Loading...
මේෂ – බුද්ධිමත් විය යුතුයි

වෘත්තීය සහ රැකීරක්ෂා කරගෙන යාමේදී සතුරු කරදර බාධා නිසා යම් යම් අහිතකර තත්ත්වයන්ද උදා කළ හැකිය. බුද්ධිමත් විය යුතුයි. කල්පනාකාරී විය යුතුයි. නොඑසේ නම් ආකූලතා, ව්‍යාකූලතා ඉස්මතු කළ හැක. උසස් නිලධාරීන් සමග කටයුතු කිරීමේදී තරමක් බුද්ධිමත් විය යුතුයි. මිල මුදල් ආදායම් ලැබුනද විටෙක වියදම් පක්ෂය තරමක් ඉහළ යනු ඇත. ගෙදරදොර කටයුතුවලදී සාමාන්‍ය වුවත් වැඩකටයුතුවල බහුල බවක් පෙන්වයි. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් තරමක් කල්පනාකාරී විය යුතුයි. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේශම් වන්න. වැටීම්, තැළීම්, තුවාල යනාදියට ඉඩ පවතී.

ජය වර්ණය:  රතු  ජය අංකය: 09

වෘෂභ – මිශ්‍රඵලයි

ශනි, කුජ, රාහු, කේතුගේ ගමන් එතරම්ම ශුභදායක නැත. එම නිසා හැම කටයුත්තකදීම තරමක් කල්පනාකාරීවද, බුද්ධිමත්වද ක්‍රියා කළ යුතුයි. මිල මුදල් කටයුතු සම්බන්ධයෙන් වඩාත් ශුභදායක බවක් පෙන්නුවද මිල මුදල් කටයුතු ඉතිරිකර ගැනීම නම් අපහසුයි. ගෙදරදොර කටයුතු සම්බන්ධයෙන් ශුභදායක බව පෙනී ගියත් විටින් විට බාධා අවහිරතා ද පෙන්වයි. යුග දිවිය සම්බන්ධ කටයුතුවලදී වඩාත් සැලකිලිමත් වන්න. නොඑසේ නම් ආකූලතා ව්‍යාකූලතා ඉස්මතු කළ හැක. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් තරමක් කල්පනාකාරී වන්න. හවුල් කටයුතුවලදී සැලකිලිමත් විය යුතුයි.

ජය වර්ණය: නිල්  ජය අංකය: 06

මිථුන – යහපත්ය

වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේදී අන්‍යයන්ගේ ආධාරය උපකාරය ලැබිම තුළ තමාගේ කටයුතු එක්තරා ප්‍රමාණයකට සාර්ථක වේ. තම තත්ත්වයෙහි කිසියම් දියුණුවක් උදා කරනු ඇත. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් ශුභදායක වේ. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට වඩාත් ශුභයි. ලාභ ප්‍රයෝජන අත්පත් වේ. විවිධ ක්ෂේත්‍රයන්ට යොමුවීම තුළ ආදායම් මාර්ග පුළුල් කර ගත හැක. ගෙදරදොර කටයුතු යහපත්ය. සමගිය සාමයට බාධා අවහිරතා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතු යහපත්ය. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵලයක් ලැබිය හැක.

ජය වර්ණය: කොළ  ජය අංකය: 05

කටක – බාධා සහිතයි

ආර්ථික සහ මූල්‍යමය වශයෙන් අයහපත් නොවුවද විටෙක ඔබ බලා‍පොරොත්තු වන තරමට සාර්ථක ප්‍රතිඵලයක් උදා නොකරයි. ආදායම් ලැබුනද ඔබට වියදම් පක්ෂය පාලනය කර ගැනීම අසීරුවේ. මිල මුදල් සම්බන්ධ කටයුතුවලදී තරමක් කල්පනාකාරී විය යුතුයි. වෘත්තීය සහ රැකියා කටයුතුවලදී බාධා අවහිරතාවන්ට ඉඩ නැත්තේ ද නොවේ. ගෙදරදොර කටයුතුවලදී සමගිය සාමයට බාධා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් ශුභදායක ආරංචි ලැබේ. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැක.

ජය වර්ණය: ක්‍රීම් පාට  ජය අංකය: 02

සිංහ – ගමන් බහුලයි

වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේදී සුළු සුළු බාධා අවහිරතා ඉස්මතු වුවද ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵලයක් උදා කර ගත හැක. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් ශුභයි. විවිධ ක්ෂේත්‍රයන්ට යොමු වීම තුළ සාර්ථක ප්‍රතිඵලයක් උදා කර ගත හැක. රාජකාරී වශයෙන් කෙටි වශයෙන් වුවද ගමන් බිමන් අධික වේ. ගෙදෙරදොර කටයුතු යහපත්වේ. සමගිය සාමය සුරක්ෂිත වේ. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් ශුභදායක ආරංචි ලැබේ. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵලයක් උදාකර ගත හැක. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන තරමක් ප්‍රවේශම් වන්න.

ජය වර්ණය: රතු   ජය අංකය: 01

කන්‍යා – ප්‍රමාදවීම් වේ

ආර්ථික සහ මූල්‍යමය වශයෙන් අයහපත් නොවේ. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට වාසිදායක තත්ත්වයක් හිමි වේ. විවිධ අංශයන්ට යොමු වීම තුළ ආදායම් වර්ධනයක් කර ගත හැක. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවලදී යම් යම් බාධා සහ ප්‍රමාදතාවන්ට ඉඩ පවතී. ඔබ බලා‍පොරොත්තුවන තරමට සාර්ථක ප්‍රතිඵලයක් උදා නොකරයි. ඉවසීමෙන්ද, බුද්ධිමත්වද කටයුතු කරන්න. ගෙදෙරදොර කටයුතු මෙන්ම යුග දිවිය සම්බන්ධ කටයුතු සාමාන්‍ය අන්දමට සිදුවේ. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් ශුභදායක ආරංචි ලැබේ. ඉගෙනීමේ යෙදී සිටින අයට ස්වකීය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵලයන් උදා කර ගත හැක.

ජය වර්ණය: කොළ  ජය අංකය: 05

තුලා – සමපලයි

වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේදී අන්‍යයන්ගේ සහයෝගය ආධාරය උපකාරය ලැබිම ඔබ බලා‍පොරොත්තු වන තරමට සාර්ථක නොවේ. විටෙක යම් යම් බාධා අවහිරතා ප්‍රමාදයන්ට ඉඩ නැත්තේද නොවේ. එම නිසා අන්‍යයන් සමග කටයුතු බුද්ධිමත්වද කල්පනාකාරීවද ක්‍රියා කළ යුතුයි. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් ශුභදායක නැත. ආදායම් ලැබුනද වියදම් පක්ෂය පාලනය කර ගැනීම තරමක් අසීරු වේ. ගෙදරදොර කටයුතු සාමාන්‍ය අන්දමට සිද්ධ වේ. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් ශුභදායක ආරංචි ලැබේ. ගමන් බිමන් අධිකයි. ආගමික සහ සමාජීය වශයෙන් කටයුතු කරනු ඇත.

ජය වර්ණය: නිල්  ජය අංකය: 06

වෘශ්චික – දියුණුවක්

ආර්ථික සහ මූල්‍යමය වශයෙන් ශුභදායක තත්ත්වයක් ක්‍රමයෙන් උදා වේ. විවිධ ක්ෂේත්‍රයන්ට යොමු වීම තුළ ආදායම් මාර්ග වර්ධනය කරගත හැක. වෙළෙඳ ව්‍යාපාරවල නියුක්ත අයට වාසිදායක තත්ත්වයක් හිමි වේ. ලාභ ප්‍රයෝජන අත්පත් වේ. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල යෙදී සිටින අයට අලුත් කටයුතු කිහිපයකට මුහුණ දීමට සිදුවේ. ඒ තුළ ක්‍රමයෙන් දියුණුවක් ලැබිය හැක. ගෙදරදොර කටයුතු යහපත් වේ. සමගිය සාමයට එතරම් බාධා එල්ල නොවේ. දරුවන්ගේ  කටයුතු සම්බන්ධයෙන් කාලයත්, ධනයත්, ශ්‍රමයත් වැය වනු ඇත. එසේම අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට අලුත් විෂයයන් ඉගෙනීමට, හැදෑරීමට අවස්ථාව සැලසේ. ගමන් බිමන් අධිකයි.

ජය වර්ණය: රතු  ජය අංකය: 09

ධනු – මිශ්‍රපලයි

පවතින ග්‍රහ බලය ගැන බැලීමේදී මෙම කාලය තුළ සමබර ජීවන තත්ත්වයක් උදා කරනු ඇත. තම කටයුතුවල කිසියම් ස්ථාවරබවක් පෙන්වයි. ලැබිම්වලට යහපත්ය. විවිධ ක්ෂේත්‍රයන් තුළ නියුක්තවීම මත තමාගේ කටයුතු සාර්ථක කර ගත හැක. ආදායම් මාර්ගවල වර්ධනයක් පෙන්වයි. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු එක්තරා සාර්ථක බවක් පෙන්වයි. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් වැඩිපුර නැඹුරුවක් පෙන්වයි. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵලයක් උදා කරයි. ආගමික සහ සමාජීය කටයුතුවල යෙදී සිටින අයට එතරම් සාර්ථක ප්‍රතිඵල ලැබිමට ප්‍රමාද වනු ඇත.

ජය වර්ණය: රන්වන්   ජය අංකය: 03

මකර – ස්ථාවර තත්ත්වයක්

ග්‍රහ ගෝචරය ශක්තිමත් වේ. එම නිසා සාමාන්‍ය දක්ෂතාවයක් වුවද කිසියම් මට්ටමක ඔප නංවාගෙන කටයුතු කරනු ඇත. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවලදී මනා සංවිධානයෙන්ද යුතු සැලසුම් සහගතව ක්‍රියා කරනු ඇත. ව්‍යාපාරික ක්ෂේත්‍ර තුළින් පවා කිසියම් වර්ධනයක් උදා කරනු ඇත. එසේම ස්ථාවර ආර්ථික තත්ත්වයක් කරා යොමුවීමේ අවස්ථා උදා කරගනී. අනපේක්ෂිත ලැබිම්වලට ද ශුභයි. අධ්‍යාපන කටයුතු යෙදී සිටින අයට වඩාත් ශුභදායක වේ. ගෘහ ජීවිතය යහපත්ය. යුග දිවිය සම්බන්ධ කටයුතු යහපත් කර ගනී. දරුවන්ගේ කටයුතුවල දියුණුවක් පෙන්වයි. ස්නායු නහර පීඩා හෘදගත පීඩාවලට ඉඩ පවතී.

ජය වර්ණය: නිල්  ජය අංකය: 08

කුම්භ – සමබර තත්ත්වයක්

වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවලදී දක්ෂතා මතුකර ගන්නට අවස්ථාව සැලසේ. විදේශගතවීම් අපේක්ෂාවෙන් සිටින අයට ඒ සඳහා අවස්ථාවක් සලසා ගත හැක. ආදායම් සහ ආර්ථික ලැබිම් වශයෙන් යහපත්ය. විවිධ ක්ෂේත්‍රයන්ට යොමුවීම තුළ ආදායම් මාර්ග විවර කර ගනී. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ශුභදායක වේ. ආදායම් ලැබුනද වියදම් පක්ෂයද ඉහළ යනු ඇත. ගෙදරදොර කටයුතු යුගදිවිය සම්බන්ධ කටයුතු යහපත්ය. සමගිය, සාමය සුරක්ෂිත වේ. දරුවන්ගේ කටයුතුවලට ශුභයි. ඉගෙනීමේ කටයුතුවල යෙදී සිටින අයට අලුත් දේවල් සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමටද සිදුවේ. ශරීර සෞඛ්‍යය සම්බන්ධයෙන් ප්‍රවේශම් වන්න.

ජය වර්ණය: නිල්  ජය අංකය: 06

මීන – කටයුතු අවුල් විය හැක

ආදායම් ලැබුනද මිල මුදල් නිකරුණේ වියදම් වේ. තැන්පත් ධනයට හානිවීම් ඇති කරයි. මිල මුදල් සම්බන්ධ ගිවිසුම්වලට අත්සන් කිරීමෙන් වළකින්න. මිල මුදල් සම්බන්ධ කටයුතුවලදී කල්පනාකාරී වන්න. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු යහපත්ය. අන්‍යයන්ගේ සහයෝගය ලැබිම තුළ තමාගේ කටයුතු යහපත්ය. ලෙහෙසියෙන්, පහසුවෙන් කටයුතු සාර්ථකයි. ගෙදරදොර කටයුතුවලදී ප්‍රවේශම් වන්න. සමගිය සාමයට බාධා එල්ල විය හැක. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් කාලයත් ධනයත් ශ්‍රමයත් වැයවේ. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිපල ලැබිය හැක.

ජය වර්ණය: රන්වන්  ජය අංකය: 03

Loading...

සතියේ පලාපල 2016 අගෝස්තු 14 සිට 2016 අගෝස්තු 20 දක්වා

Post a Comment

Powered by Blogger.