Loading...
ඉර උදාව - පෙරවරු 06:05 ට
ඉර බැසීම - පස්වරු 18:27 ට
රාහු කාලය
දිවා 10:42 සිට 12:14 දක්වා.
රාත්‍රී 22:46 සිට 00:14 දක්වා.
සුභ දිශාව - උතුර
මරු සිටින දිශාව - ගිණිකොන

මේෂ ලග්නය

ඔබ දියුණුව සඳහා සිත යොමු කලත් එම කටයුතු සිදු කරගෙන යාම සඳහා අනපේක්ෂිත බාධා ඇති විය හැකි බවක් පෙන්නුම් කරනවා. එමනිසා අද දිනයේ උදෑසන සිටම නිසි සැලසුමකට අනුව කටයුතු කිරීමට වගබලා ගන්න. ගේ දොර අයගේ අසනීප තත්වයන් වෙනුවෙන් මහන්සි වීමට සිදු වේ.

වෘෂභ ලග්නය

වෘෂභ ලග්න හිමි ඔබට අද දිනයේදී තමන්ගේ යහපතට, යුග ජීවිතයට ඉතාමත්ම සාර්ථක දවසක් ලෙසින් හඳුන්වන්නට හැකියාව පවතිනවා. විශේෂයෙන්ම අද දිනයේදී වෘෂභ ලග්න හිමියන්ට තමන් කරන කියන කටයුතු මෙන්ම කරන්නට බලාපොරොත්තු වන කටයුතුද සාර්ථක ලෙස සිදු කරගත හැකියි.

මිථුන ලග්නය

ඔබ අද දිනයේදී දැනුම මිනුම හැකියා දක්ෂතා පෙරදැරි කරගෙන සිදු කරනු ලබන කටයුතු ඉතාමත්ම සාර්ථක වනු ඇත. රැකි රක්ෂා බලාපොරොත්තු වූ අය‍ට අද දිනයේදී තමන්ගේ අරමුණු බලාපොරොත්තු සාර්ථක කරගැනීමටත් හැකියාව පවතිනවා. යුග ජීවිතය ආශ්‍රිත කටයුතු වලදී ඉවසීම ඉතාමත්ම වැදගත්.

කටක ලග්නය

දුරදිග නොසිතා ගනු ලබන තීන්දු තීරණ අද දවසේ ඔබට බාධා ඇති කරන්නට පුළුවන්. එමෙන්ම ඔබ කරගෙන යනු ලබන කටයුතු වලට නොයෙකුත් බාධා ආදියද මතු වන්නට හැකියාව පවතිනවා. කටක ලග්න හිමියනට තෙවන පාර්ශවයන්ගෙන් බාධා කරදර ඇති වීමේ ඉඩකඩක් ඇත.

සිංහ ලග්නය

අද දිනය ඔබට උදා වී පවතින්නේ පංචමහා පුරුශයෝගයක් වන රුචක යෝගයක් ද උදා කරවමින්. එමෙන්ම අනුවනකම් බව දැන දැනත් අනුවනකම් සිදු කරන දිනයක් ලෙසින් අද දිනය හඳුන්වන්නට පුළුවන්. බුද්ධිමත්ව, උපයශිලිව කටයුතු කිරීම ඉතාමත්ම වැදගත්. රැවටීම්, මුලාවේ වැටීම් වලට හසුවන්නට හැකියාව ඇත.

කන්‍යා ලග්නය

වසර 12 කට පසු බ්‍රහස්පති ඔබගේ ලග්නයට ප්‍රවේශ වීම මත විශේෂයෙන් අද දිනයේදී ඔබ තමන්ගේ කටයුතු වලට වඩා අන් අයගේ කටයුතු වෙනුවෙන් වැඩි වශයෙන් කැප වන ආකාරයක් දක්නට ලැබෙනවා. ඔබට පෞද්ගලික දියුණුවට බාධා කරදර ඇති කරවන්නට පුළුවන්. ඒ නිසා උදෑසන සිටම කටයුතු දියත් කලහොත් සාර්ථකත්වය ඇති වේ.

තුලා ලග්නය

අද දිනයේදී තුලා ලග්න හිමියන්ට නිෂ්ඵල වියපැහැදම් ඇති වීමේ ඉඩකඩක් පවතිනවා. එම නිසා අනවශ්‍ය වියදම් උදෑසන සිටම අවම කරගතහොත් තිබෙන්නාවූ අවහිරතාවයන් පහසුවෙන් මගහැරවාගන්නට හැකියාව පවතිනවා. අද දිනයේදී ඔබගේ සෞඛ්‍ය පීඩාවන් ඉතාමත්ම ඉහල මට්ටමකට ඇති කරවන්නට හැකියාව පවතිනවා.

වෘශ්චික ලග්නය

ඔබට ලැබීම් අතින් ඉතාමත්ම යහපත් කාලයක් උදා වුවත් බොහෝ විට ඒ ලැබෙන්නාවූ දේවල් ඒවා ආරක්ෂා කරගැනීමේ දුර්වලතා ඇති වන්නට හැකියාව පවතිනවා. එමනිසා අද දිනයේදීත් උදෑසන සිටම නිසි සැලසුමකට අනුව කටයුතු කිරීම ඉතාමත්ම වැදගත් බව මතක තබාගන්න. මානසික පීඩා ඇති කරවයි.

ධනු ලග්නය

බොහෝ විට තමාගේ රැකියාවේ දියුණුව සඳහා උසස් අය සමග සතුටු සාමිච්චියේ යෙදෙන ආකාරයක් දක්නට ලැබෙනවා. ඔබට ඉතාමත්ම යහපත් දිනයකි. එමෙන්ම තමන්ගේම කටයුත්තක් ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් සිටින ඔබට ඉතාමත්ම යහපත්.

මකර ලග්නය

අද දිනය ඔබට ඉතාමත්ම සුවිශේෂී දිනයකි. අද දවසේ විශේෂයෙන්ම මකර ලග්න හිමියන්ට ඉතාමත් ශුභයි. මෙතුවක් කල් ඔබට කරගැනීමට නොහැකිව තිබු කටයුතු ඔබට සාර්ථක කරගැනීමට හැකියාව පවතිනවා. ඔබට උදරාගත ආබාධ ඇති වීමේ ඉඩකඩක් පවතින බැවින් සැලකිලිමත් වන්න.

කුම්භ ලග්නය

කුම්භ ලග්න හිමියන්ට තමන් කරන කියන කටයුතු වලට අන් අයගේ බාධා කිරීම් ආදිය ඇති විය හැකියි. එමෙන්ම අස්ථාන චෝදනා ආදිය ඇති වීමේ ඉඩකඩක් පවතිනවා. විශේෂයෙන්ම ඔබ සිදු කරන කටයුතු ඉතාමත්ම වගකීමෙන් සහ සැලකිලිමත්ව සිදු කිරීම ඉතාමත්ම යෝග්‍යයි. මස්පිඬු ආශ්‍රිත රෝග පිඩා ඇති විය හැක.

මීන ලග්නය

ඔබ බාහිර අලංකාරයට විශේෂිත වූ උනන්දුවක් දක්වනු ඇත. එමෙන්ම ඔබට තිබුනාවූ මානසික පිඩා කරදර ස්වභාවයන් අද දවසේ ඔබට පහසුවෙන් මගහරවාගැනීමේ හැකියාවක් පවතිනවා. විදේශගත ගමන් බිමන් පිලිබඳ බලාපොරොත්තු සඵල වේ. උගුර සහ කන් ආශ්‍රිත රෝග ඇති විය හැක.

Loading...

2016 අගෝස්තු මස 12 වන සිකුරාදා - අද දවස ඔබට කොහොමද?

Post a Comment

Powered by Blogger.