Loading...
ග්‍රහ මණ්‌ඩලයේ කුඩාම ග්‍රහයා බුධ වුවත්, බුධහු ජන්මියාට අනර්ඝ සේවයක්‌ සලසයි. බුධ කොයි කාටත් සමාන සේවයක්‌ කරන ග්‍රහයෙකි. අධ්‍යාපන කටයුතුවලට, ලේඛන කලාවට, සංගීත, චිත්‍ර ශිල්පයට, බුධ ශුභව සිටීමෙන් යහපත් තත්ත්වයක්‌ උදාකර දෙයි. බුධ රවිට ආසන්නව ගමන් කරන නිසා මේ දෙදෙනා නිතර සංයෝග වීමෙන් නොමනා කටයුතු කිරීමෙන් වැළකේ. රවිගෙන් දුරස්‌ වී කුජ හෝ සිකුරු සමඟ බුධ සිටීමෙන් අයථා ක්‍රියාවලට ගොදුරු වෙයි. රවි අශුභ සිටින විට බුධ ග්‍රහයාටද ඒ තත්ත්වයම උදාවෙයි. 

බුධට කන්‍යා රාශියේ දී උච්ච හා ස්‌වකේෂත්‍ර බල දෙකම ඇතිවෙයි. කටක රාශියට සතුරු වන අතර මින රාශියට නීච වෙයි. බුධ ස්‌ව ක්‌ෂේත්‍ර වන්නේ මිථුන රාශියේදීමය. බුධ ග්‍රහයාට එක රාශියක ගමන් කිරීමට මාසයකට අඩු දින විසි ගණනක්‌ ගතවෙයි. නමුත් රාශියේ අගට ගොස්‌ වක්‍රවී නම් එකී රාශියේම ගමන් කිරීමට මාස 02 කට අඩු හෝ වැඩි දින ගණනක්‌ ගත වෙයි. බුධ 2016 සැප්තැම්බර් 01 දා වක්‍ර වේ. පසුගිය 19 දා සවස 05.16 ට බුධ කන්‍යා රාශිගත විය. සැප්තැම්බර් 01 දා වක්‍රවී 09 දා සිට සිංහ රාශියේ ගමන් කරයි. යළි නිවෘත වන්නේ 22 වැනිදාය. කන්‍යා රාශියට බුධ පිවිසීමෙන් "විදුරවි" යෝගය යෙදෙයි. උච්ච බලය හා ස්‌ව ක්‌ෂේත්‍ර බලයන් ලැබීමෙන් කන්‍යා රාශියේදී බුධ ස්‌ව උච්ච බලයෙන් පිදුම් ලබයි. මෙම යෝගය නිසා දැනුම, බුද්ධිය හොඳින් ඇති වේ. ධාරණ ශක්‌තිය ඉතා ප්‍රබලයි. භාෂා හා ශාස්‌ත්‍රීය දැනුම ලබයි. ඉගෙනීම් කටයුතුවල නිරත අයට ඉතාමත් ශුභ කාලයකි. නිරහංකාරයි. ආඩම්බර නොවේ. සිතීමට දක්‌ෂයි. ඥන ශක්‌තිය හොඳින් පවතී.

බුධ ග්‍රහයා සමඟ ගුරුද (බ්‍රහස්‌පතී) කන්‍යා රාශියේ ගමන් කරන අතර 2016.08.25 සිට සිකුරුද බුධ සමඟ සංයෝග වෙයි. සිකුරුට කන්‍යා රාශිය නීච වන අතර ගුරුට කන්‍යාව සතුරු වේ. සතුරු නීච ග්‍රහයන් දෙදෙනකුට මැදිව බුධ ගමන් කිරීම ඔබේ ලග්නයට බලපාන්නේ මෙසේය.

මේෂ ලග්නය - තුන්වැන්නාධිපති බුධ 06 වැන්නේ සිටීමෙන් දේපළ පිළිබඳ වැඩි ආශාවක්‌ උනන්දුවක්‌ දක්‌වයි. සහෝදරාදීන් සමඟ සහයෝගය අඩු වේ. බුධ ග්‍රහයා සිකුරු සමඟ සිටින නිසා සෙම් රෝග, මුත්‍රා ආබාධ, වකුගඩු ආබාධ ඇතිවිය හැකිය. ගුරු සමඟ බුධ සිටීමෙන් ධනය ලැබෙයි. මූල්‍ය ලාභ ලබයි. සකසුරුවම පවතී.

වෘෂභ ලග්නය - 05 වැන්නේ බුධ ගමන් කිරීමෙන් අන් අයට උදව් උපකාර කිරීමට ඉදිරිපත් වෙයි. ගණිත මිණිත විෂයන්ට දක්‍ෂයි. ආලය පිළිබඳ අදහස්‌ ඇති කරගනී. අධ්‍යාපන කටයුතුවල නිරත අයට ඉතා ශුභයි. අවිවාහක අයට විවාහ කටයුතු සාර්ථක විය හැක. ලේඛන කලා කටයුතුවලින් ප්‍රයෝජන ලබයි. හෘද රෝග වැළඳිය හැකියි. දරුවන්ට ශුභදායකයි. 

මිථුන - දියුණු ඥති මිත්‍රයන් ආශ්‍රයට ලැබෙයි. දේපළ සැප සම්පත් හොඳින් ලැබෙයි. අලංකාර ගෙයක වාසය පමුණුවයි. නිවාස ලාභ ලබයි. සාහිත්‍ය කලා කටයුතුවලින් ප්‍රයෝජන අත්වෙයි. ගුණ යහපත් බවින් හා සදාචාර සම්පන්නව කටයුතු කරයි. ආලය මත විවාහය සිදු වේ. වාසනාවන්ත දරුවන් ලැබෙයි. පියාට තරමක්‌ අපල යෙදිය හැකිය.

කටක ලග්නය - 03 වැන්නේ බුධ ගමන් කිරීමෙන් ගණකාධිකරණ කටයුතුවලට දක්‍ෂ වේ. උසස්‌ ශාස්‌ත්‍රීය අවබෝධයක්‌ ලබයි. අසරණ අයට පිහිට වෙයි. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට යහපත් කාලයකි. විවාහ ජීවිතයේ ගැටලු ප්‍රශ්න ඇති වේ. සමාජ සේවා කටයුතුවල යෙදෙයි. දුරදිග සිතා මතා කටයුතු කරයි. උත්සාහවන්තකම නිසා දියුණුව සලසා ගනී.

සිංහ ලග්නය - කතාවට දක්‍ෂයි. විවාහ ජීවිතය යහපත් අයුරින් ගතවෙයි. තමාගෙන් අන් අයට සේවා සැපයෙයි. ධනවත් වේ. ඉගෙනීම් කටයුතු හොඳින් කරගනී. දැන උගත් අයකු ලෙස කටයුතු කරයි. සෙංගමාලය, උගුරේ ආබාධ ඇති විය හැකියි. ඥනවන්ත දරුවන් ලබයි. කතාවෙන් ජය ගනී, අන් අයට උපදෙස්‌ දීමට දක්‍ෂයි. 

කන්‍යා ලග්නය - බුධ ලග්නගතව ගමන් කරයි. තැන්පත්ය. ශාස්‌ත්‍රීය කටයුතුවලින් උසස්‌ තත්ත්වයක්‌ හිමි කරගනී. පහත් ක්‍රියා නොකරයි. එහෙත් සිකුරු සමඟ සිටින කාලයේදී අනවශ්‍ය සම්බන්ධතා ඇති කරගනී. විවාහ ජීවිතයේ ප්‍රශ්න ඇති කරගනී. දුරදිග සිතා මතා කටයුතු කරයි. ඉවසීම තිබේ. මොනම දේකටවත් ඉක්‌මන් නොවෙයි. 

තුලා ලග්නය - සිකුරු සමඟ බුධ ගුරු 12 වැන්නේ සිටින විට විනෝදයට එතරම් කැමැත්තක්‌ නොදක්‌වයි. එහෙත් පහත් රුචිකත්වයට යොමුවිය හැකිය. ත්‍යාගශීලී වේ. දුර බැහැර අය සමඟ හිතවත්කම් ඇති කර ගනී. ශරීර සෞඛ්‍ය තත්ත්වය (ලෙඩ රෝග) සඳහා මුදල් වැය වේ. කිසියම් නිධන්ගත ආබාධයක්‌ මතුවිය හැකිය. රට තොට සමාජය ගැන දැනුම ලබයි. 

වෘශ්චික ලග්නය - 11 වැන්නේ බුධ ගමන් කිරීම තමන්ට ඉතා ශුභයි. අපල උපද්‍රවවලින් මිදේ. කතාවෙන් ජයගනී. ග්‍රන්ථකරණය, ලේඛන කලාව ප්‍රගුණ කරයි. ගුරු සමඟ බුධ සිටීමෙන් අධ්‍යාපන කටයුතුවල නියෑළී සිටින අයට ඉතා ශුභයි. ආශ්‍රය කරන අය සමඟ හිතවත්කම් තහවුරු කරගනී. ප්‍රේම සබඳතාවක්‌ මත විවාහය සිදු කරගනී.

ධනු ලග්නය - කතාවට දක්‍ෂය. දැනුම බුද්ධිය හොඳින් පවතී. ලේඛන කලාවෙන් ප්‍රසිද්ධියට පත්වේ. රැකියා කරන ස්‌ථානයේ ප්‍රධානත්වය ලබයි. රැකියා නැති අයට රැකියා අවස්‌ථා උදා වේ. දරුවන්ට අපලයි. ව්‍යාපාර කටයුතුවල යෙදී සිටින අයට යහපත්ය. සිකුරු සමඟ බුධ සිටීමෙන් නීච භංග රාජ යෝගය යෙදෙන නිසා ඔබට ශුභ ඵල උදා වේ. 

මකර ලග්නය - 09 වැන්නේ බුධ, ගුරු, සිකුරු සිටින කාලයේ දී නිරායාසයෙන් දියුණුව උදාවෙයි. උසස්‌ උදවිය ආශ්‍රයට ලැබේ. අසරණ අයට පිහිට වෙයි. ආගම දහම කෙරෙහි ලැදියාවක්‌ ඇති වේ. දුර බැහැර ගමන් යෙදෙයි. සහෝදරාදීන්ට සලකයි. බාහිර අලංකරණයට විනෝදයට එතරම් කැමැත්තක්‌ නොදක්‌වයි. කම්සැප විඳීම අඩුයි. ලෞකික සැප හීනයි.

කුම්භ ලග්නය - ගුණ නුවණින් යුක්‌තය. ඇසූ පිරූ තැන් ඇති අයකු ලෙස කටයුතු කරයි. ඉගෙනීම් කටයුතුවල යෙදී සිටින අයට කරදර බාධක යෙදිය හැකිය. රෝග පීඩා පහසුවෙන් වැළඳේ. සහකරුට සහකාරියට අපල ඇති කරයි. උණ, උෂ්ණ රෝග වැළඳෙයි. මවගේ ආදරය ලබයි. රහස්‌ ගුප්ත කටයුතුවලින් ප්‍රයෝජන අත්කර ගනී.

මීන ලග්නය - ගුරු සමඟ බුධ සිකුරු 07 සිටින කාලය තුළ සමාජ කටයුතු ප්‍රිය කරයි. ව්‍යාපාරවල නිරත අයට ශුභයි. අවිවාහකයන්ට විවාහය කල්යැමට පුළුවනි. විවාහ ජීවිතය ගෙවන අයට කරදර මතභේද ඇති වේ. අනවශ්‍ය සම්බන්ධතාවක්‌ ඇති කර නොගනී. සාහිත්‍ය කලා කටයුතුවලින් ප්‍රයෝජන අත් වේ. උගතෙකු ලෙස ප්‍රසිද්ධියට පත්වේ. 

ජ්‍යෙතිෂවේදී 
ආර්. එම්. ටී. බී. රත්නායක
දිවයින

Loading...

ග්‍රහ මණ්‌ඩලයේ කුඩාම ග්‍රහයා බුධ වුවත්, බුධහු ජන්මියාට අනර්ඝ සේවයක්‌ සලසයි. බුධ කොයි කාටත් සමාන සේවයක්‌ කරන ග්‍රහයෙකි. අධ්‍යාපන කටයුතුවලට, ලේඛන කලාවට, සංගීත, චිත්‍ර ශිල්පයට, බුධ ශුභව සිටීමෙන් යහපත් තත්ත්වයක්‌ උදාකර දෙයි. බුධ රවිට ආසන්නව ගමන් කරන නිසා මේ දෙදෙනා නිතර සංයෝග වීමෙන් නොමනා කටයුතු කිරීමෙන් වැළකේ. රවිගෙන් දුරස්‌ වී කුජ හෝ සිකුරු සමඟ බුධ සිටීමෙන් අයථා ක්‍රියාවලට ගොදුරු වෙයි. රවි අශුභ සිටින විට බුධ ග්‍රහයාටද ඒ තත්ත්වයම උදාවෙයි.

Post a Comment

Powered by Blogger.