Loading...
ඉර උදාව - පෙරවරු 06:05 ට
ඉර බැසීම - පස්වරු 18:26 ට
රාහු කාලය
දිවා 16:50 සිට 18:23 දක්වා.
රාත්‍රී 04:36 සිට 06:03 දක්වා.
සුභ දිශාව - දකුණ
මරු සිටින දිශාව - උතුර

මේෂ ලග්නය

ඔබගේ පැවතුනු මානසික පීඩාකාරී ස්වභාවය යම් ආකාරයකින් පහව යන ආකාරයක් දක්නට ලැබෙනවා. එම නිසා ගෘහස්ත පරිසරයේ වුවත් යම් සාමකාමිත්වයක් දක්නට ලැබෙනවා. වැඩිහිටි ඥාතීන්ගෙන් වුවත් උදවු උපකාර ලබාගැනීමට හැකියාව පවතිනවා. අවස්තාව උදා වු විට ඔබගේ වාසනාව උරගා බැලීම ඉතාමත්ම වැදගත්.

වෘෂභ ලග්නය

ඔබට රුචක නමැති පංචමහා පුරුශයෝගයක් උදා වී පවතිනවා. මේ නිසා ඔබගේ කටයුතු යම් ආකාරයකට අතපසු වන ආකාරයක් දක්නට ලැබෙනවා. එමෙන්ම කාර්යබහුල වන ස්වභාවයකුත් දක්නට ලැබෙනවා. කය මෙන්ම මනසත් වෙහෙසවා කටයුතු කරන්නට සිදු වන දවසක්. ඔබ අද දවසේදී නිරෝගී සුවය පිළිබඳව වැඩි වශයෙන් සිතා බලා කටයුතු කිරීම ඉතාමත්ම වැදගත්.

මිථුන ලග්නය

අද දවසේ ඔබ හවුල් ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කර කටයුතු කරන ආකාරයක් දක්නට ලැබෙනවා. පොදුවේ අන් අය සමග මිශ්‍රව සිදු කරන සෑම කටයුත්තකින්ම සාර්ථකත්වය පහසුවෙන්ම උදා කරගැනීමේ හැකියාව පවතිනවා. තනිව කරන්නට බලාපොරොත්තු වන කටයුතු වලනම් ඔබට තරමක් යහපත් නොවුනත් හවුල් කටයුතු වලින් ශුභයි.

කටක ලග්නය

අද දිනය ඔබට ප්‍රනීත ආහාර පාන ලැබෙන ඉතාමත්ම යහපත් දිනයකි. ප්රිය සම්භාෂණ ආදිය ලැබීමටද ඉතාමත්ම යහපත්ය. විවිධාකාර උත්සව වලට අනේකවිධ ආරාධනා ලැබෙන්නට හැකියාව ඇත. සමහර අවස්තාවන් වලදී මානසික අස්තාවරභාවයක් ඇති වන්නට පුළුවන්. ඒ නිසාම ඔබ සාමාන්ය මිතුරු සමාජයෙන් තරමක් දුරස් වී කටයුතු කිරීම ඉතාමත්ම වැදගත්.

සිංහ ලග්නය

අද දවසේ ඔබ ආගමික නායකයන් සමග වැඩි වශයෙන් කාලය ගත කරනු ඇත. එමෙන්ම ඔබ ගෘහස්ත කටයුතු වලින් මෙන්ම ප්‍රේමනීය කටයුතු වලින්ද වැඩි වශයෙන් දුරස්ථව කටයුතු කරනු ඇත. උදාසීන ගති ලක්ෂණ ඇති කරනු ඇත. කෙසේ වුවත් සවස් වරුවේනම් අධික ගමන් බිමන් ඇති කරවනවා. පාද ආශ්‍රිතව රෝගාබාධ ඇති විය හැක.

කන්‍යා ලග්නය

ගෙදරදොරට අලුත් අමුත්තෙක් පැමිණීම මත ඔබගේ කටයුතු වල යම් ආකාරයක වෙනස්කිරීමක් සිදු කරන්නට ඔබට හැකියාව ලැබේවි. උදෑසනම ඔබගේ දෛනික කටයුතු සාර්ථක කරගැනීමට කටයුතු සකස් කරගන්න. සැලසුම් සහගත වීම මත ඔබට අනවශ්‍ය කාර්යබහුල බවකින් දුරස් වීමට හැකියාව ලැබේවි.

තුලා ලග්නය

ඔබගේ අධ්‍යාපනික කටයුතු කෙරෙහි ඔබට වැඩි වශයෙන් සිත යොමු කරන්නට හැකියාවක් පවතිනවා. අධ්‍යාපනික කටයුතු වලින් මෙන්ම තරඟ විභාග කටයුතු වලින්ද තුලා ලග්නයෙන් උපන් ඔබට වැඩි වාසි සහගත තත්වයක් උදා කරවනවා. අන් අයගේ උදවු උපකාර තමන්ට පහසුවෙන් ලබාගන්නට පුළුවන්.

වෘශ්චික ලග්නය

තමන්ගේ ගෙදරදොරදී ඔබට තරමක කම්මැලි ගති ස්වභාවයක් ඇති වන්නට හැකියාව පවතිනවා. ඒ නිසාම ඔබ වැඩ කටයුතු තරමක් කල් දමන ස්වභාවයක් අද දිනයේදී ඇති කරවනවා. එමෙන්ම, අලස බව සහ කම්මැලි බව ඔබගේ මිතුරෙකු මෙන් ඔබට දැනෙන්නට පුළුවන්.

ධනු ලග්නය

ඔබ ආගම දහම පිළිබඳව අලුත් ආකාරයකින් සිතන පතන දවසක් ලෙසින් අද දිනය හඳුන්වන්නට පුළුවන්. ඔබගේ මවු දෙමවුපියන් සහ දරුවන් පිරිවරාගෙන එවැනි ස්ථාන වලට යාමට ඔබට හැකියාව ලැබේවි. කෙසේ වුවත් පපුව ආශ්‍රිත රෝගාබාධ විටින් විට උත්සන්න වීමට හැකියි. නියමිත මාත්‍රාවට ඖෂධ ගැනීම වැදගත්.

මකර ලග්නය

ඔබ අද දවසේදී භාවිතා කරන වචන පිළිබඳව සැලකිලිමත් වීම ඉතාමත්ම වැදගත්. එක් අවස්ථාවකදී භාවිතා කරන වචන වලට වඩා හාත්පසින්ම වෙනස් වචන තවත් සුළු මොහොතකින් භාවිතා කරනු ඇත. මෙම ව්යාකුලතාවය නිසා ඔබ අවට ඉන්න පිරිස් ඔබ ගැන සක සංකා මතු කරගැනීමට හැකියාව පවතිනවා. ඒ නිසා ඒ පිළිබඳවත් අවධානය යොමු කිරීම වැදගත්.

කුම්භ ලග්නය

ඔබ වෙනදාට වඩා උනන්දු සහගත ස්වභාවයකින් කටයුතු කරන ආකාරයක් දක්නට ලැබෙනවා. අසල්වැසියන් මෙන්ම තමන්ගේ යහළු මිත්‍රාදීන්ගේ කටයුතු වෙනුවෙන් වැඩි වශයෙන් කල් වේලා වෙන් කරගැනීමට කටයුතු කරනු ඇත. කෙසේ වෙතත් කටයුතු සාර්ථක කරගැනීමට හැකි සාර්ථක දවසකි. වචන භාවිතා කිරීමේදී සැලකිලිමත් වන්න.

මීන ලග්නය

අද දවසේ ඔබ විවාහ කටයුතු පිළිබඳව සුළු කලකිරීමකින් යුක්තව කටයුතු කරනු ඇත. කල් පසු වුන විවාහ කටයුතු පවතිනවානම් ඒවා තවදුරටත් කල් පසු වනු ඇත. අධ්‍යාපන කටයුතු තරමක් ඉක්මන් කරගැනීමට ඔබ කටයුතු කරනු ඇත. මානසික ස්වභාවය යම් ආකාරයකට කලකිරුණු ස්වභාවයක් ද ඇති කරයි.

Loading...

2016 අගෝස්තු මස 14 වන ඉරිදා - අද දවස ඔබට කොහොමද?

Post a Comment

Powered by Blogger.