Loading...
ඉර උදාව - පෙරවරු 06:05 ට
ඉර බැසීම - පස්වරු 18:27 ට
රාහු කාලය
දිවා 13:47 සිට 15:21 දක්වා.
රාත්‍රී 01:41 සිට 03:08 දක්වා.
සුභ දිශාව - උතුර
මරු සිටින දිශාව - දකුණ

මේෂ ලග්නය

ගුරු මාරුවත් සමග මේෂ ලග්නයෙන් උපන් ඔබටනම් තරමක් අශුභ කාලපරිච්චේදයක පෙරනිමිති උදාව පවතිනවා. එමෙන්ම ඔබගේ වියදම් පාර්ශවය ඉහල යන ආකාරයක්ද දක්නට ලැබෙනවා. තමන්ගේ සතුට සහ තමන්ගේ ඉදිරි දියුණුව වෙනුවෙන් තමන් අපේක්ෂා කරන ආකාරයෙන් සාර්ථකත්වය ලඟා කරගැනීම අපහසුයි.

වෘෂභ ලග්නය

ගුරු මාරුවත් සමග ඔබට අද දිනය ඉතාමත්ම යහපත් දිනයකි. ඔබ බලාපොරොත්තු නොවුන ආකාරයේ වාසි සහගත අවස්තාවන් රැසක් උදා කරගැනීමේ හැකියාව පවතිනවා. පසුගිය දිනවල අත්හැරදමා තිබු කටයුතු නවතාවයකින් යුතුව ආරම්භ කිරීමට හැකි ආකාරයක් දක්නට ලැබෙනවා. වාසනාවන්ත කාලයකි.

මිථුන ලග්නය

සුරගුරු ඔබට මුදල් පිළිබඳව වැඩි අවධානයකින් කටයුතු කල යුතු කාලයක් උදාපත් කර පවතිනවා. අනවශ්‍ය වියදම් පාර්ශවය කපා හැර තමන්ගේ ආර්ථිකය ශක්තිමත් කරගන්නට අවධානය යොමු නොකළහොත් ණය තුරුස් ඇති වීමට අවධානමක් ඇත. එමෙන්ම ණය ගෙවාගැනීමට නොහැකි තත්වයක් පවා විය හැක.

කටක ලග්නය

සුරගුරු ඔබගේ ලග්නයට තරමක් සෞඛ්‍ය පිඩා ඇති කරවන්නට හැකියාව පවතිනවා. එමනිසා ඔබගේ සෞඛ්‍ය පිළිබඳව වැඩි අවධානයක් ලබා දී කටයුතු කිරීම ඉතාමත්ම වැදගත්. එමෙන්ම ස්ථානය හෝ පදිංචිය පිළිබඳව කාරනා වලදී යම් ආකාරයක අර්බුධකාරී තත්වයක් උදා වන්නට පුළුවන්.

සිංහ ලග්නය

ඔබට සුරගුරු බලපෑම් කරන්නේ ඉතාමත්ම යහපත් ආකාරයටයි. එමෙන්ම ගරු නම්බු නාම ආදිය ලබාගැනීමට මෙන්ම මිල මුදල් ආදිය ලබාගැනීමට ද ඔබට හැකියාව පවතිනවා. එමෙන්ම යහපත් රැකි රක්ෂා ආදිය ලබාගැනීමට ද පුළුවන් කමක් පවතිනවා. අලුත් තත්වයේ උසස් වීම් ආදිය ලබාගැනීමට හැකියාව ඇත.

කන්‍යා ලග්නය

සුරගුරු මාරුවත් සමග ඔබට තරමක් සැලකිලිමත් විය යුතු කාලයකි උදා වී පවතිනවා. අලුත් රැකි රක්ෂා කටයුතු සෙවීමට උත්සාහ නොකළ යුතු කාලයක් මෙන්ම කරගෙන යන රැකියා කටයුතු තරමක් සැලකිල්ලකින් යුතුව කටයුතු කල යුතුයි. අන් අයව විශ්වාස කරමින් සිදු කරන කටයුතු වලින් පාඩු ඇති වේ.

තුලා ලග්නය

ඔබට සුරගුරු බලපෑම් කරනුයේ ලග්න ඒරාෂ්ඨකයක පිඩාකාරී තත්වයද උදා කරවමින්. මෙයත් සමගම ඔබට වියදම් පාර්ශවයේ යම්කිසි වැඩි වීමක්ද දක්නට ලැබෙනවා. සෞඛ්‍ය පිඩා ස්වභාවයක්ද ඇති කරවනවා. ගමන් බිමන් අධික වන ආකාරයක් දක්නට ලැබෙනවා. විඩාබර ගති ලක්ෂණ ඇති කරයි.

වෘශ්චික ලග්නය

වෘශ්චික ලග්නයෙන් උපන් ඔබගේ රැකි රක්ෂා කටයුතු වල පැහැදිලි වෙනසක් ඇති කරවනවා. නවතම ව්‍යාපාරික කටයුතු පිලිබදව අවධානය යොමු කරවනවා. එමෙන්ම එවැනි කටයුතු වලින් ලාභ ලබාගැනීමේ හැකියාවක්ද පවතිනවා. මිතුරුකම් හරහා ඔබට ආර්ථික වාසි ලබාගත හැකියි. සැප සම්පත් ඇති වේ.

ධනු ලග්නය

ගුරු මාරුව හරහා ඔබට මිශ්‍ර ඵල ඇති කරන ආකාරයක් දක්නට ලැබෙනවා. උසස් නිලධාරින් සමග සිදු කරන ගනුදෙනු කිරීම් වලදී වඩාත් නම්‍යශීලි ආකාරයෙන් කටයුතු කල යුතුයි. ගමන් බිමන් යාමේදී ඔබ ඔබේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කල යුතුයි. කල්පනාකාරී නොවුනහොත් පාද ආශ්‍රිත රෝගාබාධ ඇති වීමේ හැකියාවක් පවතිනවා.

මකර ලග්නය

ගුරු මාරුවත් සමග ඔබට ඉතාමත්ම යහපත් කාලයක් උදා වී පවතිනවා. විදේශගත සම්බන්ධතා වර්ධනය කරගැනීමට මෙන්ම විදේශගත වීම සම්බන්ධයෙන් පැවැති බලාපොරොත්තු සාර්ථක කරගැනීමට හැකියාව පවතිනවා. උසස් අධ්‍යාපනික කටයුතු දියුණු පමුණු කරගැනීමට හැකියි.

කුම්භ ලග්නය

ඔබටනම් හවුල් ව්‍යාපාර කටයුතු වලින් යම්කිසි ආකාරයක බලපෑමක් ඇති කරවන්නට හැකියාව පවතිනවා. හවුල් ව්යාපාර කටයුතු වල යම්කිසි චංචල ආකාරයක් ඇති කරවන්නට හැකියි. සුළු සුළු බාධාකිරීම් ඇති කරවනවා. පවුලේ කටයුතු වලදී ඉවසීම රැකගැනීම ඉතාමත්ම වැදගත්.

මීන ලග්නය

ඔබගේ බොහෝ කටයුතු පහසුවෙන්ම සාර්ථක කරගන්නට හැකියාව පවතිනවා. ඔබගේ කල් පසුවුණ විවාහ සම්බන්ධතා සාර්ථක කරගැනීමටද හැකියාව පවතිනවා. එම සම්බන්ධතා ශක්තිමත් කරගැනීමටද හැකියාව පවතිනවා. තරමක් මුරණ්ඩු ගති ස්වභාවයක්ද ඇති වීමට ඉඩකඩක් පවතිනවා.

Loading...

2016 අගෝස්තු මස 11 වන බ්‍රහස්පතින්දා - අද දවස ඔබට කොහොමද?

Post a Comment

Powered by Blogger.