Loading...
ඉර උදාව - පෙරවරු 06:04 ට
ඉර බැසීම - පස්වරු 18:23 ට
රාහු කාලය
දිවා 07:36 සිට 09:08 දක්වා.
රාත්‍රී 19:48 සිට 21:15 දක්වා.
සුභ දිශාව - නැගෙනහිර
මරු සිටින දිශාව - වයඹ

මේෂ

අද දින ඔබට රැකියා කටයුතු සම්බන්ධයෙන් තරමක අයහපත් තත්ත්වයක් ඇති වුවද රැකියා ස්ථානයේ ප්‍රධානින්ගේ සහයෝගය ලැබෙන බව පෙනී යයි. වෙළෙඳ ව්‍යාපාරිකයන් ට පාඩු සිදුවිය හැකි අතර අනවශ්‍ය ලෙස මුදල් වැය කිරීම හේතුකොට ගෙන ආර්ථික ගැටලු මතුවිය හැකි දවසකි.

වෘෂභ

වෙළෙඳ ව්‍යාපාරික කටයුතු සඳහා මුදල් යෙදවීමෙන් පාඩු සිදුවිය හැකි අද දින රැකිරක්ෂා සම්බන්ධයෙන් සැලකිය යුතු දියුණුවක් ඇතිවෙයි. සිතට එකඟව කිසිවක් ක්‍රියාත්මක කිරීමට නොහැකි තත්ත්වයක් උදාවිය හැකි අතර කල් ගත වූ ණය මුදලක් හිමිවිය හැකි බව පෙනී යයි.

මිථුන

රැකියා කටයුතු සම්බන්ධ පූර්ණ අවධානය යොමුවන අද දින රැකියා ස්ථානයේ ප්‍රධානීන්ගේ ගෞරවයට ලක්වෙයි. ආදායම් තත්ත්වයේ සැලකිය යුතු ප්‍රගතියක් පෙන්නුම් කරන අතර නව ආයෝජන දියත් කිරීමට හැකිවන දවසකි. යුග දිවිය සතුටින් ගත කිරීමට ඉඩ ලැබේ.

කටක

රැකියා ස්ථානයේ වගකීම වැඩිවන අද දින ආර්ථිකයේ සුවිශේෂ වර්ධනයක් දක්නට ලැබේ. ව්‍යාපාරිකයන්ට නොසිතූ පරිදි ලාභ ලබාගත හැකිවන අතර අලුත් නිවසක් හෝ ඉඩමක් මිලදී ගැනීමේ හැකියාව පෙන්නුම් කරයි. අලුත් බලා‍පොරොත්තු ඇති කර ගන්නා දවසකි.

සිංහ

රාජකාරි මට්ටමෙන් විදෙස් ගතවීමට අදහස් කර සිටි අයට එම අපේක්ෂාවන් සාර්ථක කරගත හැකි අද දින තම අරමුණු අපේක්ෂා බොහොමයක්ම ඉටුවන බව පෙනී යයි. අධ්‍යාපන කටයුතු උසස් අන්දමින් කරගෙන යාමේ හැකියාව දක්නට ලැබෙන අතර ප්‍රභූවරයෙකුගෙන් විශේෂ උපකාරයක් ලබාගත හැකි දවසකි.

කන්‍යා

ජාතික කටයුතුවලදී සුළු සුළු බාධා කරදර ඇතිවිය හැකි අද දින ව්‍යාපාරිකයන්ට යහපත්ය. නීතිමය ප්‍රශ්නවලදී අවාසිදායක තත්ත්වයක් ගෙනදිය හැකි බව දක්නට ලැබෙන අතර ඉගෙනීමේ කටයුතුවලට යහපත්ය. පවු‍ලේ සාමාජිකයන් අතර මත ගැටුම් හටගන්නා දවසකි.

තුලා

ඔබ කරන කියන කටයුතුවලින් බලා‍පොරොත්තු වූ තරමට ප්‍රතිඵල නොලැබෙයි. රැකියා කටයුතුවල උදාසීන බවක් මතුවිය හැකි අද දින ව්‍යාපාරිකයන්ට ලාභ ලබාගත හැකි දවසකි. සාමාජීය කටයුතුවලින් ප්‍රශංසා ලැබිය හැකි බව පෙනී යයි. ගේදොර කටයුතු සාර්ථක වේ.

වෘශ්චික

ඔබේ වැඩ කටයුතු සම්බන්ධව පෙරට වඩා කිසියම් මට්ටමක උනන්දුවක් ඇති කරයි. රැකීරක්ෂා කටයුතුවල නව මුහුණුවරක් ඇති වේ. ව්‍යාපාරික කටයුතුවල සාර්ථකත්වයක් පෙන්නුම් කර අතර ගේ දොර කටයුතු යහපත්ය. ගෘහ ජීවිතය පී්‍රතිමත්ය.

ධනු

අධ්‍යාපන හෝ රැකියාව සඳහා විදෙස් ගතවීමට අපේක්ෂා කරන්නන්ගේ බලා‍පොරොත්තු ඉටුවිය හැකි අද දින උසස් අයගේ ආධාර උපකාර ලැබිමෙන් සිතේ සතුට හා උද්යෝගී භාවය ගෙනදෙන අතර අනපේක්ෂිත සිද්ධීන්වලට මුහුණ දීමට සිදුවිය හැකි දවසකි.

මකර

වැදගත් කටයුතු රාශියක් සාර්ථක කර ගැනීමට හැකිවන අද දින රැකියා හා වෙළෙඳ ව්‍යාපාර කටයුතුවල උසස් ප්‍රගතියක් පෙන්නුම් කරයි. ආර්ථිකයේ යහපත් තත්ත්වයක් උදාවන අතර උසස් හිත මිත්‍ර සබඳතා ඇති වේ. පවු‍ලේ සමගිය වර්ධනය වේ.

කුම්භ

රැකියාවේ නව නැම්මක් ඇතිවනු ඇත. වෙළ හෙළඳාම් ආදියෙන් ලාභ ප්‍රයෝජන අත්වෙයි. ආදායම් තත්ත්වය උසස් මට්ටමක තබා ගැනීමට හැකිවන අද දින අධ්‍යාපනයේ යෙදී සිටින සිසුවියන්ට යහපත් වන අතර ආගමික කටයුතු කෙරෙහි සිත යොමුවිය හැකි දවසකි.

මීන

රැකීරක්ෂා ක්ෂේත්‍රයෙහි සාර්ථක ප්‍රතිඵල උදාකර ගනී. ව්‍යාපාරිකයන්ට ලාභ ලබාගත හැකි අද දින නීතිමය ප්‍රශ්නයන්ට මැදිවීමේ ඉඩක් පවතී. තරග විභාග ආදියෙන් ජය ලැබිය හැකි අතර තම වගකීම් සම්බන්ධව දැඩි මිතුදමකින් ක්‍රියා කිරීමට යොමුවන බව පෙනී යයි. පවු‍ලේ සමගිය වර්ධනය වේ.

Loading...

2016 අගෝස්තු මස 22 වන සඳුදා - අද දවස ඔබට කොහොමද?

Post a Comment

Powered by Blogger.