Loading...
ඉර උදාව - පෙරවරු 06:04 ට
ඉර බැසීම - පස්වරු 18:22 ට
රාහු කාලය
දිවා 15:15 සිට 16:46 දක්වා.
රාත්‍රී 03:08 සිට 04:35 දක්වා.
සුභ දිශාව - නැගෙනහිර
මරු සිටින දිශාව - බස්නාහිර

මේෂ ලග්නය

ඔබගේ බුද්ධිය තරමක් යටපත් වී හැගීම් වලට මුල් තැනක් දෙන්නට ඔබ උත්සාහ දරන ස්වභාවයක් දක්නට ලැබෙනවා. එම කටයුතු වලට ඥානාන්විතව මුහුන දීමට ඔබට හැකියාවක් තිබේනම් අනිවාර්යෙන්ම ඇති වීමට නියමිත බාධාවන් මගහරවාගැනීමට හැකියි.

වෘෂභ ලග්නය

රැකි රක්ෂා කටයුතු වලට සහ වෙලහෙලදාම් කටයුතු වලට යම් අකාරයකට යහපත් තත්වයක් පෙන්නුම් කෙරේ. අද දවසේ ඔබට ක්ෂණික ධනලාභ වුවත් ඇති වීමට හැකියාව පවතිනවා. ස්වර්ණාභරණ කටයුතු වලටත් ශුභයි. නමුත් හවුල් ව්‍යාපාර කටයුතු වලටනම් එතරම් යහපත් තත්වයක් නොවෙයි පවතින්නේ.

මිථුන ලග්නය

අද දවස මිථුන ලග්නයෙන් උපන් ඔබට ඉතාමත්ම යහපත් දිනයක් බව කිව යුතුයි. ශරීරයට තරමක අපහසු ස්වභාවයක් ඇති වීම වැනි තත්වයන් උදා වන්නට පුළුවන් කමක් පවතින දිනයකි. සෞඛ්‍ය තත්වය පිළිබඳව දැඩි අවධානයකින් කටයුතු කරන්නට වගබලාගැනීම වැදගත්. තරමක් පිඩාකාරියි.

කටක ලග්නය

අද දවස ඔබ බොහෝ දුරට කලකිරුණු ස්වභාවයකින් ගත කරන්නට උත්සාහ දරනු ඇත. කුසීත ගති ලක්ෂණ හේතුකොටගෙන අන් අයගේ අවලාද අපහාස ඇසීමට ඔබට සිදු වන්නට පුලුවන්. ඔබගේ කටයුතු සම්පාදනය කරගන්නා විට ජව සම්පන්න ලීලාවෙන් වැඩ කටයුතු කරන්නට සිතට ගන්න.

සිංහ ලග්නය

යම් මට්ටමකට ඔබගේ සිතිවිලි පාලනය කරගැනීමට හැකි වන තත්වයකි පෙන්නුම් කරන්නේ. වැඩ කටයුතු වල යම්කිසි පැටලිලි ස්වභාවයක් ඇති කරන්නට පුළුවන්. පවුල සම්බන්ධ කටයුතු වලදීනම් තරමක නම්‍යශීලි තත්වයක් ඇති කරගෙන කටයුතු කරන්නට අමතක කරන්නට එපා.

කන්‍යා ලග්නය

හවුල් ව්‍යාපාර කටයුතු වල නිරත වී සිටින කන්‍යා ලග්න හිමියන්ටනම් ඉතාමත්ම යහපත් දිනයකි උදා වී පවතින්නේ. ඒ නිසාම ඔබට අන් අයගේ හොඳ හිත දිනාගැනීමටත් හැකියාව ලැබෙනු ඇත. පවුල් ජීවිතය තුල පැවති චිත්ත පිඩා ස්වභාවයද දුරු වී යන ස්වභාවයක් දක්නට ලැබෙනවා. සෙම් රෝග ඇති වේ.

තුලා ලග්නය

අද දවසේ වෙනත් දේශයන් වල කටයුතු කරන පුද්ගලයින් සමග කරනු ලබන ගනුදෙනු වලින් ඔබට ඉතාමත්ම වාසනාවන්ත ලෙස ජය අත්පත් කරගැනීමට පුළුවන්. කලාකාමී සිතිවිලි වලටනම් තරමක බාධාකාරී තත්වයක් ඇති කරවනවා. චිත්ත පීඩා වැඩි වශයෙන් ඇති වීමට ඉඩකඩක් පවතිනවා.

වෘශ්චික ලග්නය

අද දවස තරමක් වාසනාවන්ත දවසක් ලෙස වෙන් කරන්නට පුළුවන්. යහපත් ලීලාවෙන් ඔබ කටයුතු කරන්නට උත්සාහ දරනවා සේම ඒ සඳහා නිවැරදි පරිසරයක් ඔබ වටා ගොඩනැගෙනවා. වැටීම්, තැලීම්, තුවාල වීම් වැනි තත්වයන් ඇති වීමට හැකියාවක් පවතිනවා. හිසේ රෝගාබාධ තත්වයන් ඇති වේ.

ධනු ලග්නය

ඔබට එතරම් යහපත් තත්වයක් නොවෙයි අද දවසේ පවතින්නේ. එමනිසා ඔබ කුමන ක්ෂේත්‍රයක කටයුතු කරන කෙනෙක් වුවත් අද දවසේ කල්පනාකාරීව කටයුතු කරන්නට අමතක කරන්නට එපා. වැටීම්, තැලීම්, තුවාල වීම් මෙන්ම ගින්දරින් සහ ජලයෙන් හානිදායක තත්වයන් ඇති කිරීමට ඉඩකඩ තිබේ.

මකර ලග්නය

අද දවසේ වැඩිහිටියන්ගේ අවවාද අනුශාසනා වලට වැඩිපුර අවධානය යොමු කළහොත් ඔබට ඔබගේ වැඩ කටයුතු ඉතාමත්ම සාර්ථකව සිදු කර ගැනීමට හැකියාව ලැබේවි. කළමනාකරණය වැනි කටයුතු වල නිරත වන මකර ලග්න හිමියන්ට ධන වාසනාව උදා කරගැනීමට අවස්තාව අද දිනයේදී ලැබෙනු ඇත.

කුම්භ ලග්නය

අද දවසේ ඔබට යම් ආකාරයක බාධාකාරී තත්වයක් ඇති කිරීමට පුළුවන්. ඔබගේ සැඟවුණු සිතිවිලි අද දිනයේදී එලි වන ස්වභාවයක් දක්නට ලැබෙනවා. උසස් අයගේ අවවාද අනුශාසනා මධ්‍යයේ ඔබගේ කටයුතු නිසි සැලසුමකට අනුව සිදු කිරීමෙන් ඔබට අද දිනයේදී ජය උදා කරගත හැකි වේවි.

මීන ලග්නය

අද දවසේ යම් කිසි පැටලිලි සහගත තත්වයක් ඔබට ඇති වීමට හැකියාව ලැබෙනවා. මුල්‍ය කළමනාකරණ ක්ෂේත්‍ර සහ ස්වර්ණාභරණ කටයුතු වල නිරත වන ඔබටත් ඉතාමත්ම යහපත් තත්වයකි දක්නට ලැබෙන්නේ. එරාෂ්ටක තත්වය පහසුවෙන් යටපත් වන ස්වභාවයක් දක්නට ලැබෙනවා.

Loading...

2016 අගෝස්තු මස 23 වන අඟහරුවාදා - අද දවස ඔබට කොහොමද?

Post a Comment

Powered by Blogger.