට තම බලා‍පොරොත්තු ඉටුවන අතර ආර්ථික ගැටලුවලින් නිදහස් වීමට හැකිවන දවසකි.

කුම්භ
පැවිදි කෙනෙකුගේ විශේෂ උපකාරයක් ලබාගත හැකි අද දින රැකියා කටයුතු සම්බන්ධයෙන් යහපත් ප්‍රතිඵල ගෙන දෙයි. ව්‍යාපාර හිමියන්ට වාසි ලබාගත හැකි අතර, ආදායම් මාර්ගවල සැලකිය යුතු ප්‍රගතියක් පෙන්නුම් කරයි. බාහිර අලංකාරයට සිත යොමුවන දවසකි.

මීන
මතෛක් පැවැති දුෂ්කර කරුණු කිහිපයක් සාර්ථක කරගැනීමට හැකිවේ. ආර්ථිකය යහපත්ය. පැරණි ණයක් ලැබිම නිසා ආර්ථිකය වඩාත් සතුටුදායක වන අතර, රැකීරක්ෂා හා ව්‍යාපාර කටයුතු සාර්ථක විය හැකි දවසකි. ගෙදරදොර හා වටාපිටාව පී්‍රතිදායක තත්ත්වයකට පත්වෙයි. ගෘහ ජීවිතය වාසනාවන්තය.

Loading...

2016 අගෝස්තු මස 15 වන සඳුදා - අද දවස ඔබට කොහොමද?

Post a Comment

Powered by Blogger.